• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

නිධන් හෑරුවොත් අන්තිමට වෙන දේ

October 6, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
නිධන් හෑරුවොත් අන්තිමට වෙන දේ
Share on WhatsAppShare on Facebook

අතීත රජ දවසේ සිට මෙරට නීති පැවති බව ඓතිහාසිකව තහවුරු කරගත හැකි අතර එමගින් එකල සමාජයේ පොදු සම්පත් නිසියාකාරයෙන් භාවිත කිරීමටත් ඒවා නඩත්තු කිරීමටත් ප්‍රතිපාදන දක්වා තිබිණි. කාලයත් සමග අපගේ මුතුන්මිත්තන් ගොඩනැගූ අතීත සමාජය, ඔවුන්ගේ ඉදිකිරීම්, විවිධ නිර්මාණ පුරාවිද්‍යාත්මක ස්මාරක බවට පත්වන අතර ඒවා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වර්තමානයේ නීති සම්පාදනය කරනු ලබයි. එමගින් පුරාවිද්‍යාත්මක පරිශ්‍රයන් හා පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා නෛතික පසුබිම සැලසේ. අප කවුරුත් දන්නා ආකාරයට විවිධ සතුරු ආක්‍රමණවලට මුහුණ දෙමින් අනුරාධපුර රාජධානියේ සිට මහනුවර රාජධානිය දක්වාත් අනතුරුව පෘතුගීසි, ලන්දේසි හා බි්‍රතාන්‍ය ආක්‍රමණ දක්වාත් විවිධ පාලනයන් මෙරට ක්‍රියාතත්මක වූ අතර එම කාලවකවානු තුළ සිදු වූ පාලනයන් යටතේ සමාජ, ආර්ථික දේශපාලන හා ආගමික බලපෑම් මත විවිධ නිර්මාණයන් බිහි විය.

එම නිර්මාණයන් අද වන විට පුරාවිද්‍යාත්මක උරුමයන් බවට පත්ව ඇති අතර එවැනි නිර්මාණයන් ලංකාවේ සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වී තිබීම විශේෂ ලක්ෂණයක් වේ. මෙවැනි තත්ත්වයක් යටතේ එක් අතකින් සමස්ත ශ්‍රී ලංකාවම පුරාවිද්‍යාත්මක උරුමයක් යැයි පැවසීමද වරදක් නොවේ. එවැනි රටක ජීවත් වන පුරවැසියන් වන අප පුරාවිද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කිරීම සම්බන්ධ නීතිය පිළිබඳව දැනුවත්ව තිබීම වැදගත් වේ. එමෙන්ම නීතිය තුළ “නීතිය නොදැන සිටීම සමාවට කරුණක් ලෙස නොසලකන බැවින් ” රටේ පවතින නීති තත්ත්වයන් දැනගැනීම ඕනෑම පුද්ගලයකුට ප්‍රයෝජනවත් වේ.

පුරාවස්තු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙරට පවතින ප්‍රධානතම නීති මූලාශ්‍රය වන්නේ 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනතයි. මෙම මවු පනතට 1955, 1998 සහ 2005 යන වර්ෂයන්හිදී කාලීන අවශ්‍යතාවන් මත සංශෝධනය කර ඇත. 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනත පුරාවස්තුවල අයිතිය, පුරාවස්තු සොයාගැනීම කැණීම්, පැරණි ස්මාරක, වෙන් කළ පුරාවිද්‍යා ප්‍රදේශ, පුරාවස්තු අපනයනය, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල හා කාර්යයන්, වෙනත් කරුණු, අර්ථනිරූපණය වශයෙන් කොටස් අටක් යටතේ වගන්ති 49කින් සමන්විත වේ. පුරාවස්තු ආරක්ෂා කිරීම සම්බන්ධව මෙරට ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වන අතර පනත යටතේ මූලික බලතල පුරාවිද්‍යා කොමසාස්වරයාට ලබාදී ඇත.

48 වගන්තිය පුරාවස්තු යන්න ප්‍රතිමා, ගල්, කිරිගරුඬ, තහඩු, මුද්‍රිත චිත්‍ර, කැටයම්, ශිලා ලේඛන, කාසි, මැණික්, මුද්‍රා, ස්වර්ණාභරණ, යුද්ධ ආයුධ, විසිතුරු භාණ්ඩ, ඇතුළු කලාත්මක ද්‍රව්‍ය ලෙස අර්ථ නිරූපණය කරයි. එමෙන්ම ස්මාරක වශයෙන් විහාර, දේවස්ථාන, ගොඩනැඟිලි, සොහොන් ගෙවල්, ප්‍රාග් ඓතිහාසික ජනාවාස, ප්‍රාග් ඓතිහාසික නටබුන් හඳුනාගනු ලබයි.
භූතලය මතුපිට හෝ ඉන් යටත හෝ යම් ගංගාවක හෝ විලක හෝ ශ්‍රී ලංකාවේ දේශීය සමුද්‍රය ඇතුළත හෝ සැඟවී තිබෙන සොයාගෙන නොමැති සියලු පුරාවස්තු මෙම ආඥාපනතේ විධිවිධානවලට යටත්ව සම්පූර්ණයෙන්ම රජයේ දේපොළක් වශයෙන් සලකනු ලබයි. එමෙන්ම පුරාවස්තුවක් සොයාගැනීම හා කැණීම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස්වරයා නිකුත් කරන බලපත්‍රයකින් තොරව තමන්ගේ ඉඩමක හෝ අන් අයකුට අයත් ඉඩමක පුරාවස්තු සොයාගැනීමේ කාර්යය සඳහා කැණීම් සිදුකිරීම නොකළ යුතු බව පුරාවස්තු ආඥාපනතේ 6 වගන්තිය දක්වයි. එහි 7 වැනි වගන්තිය යටතේ කැණීමක් සඳහා යම් පාර්ශ්වයක් ඉල්ලීමක් කරන්නේ නම් ඒ සඳහා නියමිත ආකෘති පත්‍ර යටතේ එය සිදු කළයුතු අතර එලෙස සිදු කරනු ලබන ඉල්ලීමකට අවසරය දීම හෝ නොදීමේ අභිමතය ආඥා පනතේ 8 වගන්තිය යටතේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සතුවේ. කැණීම් සඳහා බලපත්‍රයක් ලැබුණු පසු බලපත්‍රලාභියා විසින් කැණීමේදී සොයාගනු ලබන සියලු පුරාවස්තු පිළිබඳ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට වාර්තා කිරීම සහ තොරතුරු සැපයීමේ වගකීම කැණීම් බලපත්‍රලාභියා සතු වන බව 10 වගන්තිය දක්වයි.

පුරාවස්තූන් හා පුරාවිද්‍යාත්මක පරිශ්‍රයන් රට පුරා ව්‍යාප්ති වී තිබීම නිසා සමහර අවස්ථාවන්හිදී පුරවැසියන්ගේ දෛනික කාර්යයන්වලදී අහඹුවක් ලෙස පුරාවස්තූන් හමුවිය හැකිය. එලෙස හමු වූ පුරාවස්තූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ එවැනි පුරාවස්තුවක් හමු වූ පුද්ගලයකු ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ පුරාවස්තු ආඥා පනතේ 14 වගන්තිය දක්වන්නේ කැණීම් සඳහා බලපත්‍රයක් නොමැතිව අන් ආකාරයකින් පුරාස්තුවක් හමු වූ අවස්ථාවකදී එම පුද්ලයා එම පුරාවස්තුව පිළිබඳ ග්‍රාම නිලධාරීවරයාට වාර්තා කිරීම එය භාරදී කුවිතාන්සියක් ලබා ගැනීම, ඉන්පසු සොයා ගැනීමෙන් දින හතක් ඇතුළත ග්‍රාම නිලධාරීවරයා විසින් සොයාගැනීම සිදු කරන ලද දිස්ත්‍රික්කයේ දිසාපතිවරයාට ඒ පිළිබඳ වාර්තා කිරීම, අනතුරුව දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා ඒ පිළිබඳ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත වාර්තා කිරීම කළ යුතු බවයි. මෙමඟින් අහඹුවකින් හමු වූ පුරාවස්තූන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම සිදු කරනු ලැබේ. ඉහත නෛතික විධිවිධාන කඩ කරන්නන්ට
15 වගන්තිය
(1) (අ) 6 වගන්තියේ විධිධාන කඩ කරමින් කැණීම් සිදුකරන,

(ආ) නිකුත් කරන ලද බලපත්‍රයක කොන්දේසි කඩකරන,

(ඇ) පුරාවස්තුවක් සොයාගත් බව 10 වගන්තිය ප්‍රකාරව වාර්තා කිරීම පැහැර හරින,

(ඈ) පුරාවස්තුවක් සොයාගත් බව 14 වගන්තිය ප්‍රකාරව වාර්තා කිරීම පැහැර හරින,

(ඉ) පනතේ විධිවිධාන කඩකරමින් පුරාවස්තුවක් හාරා ඇති විට ඒ බව දනිමින්ම අන් තැනැත්තකු සමඟ හෝ අන් තැනැත්තකුගේ නියෝජිතයකුගේ මාර්ගයෙන් මිලදි ගන්නා, ඉවත් කරන අත්කර ගන්නා හෝ අත්කර ගැනීමට අදහස් කරන තැනැත්තකු වරදකරුවකු වන අතර මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් අනතුරුව වරදකරුවකු කරනු ලැබූ විට රු.50,000ට නොඅඩු රු.250,000 නොවැඩි දඩයකට හෝ අවුරුද්දකට නොඅඩු කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට ඔහු යටත් විය හැකි බව දක්වයි.

එමෙන්ම 1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනත මඟින් පුරාවස්තු ආඥා පනතේ 15 වගන්තිය යටතේ පුරාවස්තු සොරකම් කිරීම සහ පුරාවස්තු විනාශ කිරීම සම්බන්ධයෙන් දඬුවම් සංශෝධනය කරමින් දඬුවම ඉහළ දක්වා ඇත. ඒ අනුව පුරාවස්තුවක් සොරකම් කරන තැනැත්තකු එමෙන්ම පුරාවස්තුවක් විනාශ කරන, හානි කරන, විරූපී කරන, අයුතු ලෙස වෙනස් කරන, පලුදු කරන තැනැත්තකු මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් අනතුරුව වරදකරුවකු බවට පත් වූ විට රු.50,000ට නොවැඩි දඩයකට හෝ අවුරුදු 2ට නොඅඩු අවුරුදු 5ට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකෙන් එක් දඬුවමක් හෝ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම වුවද යටත් විය හැකිය. එමෙන්ම විශේෂයෙන් දැනුවත් විය යුතු තත්ත්වය වන්නේ මෙම ආඥාපනත යටතේ වරදකට චෝදනා ලැබූ තැනැත්තකුට හෝ චූදිතයකු වූ තැනැත්තකුට ඇප දිය නොහැකි බවයි.

එබැවින් නීතියට ගරු කරමින් අපගේ පෞරාණික උරුමයන්, අනන්‍යතාවන් ආරක්ෂාකොට අනාගත පරපුරටද දායාද කිරීම ශ්‍රී ලාංකික පුරවැසියන් වන අප සැමගේ යුතුකමකි.

රුචිර රෝසා

SendShareShare
Previous Post

ලිට්රෝ ගෑස් ලංකා සමාගම ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ටත්ව සම්මාන දිනයි

Next Post

9 වැනිදා ‌මෛත්‍රි ‌ගෝඨාගේ අනුරපුර ‌වේදිකා‌වේ- ලකුණ ‌පොහොට්ටුවමයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.