අපේ රටේ පමණක් නොව බොහෝ රටවල තමන්ගේ වෙනත් දක්‍ෂතාවක් තුළින් කලා ක්‍ෂේත්‍රයට පිවිසි රංගන ශිල්පීන්, ශිල්පිනියන් බොහොමයි. එලෙස තණ නිල්ලේ දක්‍ෂකම් පෑ ඇය පසුකාලීනව ජාත්‍යන්තරය සමඟ තරග කර රන් පදක්කම් ගන්නට සමත් වුණා. ඒ හරහා ඇයගේ දක්‍ෂතාව රිදී තිරයටත් ආවා. ඒ “උදුම්බරා” චිත්‍රපටය හරහා. ඉතින් උදුම්බරා සමඟින් කලා දිවියට පිවිසි ඇය නමින් නදීශානි හෙන්ඩර්සන්. ඇත්තටම ඇය දැන් මොකද කරන්නේ? අපි පොඞ්ඩක් ඒ ගැන හොයලා බැලුවා.
“උදුම්බරා” චිත්‍රපටයෙන් අපි දැකපු උදුම්බරා දැන් කෝ නදීශානි?
උදුම්බරා චිත්‍රපටයෙන් පස්සේ මම රඟපෑමෙන් ඈත් වුණේ නැහැ. තවත් චිත්‍රපට කිහිපයකින්ම මට ආරාධනා ලැබුණා. ඒත් මම බලාපොරොත්තු වුණු චරිත නෙවෙයි මට ලැබුණේ. සමහර චිත්‍රපටවලf රූපගතකිරීම් නුවර වගේ දුර ප්‍රදේශවල මාස ගණන් ඉන්න සිද්ධ වෙන නිසා මම සම්බන්ධ වුණේ නැහැ. රාජකාරි කටයුතු සඳහා බාධාවන් වෙන නිසා. ළඟදී නම් තවත් චිත්‍රපටයකින් මට ආරාධනා කළා. කොළඹ අවට තමයි එහි රූප ගතකිරීම් කටයුතු තියෙන්නෙ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නැති වෙයි කියලා හිතනවා. අනෙක් එක මට තාම හොඳ චරිතයක් ලැබුණෙත් නැහැ.
හොඳ චරිතයක් ලැබුණේ නැහැ කියලා ඔබ අදහස් කළේ?
මට ආරාධනා කළේ ඓතිහාසික නිර්මාණවල රඟපාන්න. ඉතින් මම හැදුණු වැඩුණු පරිසරය සමාජය එක්ක මට කරන්න පුළුවන් චරිත තිබෙනවා. බැරි දේවල් කරලා අනාගන්න මම කැමැති නැහැ. මට එහෙම චරිත තෝරගන්න කියලා මම ජනප්‍රිය රංගන ශිල්පිනියක් නෙවේ. නමුත් මට කරන්න පුළුවන් පරාසයක් තිබෙනවා. ඒ සීමාව තුළ මම ඉන්නේ.
ක්‍රීඩිකාවක් වෙන්න සිහින දැකපු නදීශානි දැන් වෙනස් වෙලා?
මම ක්‍රීඩාවෙන් සමුගෙන නැහැ. නමුත් උදුම්බරා චිත්‍රපටයෙන් මාව වෙනස් මාවතකට ගෙන ගියා. නිළියක් වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. උදුම්බරා චිත්‍රපටය සමහර විට හැදුණේ මම නිසා වෙන්නත් පුළුවන්. මට ක්‍රීඩාව පුළුවන් වුණු නිසානෙ මාව උදුම්බරා චිත්‍රපටයට සම්බන්ධ කරගත්තේ.
සිනමා තාරකාවක් වුණු ඔබ පුංචි තිරයට එකතුවෙන්න කැමැති නැද්ද?
සිනමා නිළියක් වීම සතුටක්. නමුත් චිත්‍රපටය නොබලපු පිරිසකුත් ගම්දනව්වල ඇති. සමහරු මම රඟපාන බව දන්නේවත් නැතුව ඇති. ඉතින් ටෙලිනාට්‍යයක රඟපාන්න ලොකු ආශාවක් තිබෙනවා. ඒත් තවම මට ආරාධනා ලැබුණෙ නැහැ. මොකද කවුරුත් දන්නැහැනේ මම ටෙලි නාට්‍යයක රඟපාන්න කැමැත්තක් දක්වන බව.
නදීශානි ආදරවන්තියක් කියලත් කටකතාවක් යනවා. ක්‍ෂේත්‍රයේ කෙනෙක්ද?
අපෝ නැහැ. එයා ඉන්ජිනේරුවෙක්. එයා මාව හොඳට තේරුම් ගත්ත කෙනෙක්. මම රඟපානවට කිසිම බාධාවක් නැහැ. සමහර විට ලබන වසරේ විවාහ වෙන්නත් ඉඩකඩ තිබෙනවා.
සිනමාවේ පෙම් බැන්ද කුමාරයෙක් එහෙම නදීශානිගේ හදවතේ ලැගුම්ගෙන ඉන්නවාද?
මම ගොඩාක් කැමැති ෂාරුක් ඛාන්ට. ලංකාවේ හැමෝටමත් කැමැතියි. නව පරපුරේ ශිල්පීන් ගොඩාක් දක්‍ෂයි. මට එහෙම වර්ගීකරණය කරන්න බැහැ. දක්‍ෂ නිසානේ නිර්මාණවල ඉන්නේ. හැමෝම එක්ක රඟපාන්න කැමැතියි. හැබැයි ලංකාවේ ජැක්සන් ඇන්තනි වගේ දක්‍ෂ රංගන ශිල්පියකු සමඟ පළමු වතාවට මට රඟපාන්න ලැබීමත් භාග්‍යයක්.
කලා ක්‍ෂේත්‍රයට ඇවිත් වැඩි කාලයකුත් නැහැ. චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට අදහසක් තියෙනවා කියන්නෙ ඇත්තද?
අම්මෝ ඒක පුංචි හීනයක් විතරයි. බලමු ඉදිරියේදී. උදුම්බරා චිත්‍රපටය බැලුවට පස්සේ මට ආපු සිතුවිල්ලක් තමයි ඒක. එදා මට හිතුණා මටත් කවදා හරි නිර්මාණයක් කරන්න තිබුණා නම් කියලා. ඉතින් විදේශ රටකට ගිහින් රංගන ගැන හදාරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.
වසන්ත විතාරණගේ