• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

නිජබිම් කතාවේ සැබෑ නොවන සිහිනය

September 19, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
නිජබිම් කතාවේ  සැබෑ නොවන  සිහිනය
Share on WhatsAppShare on Facebook

වඩමාරච්චි විෂ්ණු දේවාලයක් අසල කැණීමකදී ආචාර්ය රඝුපති පොන්නම්බලම් සොයාගෙන ඇති වල්ලිපුරම් රන් සන්නස යනුවෙන් සුප්‍රකටය. පත් ඉරුවේ සඳහන්ව ඇති වචන කිහිපය පෙළ ගැස් වෙන්නේ මෙලෙසය.

“සිධ මහරජ වහයහ රජෙහි අමතෙ ඉසිගිරියෙ නකදිව බුජමෙහි බදකර අතනෙහි පියගුක තිස විහර කරිතෙ”

“වසභ මහ රජුගේ රාජ්‍ය සමයෙහි ඉසිගිරිය අමාත්‍යවරයා විසින් නාගදීපය පාලනය කරද්දී බදකර අතනේ පියංගුක තිස්ස විහාරය කරවන ලදී”

මේ ප්‍රබල සොයාගැනීමෙන් පැහැදිලිවම සනාථ වන්නේ වසභ රජුගේ කාලයේදී පවා යාපනය ස්වාධීන රාජ්‍යයක් නොවූ බවත් අනුරාධපුරය යටතේ එම ප්‍රදේශය පාලනය වූ බවත්ය. මුළු රටම කෙසේ වෙතත් අවම යාපනයේ හෝ ද්‍රවිඩ නිජබිමක් කිසි කලෙක නොවූ බව මෙලෙසින් පුරාවිද්‍යාත්මකව සනාථ වෙයි. ලක්දිව ද්‍රවිඩ නිජබිමක් වේ නම් නිශ්චය වශයෙන්ම විදේශීය මූලාශ්‍රයන් මේ රට හැඳින්වීමේදී ඒ බව ඉස්මතු කර තිබිය යුතුය. අසල භාරතයේ සමුද්‍රගුප්ත රජුගේ සුප්‍රකට අලහබාද් ප්‍රශස්තියේ පවා මෙරට හඳුන්වා ඇත්තේ “සෛංහල” (සිංහල) ලෙසය. මුළු රටේම හෝ රටින් කොටසක හෝ දෙමළ පාලනයක් පැවතියේ නම් එසේ නො යෙදෙන බව අමුතුවෙන් කිවයුතු නැත. ලෝකයේ චිර ප්‍රසිද්ධ දේශ ගවේෂකයෙකු වන පාහියන් භික්ෂුව පවා ලංකාව හඳුන්වා ඇත්තේ සිංහල දේශය වශයෙනි. එපමණක් නොව උන්වහන්සේගේ වාර්තාවලින් පැහැදිලි වන්නේ ක්‍රිස්තු වර්ෂ 416 වන විටත් මේ දිවයිනේ සතර දිග් භාගයේම සිටියේ සිංහලුන්ම බවය. චීන විද්වතෙකු වන ආචාර්ය හව් වේ මින් 2006 දී මෙරට පුවත් පතකට පැවසුවේ චීන ඉතිහාස පොත්වලින් හෝ මෙරට පැවති දෙමළ ඊළමක් පිළිබඳ කිසිදු සාධකයක් හමු නොවන බවය. හත්වන සියවසේදී ලියැවුණු චීනයේ ශැන්සා හිමිගේ පොත්වලද මෙරට හඳුන්වා ඇත්තේ “සිංචාලෝකෝ” නමිනි. එනම් සිංහල දේශය නමිනි. මෙම කාලයේදීම ලියූ ඉජින් හිමිගේ වාර්තාවල ලංකාව “සීචිම්පු” (සීහද්වීපය) වශයෙන් හඳුන්වා ඇත. එපමණකුදු නොව බුරුම රටේ එක් බොදුනු නිකායක් අදත් හැඳින්වෙන්නේ සිංහ නිකාය නමිනි. එයට හේතුව වී ඇත්තේ ඒ නිකායේ උපසම්පදාව සිංහල දේශයෙන් රැගෙන යාමයි. පහළොස්වන සියවසේදී එරට රජ වූ ධම්ම චෙතිය රජුගේ කල්‍යාණි ශිලා ලිපිවල මේ පුවත සවිස්තරව සඳහන් වේ. සවැනි බුවනෙකබා රජ “සීහළ රජ” වශයෙන්ද මෙරටින් ගෙන ගිය උපසම්පදාව “සීහලූපසම්පදාව” යනුවෙන්ද එහි පැහැදිලිව සටහන් කොට ඇත. දාහත්වන සියවසේ ජීවත් වූ තායිලන්ත භික්ෂුවක් වන රතනපඤ්ඤ තෙරුන් රචිත “ජිනකාලමාලි” ග්‍රන්ථයේ සවන පැරකුම් රජ දවස ලක්දිවින් තායි දේශයට උපසම්පදාව ගෙන ගිය පුවතක් ගැන සඳහන්ය. එහිදී මෙරට “සිහලදීප” වශයෙන්ද ලංකාවේ උපසම්පදාවෙන් එරට පිහිටුවූ සසුන “සීහල සාසන” යනුවෙන්ද ලංකාවෙන් රැගෙන ගිය ප්‍රතිමා “සිහල පටිමා” යනුවෙන්ද හඳුන්වා තිබීමෙන් සියයට සියයක්ම ගම්‍ය වන්නේ මෙරට වනාහි සිංහලයාගේ නිජබිමම මිස ද්‍රවිඩ නිජබිමක් නම් නොවන බවය. මේ රට ද්‍රවිඩ නිජබිමක් නම් ඉහත කී මූලාශ්‍රවල මෙරට හැඳින්විය යුතු වන්නේ තමිල්නාඩුව මෙන් “තමිල් දේශ” හෝ “ද්‍රවිඩ දේශ” යනුවෙනි. මුළු රටම තබා අඩුම යාපනයවත් එනමින් නොහැඳුන්වුණු බව මේ වන විට ප්‍රත්‍යක්ෂ කර හමාරය.

මේ උදවිය පවසන තවත් දෙයක් නම්, විජයාගමනයට පෙර මෙරට සිටියේද දමිළයන් බවය. ඔවුන් එසේ කියන බව ලිපියේ මුල් ටිකේම අප සඳහන් කර ඇත. රාවණ රජුගේ පටන්ම මේ අය කියන විදිහට හිටියේ ද්‍රවිඩ රජවරුන්ය. රාවණද දමිළයෙකි. එමෙන්ම ශිව භක්තිකයෙකි. මෙය සත්‍යයක් විය හැකිද? කිසිසේත්ම නැත. මෙයද පෙර ඒවා සේම මේ අයගේ අමු තිත්ත බේගල්ය. මුල්ම කාරණය නම් රාවණ රජු හින්දු ශිව භක්තිකයෙකු නොවන බවය. රාවණ රජුව ශිව භක්තිකයෙකු කර ඇත්තේ පසුකාලීන හින්දු කාව්‍යකරුවන් සහ පරිවර්තකයන් වන අතර එතුමන් ජීවත් වූ මේ රටේ නම් එතුමා ශිව භක්තිකයෙකු බවට සනාථ කිරීමට කිසිදු විශ්වාසදායී සාධකයක් නැත. එතුමා සූර්ය වන්දනාව කළ බවට නම් සාධක එමටය. එමෙන්ම චීන බුදු දහමේ මූල ග්‍රන්ථය වන ලංකාවතාර සූත්‍රය අපට හිතන්නට වෙනස්ම පැතිකඩක්ද ශේෂ කරවයි. රාවණ රජු දමිළ නම් ආදී සිංහලුන් එතුමන්ට තම පරපුරේ ආදිතමයෙකු ලෙස ගරු කිරීමට කිසිදු හේතුවක් නැත. ටිබෙට් බෞද්ධ සාහිත්‍යයේ පවා රාවණ රජුව හඳුන්වන්නේ “සිහළාධිපති” යනුවෙන් බව අපත් නිජබිම්වාදීනුත් තරයේ මතක තබාගත යුතුය.

“පර සතුරන්ට විරුදුව යුද පවුර බැඳ
හේවාහැට වලපනේ කොත්මලේ සොඳ
සිංහල සෙනඟ රාවණ කොඩිය යට හිඳ
රණකෙළි පෑ අයුරු කෙතරම් ලස්සනද”
( පැරණි ජන කවියකි )
හේවාහැට පොරණ සිහසුන් කොඩි ලකුණ
යුදයෙන් ගෙන්වා රාවණ ධජය පෙරමුණ
පින්සර විමලදම්සුරි හිමි අත්කර දුන හේවාහැට සෑම පෙරමුණ
( 145 වැනි කවිය,මන්දාරම් පුර පුවත )

ඉහත කාව්‍යමය උදාහරණ දැක් වූයේ අන් යමකට නොව සිංහලයන් රාවණ රජුව සිය අභිමානය ලෙස සැලකූ බවත් රාවණ රජු දමිළයෙකු නම් සිංහලයන් එලෙස කිසි විටෙකදු නොසලකන බවත් පෙන්වා දීමටය. දමිළ ජනයා ඉතිහාසයේ කිසිදු කලක රාවණ රජුට මෙලෙසින් ගරු කර නැත. ඔවුන් අතීතයේ පටන් සිදු කළේ එතුමාගේ පිළිරූ හදා ගිනි තැබීමය. අපහාස කරමින් බොරු කතා ගෙතීමය.

රාවණ රජු වනාහි සිව්හෙළයේ යක්ෂ ගෝත්‍රිකයෙකි. රාවණ දමිළ නම් යක්ෂයන්ද නිසැක ලෙසම දමිළ විය යුතුය. එය එසේ නොවන බව මහා භාරතය නම් සුප්‍රකට ඉන්දියානු මහා කාව්‍යයේ ඇති විස්තරය දෙස් දෙයි. “ලංකාවෙන් පැමිණි යක්ෂයන් දැක ද්‍රවිඩ දේශයේ ද්‍රවිඩයන් බියෙන් තැතිගෙන පලා ගියහ” ( දුමිලා නෛසරඝෘතාන් දෘෂ්ට්වා දුද්‍රැවුස් තේ භයර්දිතා) යනුවෙන් එහි සඳහන්ය. මින් නිශ්චිතවම ස්ථිර වන්නේ ලක්දිව ආදිතමයන් වූ යක්ෂාදීන් දමිළයන් නොවන බවය. මන්දයත් මෙහි යක්ෂයන් සහ දමිළයන් යනු ජන කොටස් දෙකක් බවට පැහැදිලිව දක්වා තිබීමය. එය එසේ නම් “රාවණ ද්‍රවිඩයෙකි”, විජයාවතරණයට පෙර මෙරට සිටියේ ද්‍රවිඩයන්ය” යන මිථ්‍යා විශ්වාස හිරු දුටු පිනි මෙන් දුරුවී යන්නේය. අපේ රටේ කොටසක් රාවණ මිථ්‍යාවක් බවත්, එය ද්‍රවිඩ නිජබිම් වාදයට උඩගෙඩි දෙන්නක් බවත් පැවසුවද, රාවණ යනු ද්‍රවිඩ නිජබිම්වාදීන්ගේ පදනම සුනු විසුනු කරන ඉන්ද්‍රකීලයම වන බවට කිසිදු සැකයක් නැත. සමහරක් රාවණ මිථ්‍යාවක් යැයි කියා දඟලන්නේ 2500ට එහා මෙරට මුළු ඉතිහාසයම දැන හෝ නොදැන විග්නේෂ්වරන්ලාට සින්නක්කරව පවා දෙන්නටය. අප කළ යුතු වන්නේ රාවණ රජතුමා පිළිගනිමින් විජයව ප්‍රතික්ෂේප කිරීම හෝ විජය පිළිගනිමින් රාවණ රජතුමාව ප්‍රතික්ෂේප කිරීම හෝ නොව ශ්‍රේෂ්ඨත්වයෙන් වෙනස් වූවත් මේ චරිත දෙකම අපේ ඓතිහාසිකයන් බව සිහි තබා ගැනීමය. විග්නේෂ්වරන් කියූ පරිදි දැනට ලොව සක්‍රීය භාෂා අතුරින් පැරැණිතම බස දෙමළ වූවාට අපට කිසිදු ප්‍රශ්නයක් නැත. අප කියන්නේ “මෙරට” පැරණිතම බස එය නොව සිංහල බස බව මිස දෙමළ බස පැරණි බසක් නොවන බව නොවේ. හෙළදිවේ හෙළ බසද දෙමළ බස තරමටම හෝ ඊටත් වඩා ඉපැරැණි ගෝලීය ඉතිහාසයකට උරුමකම් කියන බව අප මේ වන විට සනාථ කර කරගෙන අවසන්ය. ඉතුරුව ඇත්තේ එය ලෝකය හමුවේ සනාථ කිරීම පමණි. ඉදිරියේදී එයද සිදු වනු ඇත.

රෝසොන් දිල්සර

SendShareShare
Previous Post

රාවණ රජු සීගිරියට හදපු කේන්දරේ

Next Post

Samsung Sri Lanka වෙතින් පාරිභෝගිකයන්ට සහ අලෙවි නියෝජිත ජාලයට ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩසටහන් පෙළක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.