හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කර ඇත.
අධිකරණ සේවා කොමිසම විසින් අද (21) පස්වරුවේ මෙම වැඩ තහනම් කිරීම කර ඇත.
මීට පෙර රාමනායක මහතා සමග සාකච්ජා කර තිබූ බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කිරීමටද අධිකරණ සේවා කොමිසම පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් අද දින පාර්ලිමේන්තුවේදී කතා කරමින් රාමනායක මහතා තමන් විසින් කළ ක්‍රියාව නිසා යමකු අපහසුතාවට පත් විණි නම් ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටින බවද කියා සිටියේය.










