එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කර පක්ෂ නායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද (02) දහවල් 1.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම සාකච්ජාව සදහා එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
එජාපය තුළ දැනට මතුව පවතින නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම මෙම හමුවේ අරමුණ වී ඇති බව දැනගන්නට තිබේ.
මීට පෙර වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබුණේ තමන් පක්ෂ නායකත්වය හැර අනෙකුත් සියලුම බලතල අතහැරීමට සූදානමින් සිටින බවකි.
නමුත් පක්ෂ නායකයන් බොහෝදෙනකු එජාප නායකත්වය වෙනස් විය යුතු බවට වූ ස්ථාවරයේ සිටීම මත මෙම හමුව උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව වාර්තා වේ.