• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පන්දහසක් සමඟ බුදුන් සරණ ගිය ආම්බේඩ්කර්

January 22, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
පන්දහසක් සමඟ බුදුන් සරණ ගිය ආම්බේඩ්කර්
Share on WhatsAppShare on Facebook

බාබාසාහිබ් ආම්බේඞ්කාර්තුමා ආර්ථික විශේෂඥයන්ගේද විශේෂඥයෙකි. දර්ශනවාදියෙකි. දේශපාලනඥයෙකි. වින්තකයෙකි. විප්ලවකාරයෙකි. සමාජ ක්‍රියාකාරයෙකි. මහාචාර්යවරයෙකි. ඔහු උපාධි ලබා තිබුණේ කොලොම්බියා සහ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ආදී ආයතනවලිනි. ඇම්.ඒ.පී.එච්.ඩී. – ඩී. එස්.සී. සහ බැරිස්ටර් ඇට්ලෝ යන උපාධි සහතිකද ඔහුගේ සහතික ගොන්නේ තිබිණි.

ඔන්න ඔය කියන සුදුසුකම්වල සහතික ටික මිටියකට බැඳ කරේ තබා ගෙන හෙතෙම අවුරුදු ගණනාවක් තිස්සේ රැකියාවක් සොයමින් ඉන්දියාවේ පාරක් පාරක් ගානේ ඇවිද්දේය.
කාලයක් ගත වූ පසු එවකට පැවති ඉංගිරිසි ආණ්ඩුව මේ මහාචාර්යවරයා යුධ හමුදාවේ උපදේශක තනතුරට බඳවා ගත්තේය. තනතුරේ රාජකාරිය අනුව හමුදා ක්‍රියාකාරකමක අවසාන තීන්දුව ඔහු අතේ තිබිණි. එසේ වූයේ අවසන් තීන්දුවට අත්සන් කිරීමේ වගකීම පැවරී තිබුණේ ඔහුට බැවිනි. එහෙත් ඔහුගේ කාමරයට කිසිවකු ආවේ නැත. සියලු ලිපි ගොනු ගෙනාවේ කාර්යාල කාර්ය සහායකයෙකි. ඔහු ආවේද හමුදා උපදේශකවරයාගේ කාමරයේ fදාරටුවේ එළිපත්ත ළඟට පමණි. එතැනට ලිපි ගොනුව රැගෙන එන කාර්යාල කාර්ය සහායකයා කළේ ලිපි ගොනුව හමුදා උපදේශකවරයා සිටි මේසයට උන් තැනම සිට විසි කිරීමය. ඒ පිළිබඳව වගේ වගක් නැති උපදේශකවරයා කිසිවක් නොසිදූ අන්දමින් ලිපි ගොනුව අහුලා අත්සන යොදා කාර්යාල කාර්ය සහායකයාට දෙන්නේය. විසිකරන ලිපිගොනු ඇතැම් විට මේසය උඩ තිබූ තීන්ත කූඩුවේ වැදී හමුදා උපදේශකවරයාගේ ඇඳුම් පැලඳුම් පවා විනාශ වූවා පමණක් නොව මුහුණේද තැවරුණේය.

බාබාසාහිබ් ආම්බේඞ්කාර් නමැත්තා මොන තරම් උගතකු වුවත් කවර තරාතිරමේ උසස් නිලධාරියකු වුවත් ඔහු හා සම සහෝදර නිලධාරීන් ඔහු සමග එකට තේ කෝප්පයක් පවා පානය කළේ නැත. සමාජයෙන් මෙසේ කොන් කරනු ලැබීමට හේතුව වූයේ ඔහු දාලිත්යන කුලයට අයත් වූවකු බැවිනි. දාලිත් ජාතිකයෝ අසපෘශ :ස්පර්ශ නොකළ යුතු- ජාතියක් ලෙසින්ද හඳුන් වනුයි. පොදු දේපොළ පවා කුලීනයන්ට මිස කුලහීනයන් වන දාලිත් ජාතිකයන්ට ඒවා ස්පර්ශ කිරීමට (ඇල්ලීමට) පවා තහනම් විය. ඔවුනට පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම පවා තහනම් විය. පොදු ජල නළයෙන් වතුර ගැනීමේදී කරාමය කිසියම් කුලීනයකු විසින් කරකවා දිය යුතුය. පිපාසයට වතුර ටිකක් බීමට ජල කරාමයක් පවා ඇල්ලීමත් ඔවුනට තහනම් කරුණක්ම විය. කුලීනයන් ජලය පරිභෝජනය කරන ළිඳකින්, වැවකින්, ගඟකින් ස්නානය කිරීම තබා පානීය ජලය ගැනීමත් සම්පූර්ණයෙන්ම තහනම් විය. කුලීනයන් පරිභෝජනය කරන වැවකින් දාලිතයකු ජලය පානය කිරීම නිසා කෝපයට පත් කුලීනයන් පළමුවෙන් දාලිතයාගේ අත පය බිඳ සෙසු දාලිතයන්ටද අමතක නොවන පාඩමක් උගන්වා වෙනුවට කළේ වැව් ජලය ඉස (හිස්කර) ඊට ගොම දමා පිරිසුදු කර ගැනීමය.

පාසලේ සෙසු දරුවන් පුටු බංකුවල අසුන් ගෙන අධ්‍යාපනය ලබද්දී කුඩා ආම්බේඞ්කාර්ට සිදු වූයේ පන්ති කෙළවර එලූ පැදුරු මාල්ලක ඉඳගෙන අකුරු කරන්නටය. මේ පිළිබඳව හෙතෙම පසු කලෙක මෙසේ කීය. මට පාසලේදී වතුර බොන්න සිද්ද වුණේ පාසලේ කාර්යාල කාර්ය සහායකවරයා මගේ fදාා්තට වතුර වත් කළොත් පමණයි. ඔහු නිවාඩු දවසට මට වතුර බොන්න විදිහක් තිබුණෙ නෑ. මම ගෙදර යනතුරු හිටියෙ පිපාසෙන්. (ආම්බේඞ්කාර්ගේ චරිතාපදානය වෙනමම විස්තර කළ යුත්තකි) ආණ්ඩුවේ පොලිස්කාරයින් හිතූමනාපෙට දාලිත් දැරියන් දූෂණය කිරීම තව දුරටත් ඉවසා දරා නොහැකි ආම්බේඞ්කාර්, මහත්මා ගාන්ධි හමුවී මේ අපරාධය නවත්වා දෙන ලෙසට ඉල්ලා සිටියේය. එහෙත් මහත්මා ඊට නෑසූ කන්වම සිටියේය.

තම වර්ගයාට රටේ පොදු නීතියෙන් හෝ අදහන ආගමෙන් හෝ පිළිසරණක් නැති බව ප්‍රත්‍යක්‍ෂ කර ගත් ආම්බේඞ්කාර් මේ ආත්මීය වධ බන්ධනයෙන් සිය සනුහරේ උන් මුදවා ගන්නේ කෙසේ දැයි යන්න ගැන දිවා රාත්‍රි කල්පනා කෙළේය. ඔහුගේ සිත නෙත බැඳුණු රැඳුණු ස්ථානයක් තිබිණි. හෙතෙම ඒ වන විටත් ඉරණමානුකූලව හෝ ඒ ස්ථානයට දෙවරක් ගොස් තිබුණේය. ඒ ලක්නව්හි රිසාල්දාර් ප්‍රදේශයේ මහාබෝධි සමාගමේ විහාරස්ථානයයි.

බාබා සාහිබ් ආම්බේඞ්කාර් යන යුග පුරුෂයා භාරතයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කර තිබීමෙන් ජාත්‍යන්තර පැතිරුණු කීර්තිමතෙක්ද වූවේය. ඔහු පරම්පරාවෙන් පරම්පරාවට අදහමින් පැමිණි හින්දු ආගම අතහැර දාලිත් හෙවත් ජලිත් කුලයේ සිය ඥාාති මිත්‍රාදීන් සමග පරදුක්ඛ දුක්ඛිත වූ කරුණා නිධාන වූ අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ සරණ යෑමට තීරණය කර තිබිණි.

පිළිගත මැනවි මිනිසුනේ, මේ දෛවෝපගත, ඓතිහාසික අවස්ථාවේ බාබා සාහිබ් ආම්බේඞ්කාර් නැතහොත් භීමරාඔ ආම්බේඞ්කාර් නමැති යුග පුරුෂයා ඇතුළු ඔහුගේ ඥාති මිත්‍රාදීන් (වාර්තාවල සඳහන් අන්දමට) පනස් දහසක් දෙනාට “බුද්ධං සරණං ගච්ඡාමි” යන පාඨය කියවනු ලැබුවේ (උන්වහන්සේලාගේ ගෞරවනීය නාමයන්ටද නමස්කාර වේවා) ශ්‍රී ලංකා ධරණීතලයේ ඉපිද බෞද්ධ ප්‍රබෝධය උදෙසා වැඩමවා වදාරා ලක්නව් නාගපූර් බෞද්ධ විහාරස්ථානයේ විසූ මහා සංඝයා වහන්සේලා සත් නමකි. ගෞරවනීය චන්ද්‍රමානී මහා ස්ථවිරයන් වහන්සේ, මහාචාර්ය ආනන්ද කෞශල්‍යයාන වහන්සේ, ආචාර්ය ශාන්ත ශාස්ත්‍රීන් වහන්සේ, ගෞරවනීය මැටිවල සංඝරක්ඛිත තෙරුන් වහන්සේ සහ එවකට ලක්නව් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ ගලගෙදර ප්‍රඥානන්ද තෙරුන්වර ප්‍රමුඛ තවත් මහා සංඝයා වහන්සේලා දෙනමකි.
චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

රන්ජන්‌‌ගේ සමාව ඉල්ලීම අපතේ: ‌දෙවන විනිසුරුත් ‌ගෙදර

Next Post

මම අහිංසකකම ඒකාකාරී කළේ නැහැ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.