• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රාවණ රජු සීගිරියට හදපු කේන්දරේ

September 19, 2020
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
රාවණ රජු සීගිරියට හදපු කේන්දරේ
Share on WhatsAppShare on Facebook

සීගිරිය විශ්වයේ විශ්මිත නිර්මාණයකි. කිසිවකුටත් ඇදහිය නොහැකි බොහෝ කරුණු කාරණා සීගිරිය තුළ සැඟවී තිබේ. ඇතැම් නිමැවුම් ඇදහිය නොහැකි ඒවායි. එසේම කිසිවකුට විශ්වාස කළ නොහැකි තාක්‍ෂණික ක්‍රමවේදයන් මෙන්ම උපක්‍රමද සීගිරිය තුළ අනන්තවත් දැකගන්නට ඇත. මේ සියල්ල මහාරාවණ රජුගේ තික්‍ෂණ බුද්ධිය තුළින් කළ නිර්මාණ බවට මේ වන විට බොහෝ සාක්‍ෂි සාධක හමුවෙමින් පවතී.

එසේම ලෝකයේ බිහිවන්නාවූ සියලුම වස්තූන්වලට කේන්දර සටහනක් පිහිටයි. එය අවශ්‍ය අය තමන්ගේ අවශ්‍යතා පරිදි ප්‍රයෝජනයට ගනී. ඒ ඒ කාලවකවානුවල ග්‍රහලෝකවලත් සූර්යයාගේත් පිහිටීම ගැන සලකා බලා ජීවී, අජීවී සියල්ලට කේන්දරයක් සකසා ගැනීමට ජ්‍යොතිෂ විiාව සම්බන්ධව හසළ දැනුමක් ඇති ඍෂිවරුන් ඈත අතීතයේ සිටම කටයුතු කර ඇත. එවැනි මහා දැනුමක් තිබූ පුද්ගලයකු ලෙස ප්‍රකට මහාරාවණ රජු විසින් සීගිරියටද කේන්දරයක් සකස්කරයි. එය නමින් ‘මිගින්න’ නම් වෙයි.

සීගිරිය් මිගින්න නිමවී තිබෙනුයේ ඉපැරැණි ශිව විකුන්ධාර්ත ජ්‍යොතිෂ ක්‍රමයෙනුයි. කෙසේ නමුත් සීගිරි මිගින්න නිමැවීමේදී රාවණ රජු ඊට යගු කෞරාණ, පඨාග නම් බලය පිහිටුවා සකසා ඇති බවද හෙළිවී ඇත.
සීිගිරි මිගින්න කොටස් නවයකින් යුක්ත අතර එය සංඛ්‍යාත ආශ්‍රයෙන් නිමවීමට රාවණ රජු කටයුතු කර ඇත. එම කොටස් නවය නම්,

  1. ශිවාග්‍ර යගු වේදිල්යා දිමිතයි
  2. ශිවාග්‍ර යගු බාසෙල්නි අරුති
  3. ශිවාග්‍ර යගු කයිකාල් සෝදායි
  4. ශිවාග්‍ර යගු මිතිලිසි බිනුවයි
  5. ශිවාග්‍ර යගු දුදලයා පුරාවයි
  6. ශිවාග්‍ර යගු මෝදරාන්‍ය කුළසයි
  7. ශිවාග්‍ර යගු මෝලිමුෂා, ධෝටරයි
  8. ශිවාග්‍ර යගු මාණ්ඩිල කෙවෙස්තයි
  9. ශිවාග්‍ර යගු බාණම් කසියයි

    ඉහත ආකාරයට මෙම මිගින්නේ සඳහන්ව ඇති බව ඉතිහාසඥයන්ගේ මතය වී ඇති අතර, මිගින්ත ගැන සොයා යෑමේදී රාවණ උපත පිළිබඳවද තොරතරු හමුවෙයි.

    ඒ අනුව රාවණගේ උපත පිළිබඳව පළමු අනාවැකිය පවසා ඇත්තේ ශිවයි. දෙවැනි අනාවැකි ධ්‍යාන වැඩූ ඍෂිවරුන්ගේයි. මෙහිදී තවත් විශේෂ රහස් රැසක් හෙළිව තිබේ. එහිදී ශිව හඳුන්වන තවත් නමක් ලෙස ඝෝෂි විෂුරගි යන නාමය හඳුනාගෙන තිබේ. තවත් රහස් රැසක් හෙළි කරන ශිවගේ අනාවැකි ප්‍රස්ථනයක මෙසේ සටහන් වී ඇති බවද පැවසෙයි.

    ක්‍රයිසා කත්ධීරා තාරා මණි කුණ්ඩලා යුග්‍රමනි මණ්ඩඩටීක ෂා හේවාර යද්දි ප්‍රමිතාත් භාරේ මුරුතාජි මන්දේ දේශ මුරුතායි මුරාෂා කන්තේ.’

    රාවණ ඉක්මවා යන්නකු ගැන අනාවැකියක් එම සටහනේ පැවසෙන බවට හඳුනාගෙන ඇති අතර මෙහි සිංහල තේරුම නම් මෙසේයි.

    සොබාදහම සැමදා සොඳුරු රාජ්‍යයක් වෙයි. මපුත රාවණ නුඹ මතු දිනක සොබාදහම් රාජ්‍යයේ රජු බවට පත්වෙයි. එයිනුත් මතු දිනෙක සොබාදහම් රාජ්‍යයේ රජු නුඹ අභිභවා යන ශක්තිවන්තයෙක් බිහිවෙයි. එසේ බිහිවන එම ශක්තිවන්තයා ආධ්‍යාත්මිකව භෞතිකව නුඹ අභිභවා යයි. ඔහු මහා රාවණට වඩා ඉහළ ශක්තිවන්තයෙක් වෙයි.

    ශිව දෙවියන් මෙම අනාවැකියෙන් පවසා ඇත්තේ අප මහා ගෞතම බුදුරජුන්ගේ මෙලොව පහළවීම බවයි පැවසෙන්නේ. එමඟින්ම රාවණ ඉතිහාස කොතරම් දුරට විහිදී යන්නේද යන්න ඉඟියක් පළකෙරෙන අතර, රාවණගේ උපත පිළිබඳව ශිව තවත් විශේෂ රහස් ගොන්නක් හෙළිදරව් කර ඇත.
    එනම් රාවණගේ උපත සිදුවීමේදී සුවිශේෂී තාරකා හතරක් පායයි. එම තාරකා හතර සීගිරියට ඉහළ අහසේ සීගිරිය වටකොට බබළයි.

    එම තාරකා හතර,
  • විර්ධන් සුඛී
  • දෙමාසිකී
  • වේසර්ථා
  • ඔසාමේධි
    නමින් නම් කර ඇති අතර, රාවණගෙ උපතට පෙර ඍෂිවරුන් පවසා ඇති අනාවැකි වන්නේ අදින් වසර සියයක් ඉක්මවන දිනයේ ශිවගේ පුත් රාවණ හෙළයේ උපත ලබන බවත්, ඒ බව සියල්ලන්ට දැනුම් දීමට තාරකා තුනක් රාවණ උපත ළංවෙත්ම පායා එන බවත්, එම තාරකා, තුන පායා ඒමෙන් එය සනාථ කෙරෙන බවත්ය. එම තාරකා තුන ගැන ඍෂිවරුන්ද මෙලෙසද සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.

    පළමු තාරකාව විග්නා කුෂි තාරකාව බවත් එය වල්ගා තරුවක හැඩයක් ගන්නා රෝස පැහැති තාරකාවකි. දෙවැනි තාරකාව විමාෂි තාරකාව බවත් එය වළල්ලක් මෙන් රැස් විහිදුවයි. ළා නිල් පැහැතිය. තුන් වැනි තාරකාව වේසර්ධා තාරකාව රත්තරන් මිශ්‍ර වර්ණ පහකින් යුක්තය. වර්ණ හතකින් සමන්විත තල හතක් දක්වයි යන්නෙන් ඍෂිවරුන් අර්ථ දක්වා ඇති බවද පැවසෙයි. කෙසේ නමුත් සීගිරි කේන්දරය එහෙමත් නැත්නම් සීගිරි මිගින්න ඇසුරින් හෙළිකරගත් රහස් අතර, තවත් කාරණා රාශියක් වෙයි. ඉන් ප්‍රධාන තැනක් ගන්නා කාරණාවක් ලෙස රාවණයන් විසින් ලියන ලද පොත්පත් ගැන රහස් විශේෂ වෙයි. ඒ අනුව රාවණයන් ලියූ පොත් ලෙසින්,
  1. කාලම්භ මන්ධික සෝග්‍රය
  2. මණි විග්‍ර ශෝචය
  3. සෝයම් කට්ටුව
  4. විශ්ව සන්ජකය
  5. මණිමණ්ඨික කාග්‍රය
  6. බහිමා සුචය
  7. කුණ්ඩා සුචය
  8. කෝෂිතාග්‍රය
  9. දූසල්ලය
  10. සුධාලිය
  11. වග්‍ර රක්තය
  12. පේෂිකා සූර්ණය
  13. තායිම් වග්‍රය
  14. වායිම් වග්‍රය
  15. වේඝාර කණ්ඩුව
  16. ශල්‍ය කණ්ඩුව
  17. තිශාමුත කණ්ඩුව
  18. රුද්‍රි කණ්ඩුව
    යන පොත් 18ක් හඳුනාගෙන ඇත.

    ජයනප්‍රවාදයන්හි සඳහන් වන ආකාරයට රාවණ රජු සියලු අංශයන්හි පරතෙරට දත් නිපුණයෙකි. විශාරදයෙකි. එසේම ඔහු විශ්වය සමඟින් ගනුදෙනු කරන්නට සමත්කම් දැක්වූ විශිෂ්ටයෙකි. ඔහුගේ විශිෂ්ටතම නිර්මාණයක්සේ සැලකෙන සීගිරියද බල සමූහයකින් සමන්විත ස්ථානයක් සේ සැලකෙයි. එම බලශක්ති ගණන පන්දහස් පන්සිය තුනක් ලෙස සැලකෙයි. ඒවා බලශක්ති වර්ග තුනකට බෙදෙයි.

    එම බල විශේෂ තුන වන්නේ,
  • ශිව විහර්ක ආකාශබල එක්දහස් එකසිය තුනයි
  • ශිව වායුබල එක්දහස් හාරසියයි
  • ශිව භූමිබල පන්දහසයි
    භූමි ශක්ති යටතේ දොරටු තුනක් විශේෂ කොට දක්වා ඇති අතර ඒවා,
    සන්ධිරිය – දේව දොරටුව
    ජ්වාධි – නාග දොරටුව
    දුල්සි – බ්‍රහ්ම දොරටුව
    ලෙසින් සැලකේ. එනම් දේව, නාග, බ්‍රහ්ම යන ලෝකවලට පිවිසීමට ඇති දොරටුව සීගිරිය ලෙස හඳුන්වා දී ඇත. ඒ අනුව සීගිරිය යනු රාවණ රජු විශ්වය සමගත්, දේව, නාග, බ්‍රහ්ම යන ලෝක සමඟත් ගනුදෙනු කිරීමට යොදාගත් අතිවිශේෂ බලයක් සහිත සුවිශේෂී ස්වාභාවික පිහිටීමකින් හෙබි ස්ථානයක් ලෙස එවකට භාවිත කර ඇති බවද පැහැදිලි වෙයි.

    කුමාර රත්නායක
SendShareShare
Previous Post

නෝට්ටු නැතුව ගනුදෙනු කරන්න කොමර්ෂල් බැංකුව සහ PAYable වෙතින් Smart POS-Mini

Next Post

නිජබිම් කතාවේ සැබෑ නොවන සිහිනය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.