ලබන 9 වැනිදාා අනුරාධපුරයේ පැවැත්වෙන පොහොට්ටු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල රැස්වීමට සහභාගී වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීන්දු කොට ඇත.
ඊයේ (05) පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීන්දුව ඒකමතිකව ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී සියලු දෙනාම අත් ඔසවා ඒකමතිකව ප්‍ර්‍රකාශ කර ඇත්‌තේ පොහොට්ටුවට සහාය පළ කිරීමට කටයුතු කළ යුතු යැයි කියාය. ඒ අනුව මුලින් ජනාධිපතිවරයා පොහොට්ටුව ලකුණ යටතේ කෙසේවත් එකතු නොවන බව තරයේ ප්‍රකාශ කර සිටියද අවසානයේදී පොහොට්ටුව ලකුණට එකගතාව පළ කොට ඇත.
ඒ අනුව 09 වැනිදා උදේ ශ්‍රිලනිප- පොහොට්ටු ගිවිසුමට අත්සන් තැබෙන අතර සවස මෛත්‍රිපාල සිරිසේන මහතා ගෝඨාභයගේ මංගල රැස්වීමට එක්වීමට නියමිතය.










