• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

වාලුකා නදිය මැද ලෙහෙසි නැති ගමන

November 16, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
වාලුකා නදිය මැද ලෙහෙසි නැති ගමන
Share on WhatsAppShare on Facebook

ටොලමි විසින් ගංගා නම් ගඟ හෝ බරකස් වශයෙන් හැඳින්වූ මහවැලි ගඟ ලංකාවේ ගංගා රාජිනිය ලෙස හැඳින්වීම වරදක් නොවේ. මධ්‍යකාලීන ගංගා විස්තරයන්හි මහවැලි ගඟ විවිධ නම්වලින් හඳුන්වනු දැකිය හැකිය. මහා ගංගා, මහා වාලුකා නදී යන නම් තරමක් සුවිශේෂී වේ. මධ්‍යම කඳුකරයෙන් පැනනැඟී මහියංගණයට සැතපුම් හතක් පමණ ආසන්නව ගලා බසින මහවැලි ගඟ ඊසාන දිශාවට බරව උතුරට ගමන් කොට ත්‍රිකුණාමලයට ඔබ්බෙන් මුහුද හා යාවේ.
මෙහිදී සුවිශේෂී ස්ථානයක් ලෙස පොළොන්නරුව සැලකිය හැකි අතර පොළොන්නරුවට නැඟෙනහිරින් ඇත්තේ ගඟේ පිටාර තැනිතලා ප්‍රදේශයයි. එම ප්‍රදේශවල සෑම අස්සක් මුල්ලක් නෑරම ජලයෙන් යට කරන්නට වසරකට අවම වශයෙන් වරක්වත් පිටාර ගලන මේ ගංගාව සමත්කම් දක්වයි. මෙම ජල ගැලීම් නිසා තාවකාලිකව ඇතිවෙන ජලාශ හෙවත් විල්වලින් මේ ප්‍රදේශය පිරී පවතී.

මෙම පිටාර තැනිතලා ප්‍රදේශය සියුම්ව සොයා බැලීමේදී පුරාවිද්‍යාත්මක සහ පෞරාණික වටිනාකමින් බොහෝදුරට වැදගත්කමක් දරයි. මෙම ප්‍රදේශවල හඳපාන් විල, බ්‍රැන්ඩිය විල, ගොන්ගල විල ආදී විශාල විල් ප්‍රමාණයක් පිරී පවතින අතර මනම්පිටියෙන් උතුරට ඇති ප්‍රදේශය බොහෝ සෙයින් මිනිස් පහසක් නොලැබුණු තැන් වේ. මෙම පිටාර සීමාවේ දකුණු සීමාවට පොළොන්නරුවේ සිට ළඟා වීමේදී “සහස්තිස්ස” නමින්ද ප්‍රසිද්ධ සහස්තොට නම් තොටුපොළක් පවතින අතර පුරාණයේ ඉතා ප්‍රසිද්ධ යාත්‍රා තොටුපළක් ලෙස මේ තොටුපළ හඳුනාගෙන තිබේ.
දාස්තොට තොටුපළේ සිට කිලෝමීටර් 6ක් පමණ ගඟ දිගේ ඉහළට ගමන් කළ පසු දිගින් කිලෝමීටර් 1.5ක් පමණ හා පළලින් කිලෝමීටර් 0.5ක් පමණ වන දූපතක් හමුවේ. මෙම දූපත කාලිංග දූව/ කාලිංග නුවර ලෙස අතීතයේ සිට හැඳින්වේ. කාලිංග දූව වටා ජලය වේගයෙන් ගලායන අතර කාලිංග දූපත ප්‍රමුඛ කොටගත් සෙසු දූපත් සමූහය නිසා මහවැලි ගඟ එම ප්‍රදේශය තුළ ප්‍රධානව කොටස් 7කට බෙදී නාළිකා 7ක් සේ ගමන් කරනු ලැබේ.

මධ්‍යකාලීන යුගයේ භික්ෂූන් උපසම්පදා විනය කර්මය සිදුකළ ස්ථානය ලෙස කාලිංග නුවර හඳුන්වාදිය හැකිය. විජයබාහු රජතුමාගේ අනුග්‍රහයෙන් 13 වන සියවසේ සිදුකළ විශාලම උපසම්පදා විනය කර්මය මේ කාලිංග දූපත මූලික කරගෙන සිදුකළ බවට සාක්ෂි හමුවී තිබේ. තවද මේ දූපත පුරා විසිරී පැතිරී ගිය අතිවිශාල නටබුන් ප්‍රමාණයක් දැකිය හැකි අතර මකර තොරණේ නටබුන් ඉලිප්සියාකාර ගොඩනැගිලි පාදම් සහ ගඩොල් බැමි සලකුණු සහ ගල් ඇතිරූ සැතපුම් බාගයක පමණ පාරක සලකුණු ද ප්‍රධාන වශයෙන් හඳුනාගෙන තිබේ.

කාලිංග නුවර පිළිබඳව සහ එහි ඇති නටබුන් පිළිබඳව ප්‍රථමයෙන් අනාවරණය කරගන්නේ 1965දී සැලසුම් ශිල්පියකු ලෙස මහත් ප්‍රසිද්ධියට පත් ආර්. බ්‍රෝහියර් විසිනි. එසේම විජයබාහු රජතුමාගේ කාලයට කලින් පරාක්‍රමබාහු රජු විසින් බුරුමය ආක්‍රමණය සඳහා භාවිත කළ නැව් තොට මෙය බවද මතයක් පවතී. මහවැලි ගඟේ පළල මේ අදාළ ස්ථානයන්හිදී කිලෝමීටර් 1ට නොඅඩු නිසා මේ මතවාදය ද සාපේක්ෂව නිවැරැදි වන අතර නැව් ගමන් කිරීමට තරම් ගැඹුරක් සහ පළලක් සැබැවින්ම මහවැලි ගඟ සතු බවද දැකිය හැකිය.

අපේ ගමනේදී උදෑසනම පොළොන්නරුවටත් එතැනින් උදේ ආහාර රැගෙන මනම්පිටියෙන් කාලිංග දූපතටත් පිටත් වුණ අප හට මූලික වශයෙන් අභියෝගයක් වූයේ ගඟ හරහා ගමන් කොට ප්‍රධාන දූවට එනම් කාලිංග නුවරට ළඟාවීමත් පසුව සෙසු දූපත් සොයා ගැනීමත්ය. පළමු කොටස සාර්ථකව අවසන් කළද, දෙවැනි කොටසේ ගඟ හරහා එතෙරවීම අතිශයින්ම අමාරු කටයුත්තක් වූයේ එදින සැඩ පහරේ වේගය වැඩි වූ නිසාය. කෙසේ හෝ තැන් කීපයක් පරීක්ෂා කොට තැනක් තෝරාගෙන එතෙරවීම ඇරඹුවෙමු. ගඟ මැද පිහිටි ගල් තලාවකට පළමුව ගොඩ වී ඉන් පසුව ඉතුරු ටික වෙනම ලීයක ආධාරයෙන් අසීරුවෙන් තරණය කළෙමු. එහා ඉවුරට ගොඩ වූ පසු ගමන ලේසිය. දැන් ඇත්තේ දූපත ගවේෂණය සහ නටබුන් සොයා යෑමයි.
ගඟ මැද වතුරට ගසාගෙන ආ ගසක කොටසක් කෙළින් අතර සිරවී තිබූ අතර එය අපගේ තරණයේදී විශාල මඟ පෙන්වන කොටසක් ලෙස දායක විණි. අපි කාලිංග නුවර දූවට ගොඩ වී මඳ වේලාවකින් අදාළ කොටස ගැලවී වතුරේ ගසා ගෙන යන අයුරක් දක්නට ලැබිණි. ගඟේ වතුර ක්ෂණිකව වැඩිවෙමින් පැවතිනි. අපි දූපත ගවේෂණයට ගොස් පැමිණෙද්දී එතෙරවීමට බැරි ප්‍රමාණයට වතුර වැඩිවී අපි දූපත තුළ කොටු වීමට ඉඩ ඇති බැවින් පෙරළා ආපසු පැමිණීමට තීරණය කළ අපි ගඟෙන් එතෙරවීම ඇරඹුවෙමු.

අපගේ නිගමනය නිවැරැදි බව පෙන්වමින් තරණය අතිශයින්ම අසීරු කිරීමට සැඩ පහර සමත්විය. වතුර ප්‍රමාණය සීඝ්‍රගාමී ලෙස ඉහළ නඟිමින් පැවතුණ අතර රිටක් ආධාරයෙන් කළ තරණය එක් අවස්ථාවක ඉවත දමා මටත් අසිතටත් පිහිනා ගල් පොත්තක් කරා යෑමට සිදු විය. දූපත ගවේෂණය පසු දිනකට කල් තබා අපි පොළොන්නරුවට සමු දුන්නෙමු. අධික වන අලි ගහනය සහ වලස් ගහනය මේ ගමනේ බැරෑරුම්කම වැඩි කරන අතර ගම්වාසීන් ද මේ හේතු නිසාවෙන් තරමක විරෝධතා දක්වනු ඇත. නැවත දවසක කාලිංගය සොයා යන අරමුණින් පසුවන අතර වියළි කාලය තෝරාගැනීම සාර්ථකත්වයට හේතු වනු ඇත.

සසිත පෙරේරා

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් වෙතින් නව ලීසිං ප්‍රවර්ධනයක්

Next Post

නිකවැරටිය බණ්ඩාර දේවාලයේ අභිරහස

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ශ්‍රී ලන්කන් ගුවන් සමා­ග­මට 2013 වස­රේදී යානා දහ­ය­කින් සම­න්විත ගුවන් බල­ඇ­ණි­යක් මිලදී ගැනී­මේදී යුරෝ­පීය ගුවන් සමා­ග­ම­කින් අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 2ක...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.