• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දෙවැනි රාජසිංහ රජුගෙන් ලන්දේසීන්ට තර්ජනාත්මක ලිපියක්

January 2, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
දෙවැනි රාජසිංහ රජුගෙන් ලන්දේසීන්ට තර්ජනාත්මක ලිපියක්
Share on WhatsAppShare on Facebook

දැන් මට පෙනෙන හැටියට සියල්ලක්ම කෙරෙන්නේ නුහුරු අතටයි. ලන්දේසීන් මාන බලන්නේ සියල්ලම තමන් අතට ගැනීමටයි. මේ අන්දමින් ඔවුන් කර ඇති වැරදි බලා ගැනීමට මම පහත රට ප්‍රදේශවලට මගෙ යුද්ධ සේනා සමඟ එමි.

වර්ෂ එක් දහස් හයසිය හතළිස් හයේ මැයි පළමු වැනි දින (1646.05.01) රාජසිංහ ශ්‍රී ලංකාද්වීපයේ අධිරාජයාණෝ ලන්දේසීන්ගේ ක්‍රියාකාරකම් ගැන කෝපාවිෂ්ට වූ දෙවැනි රාජසිංහ රජතුමා සත්කෝරළයේ ලන්දේසි කඳවුර භාර සෙන්පතියාට යැවූ තර්ජනාත්මක සන්දේශයේ ඉහත විස්තරය ඇත.

රජතුමා කෝපාවිෂ්ට වීමට ආසන්නම හේතු වශයෙන් පහත සඳහන් කරුණු දැක්වේ.
දෙවැනි රාජසිංහ රජතුමා ලන්දේසීන් සමඟ සාම ගිවිසුමකට එළැඹී සිටියදී ඒ සමයේ ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරයා වූ තිසන් එක්දහස් හය සිය හතළිස් පහේ මැයි විසි පස් වැනි දින (1645.05.25) රජුට එරෙහිව මීගමුවෙන් සටන් පටන් ගෙන රජුට අයත් සිංහල දේශ සීමාවේදීම රජුගේ ඇතුන් සිව් (4) දෙනකු පැහැර ගැනීම.

මේ විස්තරය අනාවරණය වන්නේ එක් දහස් නවසිය හතරේ මැයි විසි එක් වැනි දින (1904.05.21) එංගලන්තයේදී පැවැත් වූ රාජකීය ආසියාතික සංගමයේ මහ සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ඩොනල්ඞ් ෆර්ග්‍යුසන් මහතා විසින් පවත්වන ලද දේශනයෙනි. කන්ද උඩරට රජ කළ දෙවැනි රාජසිංහ රජතුමා ලන්දේසීන් සමඟ එක් දහස් හය සියයේ සිට එක් දහස් හය සිය හැට (1600-1660)දක්වා කාලය තුළ හුවමාරු කර ගත් ලිපි කීපයක් ඉදිරිපත් කරමින් ඒවායේ සඳහන් විස්තර සමුළුවට දැක්වීමේදී ඉහත තොරතුරුද ඒ මහතා පවසා තිබේ.

දෙවැනි රාජසිංහ රජතුමාගේ අත්සනින් සහ වර්ෂ එක් දහස් හයසිය හතළිස් හයේ මැයි පළමු වැනි දින (1646.05.01) දාතමින් සත්කෝරළයේ ලන්දේසි කඳවුර භාර තිසන් සෙන්පතියාට යැවූ තර්ජනාත්මක සන්දේශයේ පහත සඳහන් විස්තරයද දැක් වෙතැයි ෆර්ග්‍යුසන් මහතා අනාවරණය කර තිබේ.

මගේ ආරාධනයෙන් ඔබලා මෙහි ආවේය. ඉන් පසු මගේ උපකාර ඇතිව බලකොටු කීපයක් අල්ලාගෙන මා සමඟ ගිවිසුම් ඇති කර ගනු ලැබිණි. එම ගිවිසුම්වල එක් කොන්දේසියක් නම් මගේ මේ ලංකාද්වීපයේ මා නියම කරන එක බලකොටුවක පමණක් ලන්දේසීන් සිටිය යුතු බවයි.
(මේඅතර තුර ලන්දේසීන් පරංගීන් සමඟ දස වසරකට ගිවිසුමක් ඇති කර ගත් බවද, මාද එම ගිවිසුමට හවුල්කරුවකු බවද, එසේ මා ගිවිසුමට බඳවා ගනු ලැබ ඇත්තේ මා ලන්දේසීන් සමඟ සමාදානයක් ඇති කර ගත් නිසා බවද කියා තිබේ. දැන් මට පෙනෙන හැටියට සියල්ලක්ම කෙරෙන්නේ නුහුරු අතටයි.

ලන්දේසීන් මාන බලන්නේ සියල්ලම තමන් අතට ගැනීමටයි. මේ අන්දමින් ඔවුන් කර ඇති වැරදි බලා ගැනීමට මම පහත රට ප්‍රදේශවලට මගේ යුද්ධ සේනා සමඟ එමි)
එම සමුළුවේදී ඩොනල්ඞ් ෆර්ග්‍යුසන් මහතා පවසා ඇත්තේ තමා මෙසේ ඉදිරිපත් කරන විස්තර වාර්තා එදිනට (1904.05.21) වසර fදාළහකට (12) පමණ පෙර එනම් එක් දහස් අට සිය අනූ දෙකේදී (1892) පමණ එවකට රාජකීය ආසියාතික සංගමයේ ලේකම්වරයා වූද, ශ්‍රී ලංකාවේ (ප්‍රථම) පුරාවිද්‍යා කොමසාරිස්වරයාවූද, එච්.සී.පී. බෙල් මහතා විසින් සොයා ගනු ලැබූ විස්තර වාර්තා තොරතුරු මෙසේ ඉදිරිපත් කරන බවයි.

පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතා ලංකාණ්ඩුවේ ලේඛනාගාරයේ තිබූ ලන්දේසි වාර්තා පරිශීලනය කරමින් සිටියදී දෙවැනි රාජසිංහ රජතුමාගේ අත්සන යෙදූ සන්දේශ වාර්තා මෙසේ හමුවී ඇති බවද, ඒ අතර රජතුමා විසින් ගාල්ලේ ලන්දේසි සේනාධිපතිවරුන්ට සහ වෙනත් ලන්දේසි නිලධාරීන්ටද යවන ලද ලිපි මෙසේම හමු වී ඇති බවද ඩොනල්ඞ් ෆර්ග්‍යුසන් මහතා පෙන්වාදී ඇත. ලන්දේසි පෘතුගීසි නිලධාරින්ට ලියා ඇති සියලුම සන්දේශ සහ ලිපි රජතුමා විසින් පරංගි හෙවත් පෘතුගීසි බසින්ම ලියන ලදැයිද ඒ මහතා පෙන්වාදී ඇත.

දෙවැනි රාජසිංහ රජුගේ පනස් (50)අවුරුදු දීර්ඝ රාජ්‍ය කාලය තුළ ගනුදෙනු කළ ලිපිවලින් ඉතුරු වී ඇත්තේ ලිපි පහළොවක් පමණක් බවද ඒවායින් බොහොමයක් අතුරුදන්වී ඇති බවද, එසේ අතුරුදන්ව ඇත්තේ ලන්දේසි පාලන කාලයේද, ඉංගිරිසි පාලන කාලයේද යන්න කිව නොහැකි බවද ෆර්ග්‍යුසන් මහතා විස්තර කර තිබේ. ශ්‍රී ලංකාවේ මහ ලේකම් කෙනකු වශයෙන් රාජකාරි කර ඇති ඇමර්සන් ටෙනන්ට් යන අය විසින් ලියන ලද “ලංකාව” නමැති පොතේ එකොළොස් වැනි කාණ්ඩයේ හතළිස් හතළිස් අට (48) වැනි පිටුවේ රාජසිංහ රජු විසින් ලියන ලද ලියුමක මුල් පිටපත තමා සතුව ඇති බවට තිබූ සඳහන දුටු කල විශාල පුදුමයක් සමඟ දැඩි කෝපයක් තමාට (එච්.සී.පී. බෙල් මහතාට) ඇති වූ බවක් සඳහන් කර ඇතැයිද ඉන් පසුව හෝ මේ අන්දමේ ඓතිහාසික වටිනාකම් ඇති ලේඛන ආරක්‍ෂා කරන ලෙසට එංගලන්තයේ රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකත්වයෙන් ඒ මහතා (එච්.සී.පී. බෙල් මහතා) ආයාචනා කර ඇතැයිද ඩොනල්ඞ් ෆර්ග්‍යුසන් මහතා මහ සමුළුවට විස්තර කර තිබේ.

පරංගීන්ගේ (පෘතුගීසින්ගේ) ලිපි ලේඛන වාර්තා බොහොමයක් දහඅට වැනි සියවසේ මුල් භාගයේ අතුරුදන් වී ඇතැයිද ඉතුරු වී තිබූ ලේඛනවලින් කොටසක් ලන්දේසි ආණ්ඩුකාරයකුගේ නියෝගය මත දාමරික ලන්දේසි මහ ලේකම් කෙනකු විසින් ගිනි බත් කරන ලද බව “වැලන්ටයින්ගේ ලංකාව” නමැති පොතේ අංක එකසිය හැත්තෑ හතර (174), තුන් සිය හත (307) සහ තුන්සිය හතළිස් අට (348) යන පිටුවල දක්වා ඇති බවද දේශනයේදී අනාවරණය කෙරී තිබේ.
දෙවැනි රාජසිංහ රජු විසින් වර්ෂ එක් දහස් හය සිය පනස් එකේ අගෝස්තු දහ වැනි දින (1651.08.10) ලියන ලද ලිපිය තමා දුටු බවට සිවිල් නිලධාරියකු වූ ජෝර්ජ් ලී මහතා එම ලිපියේ පසු පිටේ ජී.එල්. යන සිය කෙටි අත්සන යොදා දිනය වශයෙන් එක් දහස් අටසිය තිස් අටේ පෙබරවාරි විසි තුන් වැනි දින (1838.02.23) දාතම යොදා ඇතැයිද ෆර්ග්‍යුසන් මහතා ප්‍රකාශ කර තිබේ.
රජු අත්සන් යොදා ඇති ලියුම්වල කීප දෙනකුගේ අත්අකුරු ඇති බවද, ඒ සියලු දෙනාගේම අත්අකුරු විසිතුරු බවද, මුල් ලිපියේ තීන්ත තද කාලවර්ණ වුවත් ලියන ලද ලිපිවල තීන්ත කහ පැහැයට හුරු බවද දේශනයේදී සඳහන් කර ඇත. සියලුම ලේඛනවලට රජු ශ්‍රී යනුවෙන් අත්සන් යොදා ඇති බවත් ඔහු (රජු) සිය වර්ණනාව අර්ධ චන්ද්‍රාකාරව ලියා ඇති බවත් ෆර්ග්‍යුසන් මහතා හෙළිකර තිබේ. ලිපිවල අන්තර්ගතයෙන් රජුගේ විනීතභාවය මෙන්ම කෝපාවිෂ්ට බවද පරංගීන් පලවා හැරීමට ලන්දේසීන්ගෙන් ආධාර ගැනීම ගම්මිරිස්දී ඉඟුරු ගත්තාට සමාන යැයි රජුට ප්‍රකාශ කරන්නට හේතු වූ බවට සැකයක් නැති වෙන්නට ඇති බව ද දේශනයේදී ප්‍රකාශ කර තිබේ.

රජුගේ ලේඛනවලින් හෙළිවන කරුණු වැඩිදුරටත් විස්තර කර ඇති දේශනයේදී කන්ද උඩරට සෙනරත් රජු වර්ෂ එක් දහස් හය සිය තිස්දෙකේ (1632) කාලයාත්‍රා කර තිබේ. ඒ වන විට ඔහුගේ රාජධානිය සිය පුත්‍රයාට සහ බෑනාවරුන් වූ කුමාරසිංහ සහ විජයපාල යන දෙදෙනාටද පවරාදී තිබී ඇත. බෑනාවරුන් දෙදෙනාට පවරාදී ඇත්තේ ඌව සහ මාතලේ යන ප්‍රදේශ දෙක වේ. කුමාරසිංහ රජුට වස පොවා ඝාතනය කරනු ලැබ ඇත. විජයපාල පරංගීන් සමඟ යුද වැදුණු අවස්ථාවක පරාජයවීමෙන් ජීවග්‍රහයෙන් අල්ලා ගෝවට ගෙනයනු ලැබීමෙන් පසු වර්ෂ එක් දහස් හයසිය පනස් හතරේ (1654) දී පරලොව ගොස් තිබේ.

ගෝවේ (ඉන්දියාවේ) විසුරේ (ප්‍රතිරාජයා) සහ ලන්දේසි ආණ්ඩුකාර ජේ.ඇන්. මාර්ට් සුසකර් දෙදෙනා අතර ඇති වී ඇති ගිවිසුමකින් රාජසිංහ රජුට අයත් ප්‍රදේශ දෙදෙනා බෙදා ගෙන තිබේ. තමාට කිසිදු අන්දමක දැනුම්දීමකින් හෝ තොරව කෙරී ඇති කටයුත්ත ගැන දැනගත් දෙවැනි රාජසිංහ රජු ලන්දේසි ආණ්ඩුකාර ජේ.ඇන්. මාට් සුසකර්ට වර්ෂ එක් දහස් හයසිය හතළිස් පහේ පෙබරවාරි දාසය වැනිදා (1645.02.16) ලිපියක් ලියා ඇත. එම ක්‍රියාව සම්බන්ධව සිය අප්‍රසාදය රජු එම ලිපියෙන් පළ කර තිබේ
චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

2020ට වාසනාව පාදන සුගන්ධ ධූපයක්

Next Post

දවල් 1ට එජාපය ගිනියම් ‌වෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.