ශ්‍රී ලංකාවේ විශාලතම ඛඡ ගෑස් ආනයන හා සැපයුම් සමාගම වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම පසුගියදා පැවති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (National Occupational Safety & Health Excellence Awards – NIOSH) සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. සෞඛ්‍ය හා සුරක්ෂිතතාව, පාරිසරක යාන්ත්‍රණය සහ ක්‍රමෝපාය විශිෂ්ටත්වය වෙනුවෙන් සමාගම වෙත මෙම සම්මාන පිරිනමන ලදී.
මෙම සම්මාන උළෙලේදී සෞඛ්‍ය, සුරක්ෂිතතා සහ පාරිසරික යන අංශවලට අදාළ පුළුල් කාණ්ඩ 9ක් ආවරණ කෙරේ. මෙම කාණ්ඩ 9 අතරින් සමස්ත ලෝකඩ සම්මානය ලිට්රෝ ගෑස් ලංකා සමාගම වෙත හිමිවූ අතර, ‘වෙනත්’ කාණ්ඩය යටතේ සම්මානයක් ලිට්රෝ ගෑස් ටර්මිනල් සමාගම වෙත හිමි විය.