• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

උදුම්බරා ගැලවෙද්දි නදීශානි අතුරුදන්?

August 31, 2019
in Heart
Reading Time: 2 mins read
A A
උදුම්බරා ගැලවෙද්දි නදීශානි අතුරුදන්?
Share on WhatsAppShare on Facebook

අපේ රටේ පමණක් නොව බොහෝ රටවල තමන්ගේ වෙනත් දක්‍ෂතාවක් තුළින් කලා ක්‍ෂේත්‍රයට පිවිසි රංගන ශිල්පීන්, ශිල්පිනියන් බොහොමයි. එලෙස තණ නිල්ලේ දක්‍ෂකම් පෑ ඇය පසුකාලීනව ජාත්‍යන්තරය සමඟ තරග කර රන් පදක්කම් ගන්නට සමත් වුණා. ඒ හරහා ඇයගේ දක්‍ෂතාව රිදී තිරයටත් ආවා. ඒ “උදුම්බරා” චිත්‍රපටය හරහා. ඉතින් උදුම්බරා සමඟින් කලා දිවියට පිවිසි ඇය නමින් නදීශානි හෙන්ඩර්සන්. ඇත්තටම ඇය දැන් මොකද කරන්නේ? අපි පොඞ්ඩක් ඒ ගැන හොයලා බැලුවා.

“උදුම්බරා” චිත්‍රපටයෙන් අපි දැකපු උදුම්බරා දැන් කෝ නදීශානි?
උදුම්බරා චිත්‍රපටයෙන් පස්සේ මම රඟපෑමෙන් ඈත් වුණේ නැහැ. තවත් චිත්‍රපට කිහිපයකින්ම මට ආරාධනා ලැබුණා. ඒත් මම බලාපොරොත්තු වුණු චරිත නෙවෙයි මට ලැබුණේ. සමහර චිත්‍රපටවලf රූපගතකිරීම් නුවර වගේ දුර ප්‍රදේශවල මාස ගණන් ඉන්න සිද්ධ වෙන නිසා මම සම්බන්ධ වුණේ නැහැ. රාජකාරි කටයුතු සඳහා බාධාවන් වෙන නිසා. ළඟදී නම් තවත් චිත්‍රපටයකින් මට ආරාධනා කළා. කොළඹ අවට තමයි එහි රූප ගතකිරීම් කටයුතු තියෙන්නෙ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නැති වෙයි කියලා හිතනවා. අනෙක් එක මට තාම හොඳ චරිතයක් ලැබුණෙත් නැහැ.
හොඳ චරිතයක් ලැබුණේ නැහැ කියලා ඔබ අදහස් කළේ?
මට ආරාධනා කළේ ඓතිහාසික නිර්මාණවල රඟපාන්න. ඉතින් මම හැදුණු වැඩුණු පරිසරය සමාජය එක්ක මට කරන්න පුළුවන් චරිත තිබෙනවා. බැරි දේවල් කරලා අනාගන්න මම කැමැති නැහැ. මට එහෙම චරිත තෝරගන්න කියලා මම ජනප්‍රිය රංගන ශිල්පිනියක් නෙවේ. නමුත් මට කරන්න පුළුවන් පරාසයක් තිබෙනවා. ඒ සීමාව තුළ මම ඉන්නේ.
ක්‍රීඩිකාවක් වෙන්න සිහින දැකපු නදීශානි දැන් වෙනස් වෙලා?
මම ක්‍රීඩාවෙන් සමුගෙන නැහැ. නමුත් උදුම්බරා චිත්‍රපටයෙන් මාව වෙනස් මාවතකට ගෙන ගියා. නිළියක් වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. උදුම්බරා චිත්‍රපටය සමහර විට හැදුණේ මම නිසා වෙන්නත් පුළුවන්. මට ක්‍රීඩාව පුළුවන් වුණු නිසානෙ මාව උදුම්බරා චිත්‍රපටයට සම්බන්ධ කරගත්තේ.
සිනමා තාරකාවක් වුණු ඔබ පුංචි තිරයට එකතුවෙන්න කැමැති නැද්ද?
සිනමා නිළියක් වීම සතුටක්. නමුත් චිත්‍රපටය නොබලපු පිරිසකුත් ගම්දනව්වල ඇති. සමහරු මම රඟපාන බව දන්නේවත් නැතුව ඇති. ඉතින් ටෙලිනාට්‍යයක රඟපාන්න ලොකු ආශාවක් තිබෙනවා. ඒත් තවම මට ආරාධනා ලැබුණෙ නැහැ. මොකද කවුරුත් දන්නැහැනේ මම ටෙලි නාට්‍යයක රඟපාන්න කැමැත්තක් දක්වන බව.
නදීශානි ආදරවන්තියක් කියලත් කටකතාවක් යනවා. ක්‍ෂේත්‍රයේ කෙනෙක්ද?
අපෝ නැහැ. එයා ඉන්ජිනේරුවෙක්. එයා මාව හොඳට තේරුම් ගත්ත කෙනෙක්. මම රඟපානවට කිසිම බාධාවක් නැහැ. සමහර විට ලබන වසරේ විවාහ වෙන්නත් ඉඩකඩ තිබෙනවා.
සිනමාවේ පෙම් බැන්ද කුමාරයෙක් එහෙම නදීශානිගේ හදවතේ ලැගුම්ගෙන ඉන්නවාද?
මම ගොඩාක් කැමැති ෂාරුක් ඛාන්ට. ලංකාවේ හැමෝටමත් කැමැතියි. නව පරපුරේ ශිල්පීන් ගොඩාක් දක්‍ෂයි. මට එහෙම වර්ගීකරණය කරන්න බැහැ. දක්‍ෂ නිසානේ නිර්මාණවල ඉන්නේ. හැමෝම එක්ක රඟපාන්න කැමැතියි. හැබැයි ලංකාවේ ජැක්සන් ඇන්තනි වගේ දක්‍ෂ රංගන ශිල්පියකු සමඟ පළමු වතාවට මට රඟපාන්න ලැබීමත් භාග්‍යයක්.
කලා ක්‍ෂේත්‍රයට ඇවිත් වැඩි කාලයකුත් නැහැ. චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට අදහසක් තියෙනවා කියන්නෙ ඇත්තද?
අම්මෝ ඒක පුංචි හීනයක් විතරයි. බලමු ඉදිරියේදී. උදුම්බරා චිත්‍රපටය බැලුවට පස්සේ මට ආපු සිතුවිල්ලක් තමයි ඒක. එදා මට හිතුණා මටත් කවදා හරි නිර්මාණයක් කරන්න තිබුණා නම් කියලා. ඉතින් විදේශ රටකට ගිහින් රංගන ගැන හදාරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ධනවතුන් පැවිදිවුණු රාජකීය විහාරය

Next Post

මවගෙ මරණයෙන් පසු උපන් මහාකොළසන්නි යකා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.