• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

නිකවැරටිය බණ්ඩාර දේවාලයේ අභිරහස

November 16, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
නිකවැරටිය බණ්ඩාර දේවාලයේ අභිරහස
Share on WhatsAppShare on Facebook

ඉඟිනියාගල ඩී.ඇස්. සේනානායක සමුද්‍රය හදන කොට, වැව ඉහත්තාවේ තිබුණ. පැරැණි හුදකලා කැලෑ ගම්මාන කීපයක් වැවට යට වුණා. මේ ගම්මාන ආශ්‍රිතව ඉපැරැණි දේවාල දෙකක් තිබුණා. ඒ අතරින් බිබිල කොටබෝව දේවාලය වැවට යට වුණේ නෑ. ඒත් හාස්කම්වලින් පිරුණ නිකවැටිය දේවාලය යටවුණා. නමුත් ගම්වැසියන් ප්‍රධාන කපු මහත්තයා දේව ආභරණ පොදි බැඳගෙන ගල්ඔය අලුත් ඉඩම්වලට ගියා. අන්න එතැන හොඳ ඓතිහාසික කතාවක් තියෙනවා. පුළුවන් නම් හොයා බලන්ට. වැඬේ අමාරුයි. මොකද කියනවා නම් ඒ විස්තර දන්න සේරම ඇත්තො දැන් මිය පරලොව ගිහින්. දවසක් අප හමුවට පැමිණි හිතවතෙක් අලුත් තොරතුරක් දුන්න. පත්තර උණෙන් පෙළුණ මට මේක හොඳ ආරංචියක්. ඒ හින්ද එදා ඉඳන් නිකවැටිය දේවාලයේ දේව ආභරණවලට මොකද වුණේ කියල හොයන්ට පටන් ගත්තා. මගේ ගමන් සගය වන යූ.ඩබ්ලිව්. හේන්ගොඩගේ එක්ක මුළු වැව්ගම්පත්තුවම පීරල හොයා බැලුව. ඒත් හරි ආරංචියක් නම් ලැබුණෙ නෑ. ඒ වගේම බොරු තොරතුරුත් ලැබුණ. ඒව පස්සෙත් පැන්නුව.

හොයල බලන කොට ඒව සත්‍යයෙන් තොරයි කියල පෙනුණ. ඒත් වැඬේ අත් හැරියෙ අප නෙමේ. මේ වගේ වටිනා ඓතිහාසික තොරතුරක් කාලයේ වැලි තලාවෙන් වැහිල නැවත හොයා ගන්ට බැරි වුණොත් ඒක ජාතික අපරාධයක්. ඒ වගේම බොරු තොරතුරු ලියල ඉතිහාසය බොරුවෙන් මුළා කරන එකත් ජාතික අපරාධයක්. ඒ හින්දම ඉඩක් ලැබෙන හැම වෙලාවකම අපේ කාලය වැය කළේ සේනානායක සමුද්‍රයට යටවුණ නිකවැටිය දේවාලයේ දේව ආභරණවලට මොකද වුණේ කියල හොයන්ට.

ඔය අතරේදී අපිට විශ්‍රාම ගිය ග්‍රාම නිලධාරි 69 හැවිරිදි ජයවර්ධන මහත්තයා හදිගැහුණ. අත ළඟ තිබුණ දේ කටේ දා ගන්නෙ නැතිව වටේට ඇවිද්ද අපි අපිටම දොස් කියා ගනිමින් ජයවර්ධන මහත්තයට කන් දුන්න. මේ ගැන හරි හමන් ඇත්ත විස්තරයක් කියන්ට දන්න කෙනෙක් මේ අහල ගං හතක නෑ. දන්න අය සේරම මිය පරලොව ගිහින්. නිකවැටිය දේවාලයේ කපු මහත්තයා ඒ කියන්නේ කටුහම්පොළ ආරච්චි පයින්ඩෙ කරපු සුදුබංඩා මගේ නෝනගේ තාත්තා. අම්මා, තාත්තා මැරෙන කොට මගෙ නෝනට ඕන්නම් වයස අවුරුදු හත අටක් ඇති. එයාට දේවාලේ ගැන හරියට මතකයක් නෑ.

ඉන් පස්සෙ කතා කරන්ට පටන් ගත්තෙ 63 හැවිරිදි කරුණාවතී. “අපේ පවුලෙ පස් දෙනයි. මම තුන් වැනියා. මට අම්මා තාත්තා ගැන යාන්තමට මතකයි. මේ ගැන හරි විස්තරයක් දැන ගන්ට ඕන නම් අපේ අයියා මුණගැහුණොත් හරි. ඒත් අයියා ගමේ නෑ. ඉන්නේ කතරගම රම්මිණිතැන්න ගමේ දූලගෙ ගෙදර. එයා මුණගැහුණොත් නම් විස්තර දැනගන්ට පුළුවනි.
අන්තිමේදී නිකවැටිය දේවාලය ගැන හරි තොරතුරක් දැනගන්ට ඕන කරන කරුණු කාරණා සහසුද්දයෙන්ම දැන ගත්ත අපි පියසේන මහත්තයා හදි ගැහෙන්ට ගියා. නිකවැටිය දේවාලයේ අලගිය මුලගිය තැන්වල සේරම විස්තර දැන ගන්ට අපි දැන් පියසේන අයියට කන් දෙමු.

“මම මේ කියන කතා මීට ඉස්සර කාටවත් කියල නෑ. මගෙන් පස්සෙ මේව වැළලිලා යනව නේද? කියල මහත්තැන්ල පහදල දුන්නට පස්සෙ රටේ අනාගත පරපුරට දැන ගන්ටත් එක්ක කියන එක හොඳයි කියල හිතා ගත්තා. මහත්තයෝ හොඳට හිතට ගන්ට, මහ සේනානායක උන්නැහැ වැව හදන එකයි ඉන් රටට ඇතිවෙන පල ප්‍රයෝජන ගැන තාත්තට පහදල දීල තිබුණා. ඒ හින්දා තාත්තා නිකවැටිය දේවාලෙ අස්කර ගෙන ගල්ඔය යන්ට මනාප වුණා. දේව ආභරණ සේරම ආරක්ෂා ඇතිව ලක ලෑස්ති කළා. දණක් වතුර පිරෙන කොට හිස් මුදුනෙ තියාගෙන ඒවා පරගහකැලේට ඇරගෙන ගියා. විශ්වාසෙට ගන්ට ඒ වෙනකොට කලස් දෙකක් පිරෙන්ට රිදී කාසි විතරක් තිබුණා. මේ සේරම වස්තුව පරගහකැලේ පහේ ඇළේ දෙමටගොඩ ගල් ගුහාවේ තැන්පත් කළා. දේවාලෙ තනන්ට තැනක් ගැන කල්පනා කර කර ඉන්න තාත්තට පස්සර පාලාවත්තේ දිසාවේ උතුම් බංඩාර දෙවියන් වහන්සේ දවසක් හීනෙන් දේවාලෙ තනන්ට සුදුසු තැන පෙන්නා දී තියෙනවා. එතැන කැලෑව එළි පෙහෙළි කරල ශුද්ධ පවිත්‍ර කරල වරිචිචි බිත්ති බැඳල රට උළු සෙවිලි කරල දේවාලය හැදුවෙ අලියාකඩ කියන තැන.

පස්සර පාලාවත්තේ දිසා හතට අධිපති උතුම් බංඩාර දෙවිවරු 44 කට්ටුව, 24 කට්ටුව සහ 12 කට්ටුව දෙවියන්ගේ මහා දේවාලයයි. දැඩිමුණ්ඩ දෙවියන් ප්‍රධාන කතරගම, ගණ, විෂ්ණු, භද්‍රකාලි දේව රූපයි තැන්පත් කළා. දැන් දේවාලය ගමට සම්පතක්. ආශීර්වාදයක්. කප්රුක පහළ වුණා වගේ. අහල පහළ ගම්වැසියන්ගේ ඕන එපාකම් ඉටු කරනවා. ගමට ලෙඩ දුක් වසංගත එනකොට දෙවියන්ට බාරවෙලා පඬුරු ගැට ගහනවා. දෙවියන්ගේ ආශීර්වාදය ඉල්ලනවා. හේන් වගාවටයි, කුඹුරු වගාවටයි වෙන හානි මොනවත් නෑ. හොඳ අස්වනු ලැබෙනවා. කොටින්ම කියනවා නම් මුළු ගමටම කිරි ඉතිරෙනවා. කතරගම, මයියංගණය, කොටබෝව, මහ නුවර දේවාලවල මංගල්‍ය අවසන් වුණාට පස්සේ වස් පිංකම් පටන් ගන්ට කලින් ගම්මු එක්කහු කරගෙන දේවාල මළුව ශුද්ධ පවිත්තර කරල, පාර තොට හරි ගස්සල, තොරන් බැඳල නානුමුර මංගල්‍ය කරල, පෙරහැර පවත්වල, දවස් හතක් තිස්සේ උත්සව පවත්වනවා. ගමට ආශීර්වාද කරල දේවාලය ළඟ නෙලුම් පොකුණේ දිය කැපීමේ මංගල්‍යය කරල දේව ආභරණ පිරිසුදු කරල කෙණ්ඩියට අලුත් පැන් ඇරගෙන හත්දොහේ මංගල්‍ය කටයුතු අහවර කරනවා.

අපේ තාත්තා කිසිම දවසක ගුණ යහපත් දේ මිසක් වැරැදි වැඩක් කළේ නෑ. හොඳ නරක, හරි වැරැදි හැම දෙයක් ගැනම නො වරදින හොඳ දැනුමක් තිබුණා. දවසක් ඈත පළාතක සිට දෙතුන් දෙනෙක් තාත්තට දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කළා. ඒ අයට අයිති මහ ලොකු හරක් පට්ටියක් බලා ගන්ට කොලුවකුට බාර දීල තියෙනවා. දවසක් මේ කොලුගැටය හරක් පට්ටිය තණකොළ කවන්ට බැද්දට ඇන්න ගියාලු. ඒත් හරක් පට්ටිය හිටියට කොලු ගැටය පේන්ට ඉඳල නෑ. හොයා බලන කොට කොල්ල කට්ටිය දැක්කම දුවනවලු. දුවල හැංගෙනවලු. දැන් හරක් අයිතිකාරයන්ට කරකියා ගන්ට දෙයක් නෑ. බැරිම තැන කොලු ගැටය ගෙන්නල දෙන්ට කියල මේ ගැනවිල්ල තාත්තට කීවා. වෙලා තියෙන සංගදිය තාත්ත ටක්කෙටම දැන ගත්ත. “මංගර දෙවියෝ කොල්ල හංගාගෙන. හොඳයි, අපි කොල්ලව ගෙන්නා ගනිමු… දේවාලේ පඬුරක් කාරිය ගැට ගහල දෙවියන්ට කන්නලව් කරල දේව ආරක්ෂාව ඉල්ලමු. වරු තුනක් යන්ට කලියෙන් කොල්ල ගෙදර එයි” කියපු තාත්තා වත්පිළිවෙත් ඉෂ්ට කළා. “කොල්ල ගෙදරට ගෙන්න ගෙන විතරක් මදි. කොල්ල ගෙදර ආවාම අපි තොවිලයක් නටන්ටත් ඕන.” ආපු අය ඉල්ලීමක් කළා. “උඹලාගේ මනාපයක්” කියල කියපු තාත්ත නිශ්ශබ්ද වුණා. මෙන්න බොලේ ගෙදර ගිය මිනිස්සු ආපහු කඩා බිඳගෙන දේවාලෙට එනවා. “ගුරුන්නාන්සේ… ගුරුන්නාන්සේ… තුන් වරුවක් ගියේ නෑ… අපි යනකොටත් යස අගේට කොල්ල ගෙදර ඇවිත්… අපි කල් නොදා අද හෙටම තොවිලයත් කරමු.” කීව වගේම තාත්ත මංගර කාරිය තොවිලයකුත් නටල ඒ අයට ආශීර්වාද කළා.

තවත් දවසක් ඔය මාතර පැත්තෙ ඩෝසර් ඔපරේටර් උන්නැහැ කෙනෙක් ඉඩම් නඩුවකට මැදිහත් වෙලා අනිත් පැත්තට ඉඩම සින්න වෙන්ට යනව කියාගෙන පිහිටක් ඉල්ලල තාත්ත හොයාගෙන ආවා. ඉඩම් නඩුවෙන් දිනුවොත් දේවාලෙට යන්ට හරස් වෙලා තියෙන මෙම මඩ වගුර මගේ ඩෝසරය ඇරගෙන ඇවිත් පුරවල දෙනව. කොහොම හරි නඩුවෙන් ඉඩම බේරල දෙන්ට කියල පිංසෙණ්ඩු වුණා. මඩ වගුර පුරවල දෙන එක උන්නැහැගෙ කැමැත්ත නම් මයෙන් බාධාවක් නෑ. මම මගෙ රාජකාරිය කරල දෙන්නම් කියපු තාත්ත එයා ලවා දේවාලයේ පඬුරක් ගැට ගස්වල ආපු වැඬේ කරල දුන්න. මිනිහ නඩුවෙන් දිනුව. ඉඩම බේර ගත්ත. ඒත් දේවාලෙ පැත්ත පළාතේ ආවේ නෑ. ටික දොහක් ගියාම ආවෙ නරක ආරංචියක්. මිනිහ ඔපරේටර් වැඬේ කළ ඩෝසරය පෙරළිල ඒකට යට වෙලා උන්ද පරලොව ගිහින් තිබුණා.

මේක අපේ තාත්තට වින කටින්ට ගිය කාංඩෙක වැරැදිලා ගිය කුරුමානමක්. දවසක් තාත්ත මුල්ලේගම පන්සලේ පිංකමකට ගිහින් තියෙනවා. පිංකමේ වැඩ කටයුතු සරුවට කෙරෙනවා. මේ අව් අස්සේ කවදාකවත් නො දැකපු ඇත්තෙක් තාත්ත හදි ගැහිල මෙහෙම කියනවලු. “ගුරුන්නාන්සේ… ගුරුන්නාන්සේ අර කඬේ උණු උණුවේ ආප්ප තියෙනවා..උණු ආප්පයක් කාල කහට ඇබින්දක් බොන්ට යමුද?” අපේ තාත්තා කිසි කෙනෙක්ගෙන් නිකරුණේ ඇල් වතුර උගුරක්වත් බොන මිනිහෙක් නෙමේ. ඒත් මේ උපාසක වෙස් ගත්ත පිංගුත්තරයා වෙන කාගෙ හරි පිල්ලුවක් තමා කියල දැන ගත්තු තාත්තා තේ බොන්ට කඬේට ගියාලු. ගියාට මොකද හොඳ සිහි කල්පනාවෙන් ඉන්න කොට පැත්තක හිටපු ගුරෙක් අංගමක් පිම්ඹලු. ඉඳගෙන හිටිය තාත්ත එක පාරටම පිටි පස්සට බර වුණාලු. පිම්ඹ අංගම වැදුණෙ ඊට එහා හිටපු අංගම පිම්ඹ එකාගෙම මිනිහකුටලු. ඌ නහයෙන් කටින් ලේ දමාගෙන බිම වැටිල දඟලන කොට ඒක දැක්ක නො දැක්ක ගානට නැගිට්ට තාත්ත තේ බොන්ට කතා කරපු එකා දිහා ඔරවල බලල ආපහු පන්සලට ගියාලු. කිසිම දිනක නො කළත් තමන්ට බේරෙන්ට බැරි තැනම විතරක් කරන ඉදිරි රස්ටටු, අංගම්, පිල්ලු, නර හස්ථ, ඉරි පැන්නුම්, මල් පැන්නුම් වගේ දේවල් පිළිබඳ හරියටම දන්න කෙනෙක් හිටියනම් ඒ අපේ තාත්තා. අහල ගං හතකවත් තාත්තා දන්නා තරම් මේ සෑත්තරේ දන්න කෙනෙක් හිටියෙ නෑ. ඒත් ගුණ යහපත් දෙයක් කළා මිස තාත්තා කිසිම දාක වැරැදි දෙයක් කළේ නෑ. අහල පහළ පිංකම්වල මුල්තැන ගත්තේ අපේ තාත්තා.

60 දශකයේදී විතර දේවාල රාජකාරිවලින් නිදහස් වෙන්ට කල්පනා කරපු තාත්තා වාවින්නේ හිටපු තාත්තා හදා වඩා ගත්තු මුනුපුරකුට දේවාල රාජකාරි පංගනාත්තු කළා. මහ ලොකු පෙට්ටගම් දෙකක් පුරවල යන්තර මන්තර ගුරුකම් පුස්කොළ පොත් පෙට්ටි දෙකක් තිබුණා. දවසක් මම ඉස්කෝලේ ඇරිල ගෙදර එනකොට පැදුරක් එළාගත්ත තාත්තා මේ පොත් තෝර තෝරා ගොඩවල් දෙකකට වෙන් කරනවා. එතැන වාඩිවුණ මම එක පුස්කොළ පිටුවක් හොරාට ඇරගෙන කකුල අස්සේ ගහගෙන හංග ගත්තා. ටික වෙලාවක් ගියාට පස්සේ “පුතේ… හංගාගෙන ඉන්න පත් ඉරුව දීපන්” කියල කීවා. මම පත් ඉරුවක් ගත්තෙ නෑ කියල කියන කොට උඹේ කකුල යට තියෙන පත් ඉරුව දීපන් කීවා. මම ඒක තාත්තට දුන්නා. එතකොට තාත්ත කී දෙයක් මට අද වගේ මතකයි. “පුතේ… මේ සාත්තරෙන් හොඳ නරක දෙකම කරන්ට පුළුවනි. මම කවදාකවත් නරක වැඩවලට මේව පාවිච්චි කළේ නෑ. ජීවිතේ ගියත් මේ සාත්තරේ ප්‍රයෝජනයට ඇරගෙන වැරැදි දෙයක් කරන්ට එපා” කියල අවවාද කළා. පස්සෙදි වෙන කෙනකුගෙ අතට ගියොත් වැරැදි දෙයක් කරයි කියල හිතල තෝරපු පොත් දෙගොඩෙන් නරක වැඩ කරන්ට පුළුවන් පොත් ගොඩ එළියෙ පොල්ගහ මුලට දාල ගිනි තිබ්බා. අනිත් පොත් පෙට්ටියට දැම්මා.

මේ වෙන කොට සේනානායක සමුද්‍රයට යටවුණ නිකවැටිය දේවාලයට අයිති දේව ආභරණවලින් කොටසක් පියසේන අයියා බාරයේ ආරක්ෂාකාරීව තබාගෙන සිටී. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ කටුහම්පොළ කපු මහත්තයාගේ ජීවිතය හා සමාන බෝන්දි වැලයි. කටුහම්පොළ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වී ඇති මෙම බෝන්දි වැලට පරම්පරා හතකට එහා ගිය ඉතිහාසයක් ඇතැයි වර්තමාන කටුහම්පොළ පරම්පරාවේ ඇත්තෝ විශ්වාසය පළ කරති. බෝන්දි වැලේ උඩ පැත්තේ නෙලුම් මලක හැඩ දැමූ අලංකාර රිදී විල්ලකි. එසේම මනස්කාන්තව කැපූ කැටයමකි. උඩ සිට යට දක්වා හය පළක රිදී වළලු සවිකර තිබේ. සෑහෙන බරකින් යුක්තය. මෙය යම්කිසි වැලකින් තනා ගත්තක්ද? ගසකින් තනා ගත්තක් දැයි කීමට දන්නා කෙනෙක් නැත. දැකීමට ඇත්තේ බෝන්දිවැලේ අග කොටස යම්කිසි නො දිරන ලෝහයකින් තනා ඇති බව පමණි. එම ලෝහ වර්ගය පවා දන්නා කෙනෙක් නැත. කටුහම්පොළ පරම්පරාවේ ඇත්තෝ සහ ගම් තුලානේ ඇත්තෝ දන්නේ බෝන්දිවැල සතුව වචනයෙන් කිව නොහැකි තරම් හාස්කම් ඇති බව පමණි.
රැග් විජයසිරි

SendShareShare
Previous Post

වාලුකා නදිය මැද ලෙහෙසි නැති ගමන

Next Post

අද සිට ‘මව්රට’ භාර ‌ප්‍රේමදාසගේ පුතාටද: මහින්දගේ මල්ලිටද? ජනතා තීන්දුව ඇරඹේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.