• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පෙර අකුසල් බුදුන්ටත් බලපෑවාද?

November 9, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
පෙර අකුසල් බුදුන්ටත් බලපෑවාද?
Share on WhatsAppShare on Facebook

‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි’ යනුවෙන් සිතිවිල්ල මුල් කරගෙන කර්මය උපදින බව බුදුන් වහන්සේ දේශනා කළහ.
මෙහි කර්මය යනු ක්‍රියාවයි. අප කරන ඕනෑම ක්‍රියාවක සිතිවිල්ලක් මුල් කර ගත්තේ නම් එම ක්‍රියාව සඳහා ප්‍රතිවිපාක අපට විඳින්නට සිදුවේ.
ලොව්තුරා බුදුරදුන්ටත් පෙර අකුසල් කර්මයන් විපාක ලබාදුන් අවස්ථාවන් බුද්ධ චරිතයෙන් දක්නට ලැබේ. එම විවිධ කර්මයන් විපාක දුන් අවස්ථාවන් මෙසේයි.
බුදුරජාණන් වහන්සේට සය අවුරුද්දක් අප්‍රමාණ දුෂ්කර ක්‍රියාවෙහි යෙදෙන්නට සිදුවිය. ඒ සඳහා හේතු වූ අකුසල කර්මය නම්,
ඉහත ආත්ම භවයකදී අප බෝධි සත්වයාණන් කාශ්‍යප බුදුරදුන් කල ජෝතිපාල නම් මානවකයකු ලෙස ඉපිද සිටින කාලයේදී කාශ්‍යප සම්බුදුන් දැක “මේ මුඩු ශ්‍රමණයාට බුදු බව කොයින්ද” යන ලෙස බැණ වැදී ඇත.

එම කරන ලද කර්මය හේතුකොටගෙන බුදුරජාණන්වහන්සේට බුදු බව ලබන්නට සය අවුරුද්දක්ම දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වූ බව අපදාන අටුවාවෙහි සඳහන් වේ.

  • චිංචි මානවිකාව වැනි කාන්තාවන්ගෙන් බුදු රජුන්ට අපහාස චෝදනා එල්ලවිය. ඒ සඳහා බලපෑ අකුසල කර්මය විමසීමේදී,
    අප බෝධිසත්වයාණන් එක් ආත්මයක ශුද්‍ර කුලයක මුනාලි නම් ධූර්තයෙක්ව ඉපිද අප්‍රසිද්ධව වෙසෙන ලදී. දිනක් සුරභි නම් පසේ බුදුරජාණන් වහන්සේ යම් කරුණක් විමසා දැනගැනීමට මොහු කරා පැමිණෙයි. “මේ ශ්‍රමණයා දුශ්ශීලයෙකැයිද පවිටු අදහස් ඇත්තෙකැයි” යනුවෙන් ද බැණ වැදිණි. එම කර්මයේ ප්‍රතිඵලය වශයෙන් අප බුදුරජාණන් වහන්සේට චිංචිමානවිකාව වැනි කාන්තාවන්ගේ අපහාසයට ලක්වීමට සිදුවිය.
  • සුන්දරී පරිබ්‍රාජිකාවගෙන් බුදුරජාණන්වහන්සේට අපහාසයන් චෝදනාවන් සිදුවිය. එවැනි චෝදනාවන් අපහාසයන් බුදුරදුන්ට එල්ල වීමට බලපෑ අකුසල කර්මයක් ඇත.
    එනම් බෝධිසත්වයන් ඉහත එක් ආත්මභවයකදී මුනාලි නම් ධූර්තයෙක්ව ඉපිද, පාප මිත්‍ර සේවනය නිසා සුරභි නම් පසේ බුදුරජාණන් වහන්සේ දැක “මේ භික්ෂුව දුශ්ශීල ඇත්තෙකැයිද පවිටු අදහස් ඇත්තෙක්කැයි” බැණ වැදී තිබේ. එම කරන ලද කර්මයේ විපාකය වශයෙන් සුන්දරී පරිබ්‍රාජිකාවගෙන්ද, තීර්ථකයන්ගෙන්ද නොයෙක් අපහාස උපහාසයන්ට බුදුරජාණන් වහන්සේට ලක්වෙන්නට සිදු විය.
    එපමණක් නොව සුන්දරී පරිබ්‍රාජිකාවගේ මරණය බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන්වහන්සේට සිදු කරන ලදැයි චෝදනාවන් ලබන්නට බලපෑ අකුසල කර්මයක් විය.
    අප මහා බෝධිසත්වයන් එක් ආත්මයක බ්‍රාහ්මණ කුලයක ඉපිද පන්සියයක් මානවකයන්ට වේදය උගන්වමින් හිමවත් පව්වෙහි ජීවත්වෙන ලදී. දිනක් එතැනට පැමිණි අෂ්ට සමාපත්ති තාපසයන් දැක ඉරිසියාව මූලික කොටගෙන එම තාපසයන්ට දුරාචාරයේ යෙදෙන තැනැත්තෙකැයි බැණවදින ලදී. ඔහුගේ අතවැසියන්ද මෙම අෂ්ට සමාපත්තිලාභී තාපසයන්ට බැණ වැදීය.
    මෙම කර්මය හේතු කොටගෙන සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට මෙවැනි චෝදනාවක්, නින්දා අපහාස එල්ල විය.
  • දෙව්දත් තෙරුන් යනු බුදුරජාණන් වහන්සේට අනේකවිධ හිරිහැර යෙදූ භික්ෂුවකි. නාලාගිරි ඇතු බුදුරජාණන් වහන්සේ වෙත දෙව්දත් තෙරුන් මෙහෙය වීමට හේතු වූ අකුසල කර්මයක් විය.
    බෝධිසත්වයන් පෙර එක් ආත්ම භවයකදී ඇත් ගොව්වකු ලෙස උපන් සේක. එක් දිනක් ඇතුපිට නැඟ මහමඟ යන විට පසේ බුදුන් වහන්සේ නමක් දැක “මේ ශ්‍රමණයා කොහි යන්නේ” දැයි බැණ වදිමින් ඇතුට පහරක් ගසා පසේ බුදුරජාණන් වහන්සේ දෙසට මෙහෙය වීය.
    එම කරන ලද අකුසලයේ විපාකය වශයෙන් දෙව්දත් තෙර නාලාගිරි ඇතුන් රා පොවා බුදුරදුන් දෙසට මෙහෙය වීය.
  • ගල් පතුරක් වැදීමෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයෙහි ලේ සෙලවීමක් සිදුවිය. ඒ සඳහා බලපෑ අකුසල කර්මය නම්,
    බෝධිසත්වයන් පෙර එක් ආත්මයක පසල් දනව්වක රජකුව ඉපිද පාප මිත්‍ර සේවනය නිසාවෙන් සූදුවට ලොල්වී ඔහු සාහසික වීමයි.
  • බුදුරජාණන් වහන්සේට දරුණු හිසරදයක් විය. එම හිසරදය ඇතිවීමට බලපෑ අකුසල කර්මයක් තිබේ. එනම්,
    බෝධිසත්වයන් පෙර එක් ආත්මයකදී ධීවර ගමක ධීවරයකුගේ පුතකුව උපදින ලදී. දිනක් ඔහු එම මසුන් මරන ස්ථානයට ගොස් මසුන් මැරීම දැක සතුටු විය. එම කර්මයට ප්‍රතිඵලයක් ලෙස බුදුරජාණන් වහන්සේට හිසරදයක් පැවතිණි. එම ධීවර පිරිස විදූඩභ සංහාරයෙන් මියගිය බව අටුවාවෙහි සඳහන්වේ.
  • වේරන්ජාවේදී බුදු රජාණන්වහන්සේට තුන් මසක් යවහාල් වළඳන්නට සිද්ධවිය. ඒ සඳහා බලපෑ අකුසල කර්මය විමසා බැලීමේදී,
    බෝධිසත්වයන් පෙර එක් ආත්මයක එක්තරා කුලයක ඉපිද, ජාතියෙන් අඳබල හෙයින් දිනක් ඵුස්ස නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන්වහන්සේලා සමඟ සුවඳ මධුර ඇල් හාලෙ බත් වළඳන අවස්ථාවේදී. “බොල මුඩු මහණ ඇල් හාලේ බත් අනුභව නොකරපිය, යවහාල්ම කාපිය” යනුවෙන් අපහාස කරන ලද කර්මයේ විපාකය නිසා තුන්මසක් වේරන්ජාවේදී බුදුරජාණන් වහන්සේට යවහාල් වළඳන්නට සිදුවිය.
  • බුදුරජාණන් වහන්සේට පිටෙහි රුජාවක් විය. ඒ සඳහාත් බලපාන ලද්දේ පෙර ආත්මයකදී කරන ලද අකුසල කර්මයකි. ඒ අකුසලය නම්,
    බෝධිසත්වයන් පෙර එක් ආත්මයකදී ඉතා හැඩි දැඩි මල්ලව පොර ශූරයකු විය. අන් අයට වඩා මිටි වුවද මල්ලව පොර ඇල්ලීමෙහි දක්ෂයකු විය. දිනක් බෝධිසත්ව මල්ලවයන් විසින් හැඩි දැඩි මල්ලව පොර ශූරයකු ඔසවා බිම හෙළා කොඳු ඇට බිඳ හෙළන ලදී.
    එම කරන ලද අකුසලයේ ප්‍රතිඵලයක් ලෙස බුදුරජාණන් වහන්සේට පිටෙහි රුජාවක් හටගෙන ඇත.
  • බුදු රජාණන්වහන්සේට රක්තාතිසාරය වැලඳී ගිලන් විය. ඒ සඳහා බලපාන ලද අකුසල කර්මය කුමක්ද යන්න විමසා බැලීමේදී,
    බෝධිසත්වයන් පෙර එක් ආත්ම භවයකදී දක්ෂ වෙදැදුරකු විය. රෝගයකින් පෙළෙන සිටු කුමරෙක් ඖෂධ ලබාගැනීමට පැමිණිය විට ඔහුට පිළියම් කරන්නට යෙදුණු නමුදු සුවවූ විට පොරොන්දුව ඉටු නොකිරීම නිසාවෙන් විරේක බෙහෙතක් දෙන ලදී.
    ඒ සිදුකරගත්තාවූ අකුසල කර්මයේ ප්‍රතිඵලයක් ලෙසට බුදුරජාණන් වහන්සේට ලේ අතීසාරය (ලෝහිත පක්ඛන්දිකා) නම් රෝගයට ගොදුරු වීමට සිදු විය.
    මේ කරුණු තුළින් පැහැදිලි වනුයේ කර්මය කොයිතරම් නම් ප්‍රබලද යන්නයි. කුමන ආත්ම භවයකදී වුවද අප කරගත්තාවූ කර්මයන්ට විපාක විඳින්නට සිදුවන බව නියතය. එනිසාවෙන් අකුසල කර්ම සිදු නොකරගෙන කුසල් ජීවිතයට එකතු කරගත යුතුය. ධර්මයෙන් ජීවත් විය යුතුය. “ධම්මො හවේ රක්ඛති ධම්මචාරී ” එවිට ධර්මය විසින්ම අපව ආරක්ෂා කරනු ලබයි.

    කාංචනා මධුවන්ති රත්නායක
SendShareShare
Previous Post

බිංගෙවල් දෙකක් මැද තනිවුණ මීනගල්ල

Next Post

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත. Sri Lanka Latest...

Read more
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.