• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දානයෙහි ආදීනව

December 5, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
දානයෙහි ආදීනව
Share on WhatsAppShare on Facebook

අප මහ බෝසතාණන්ගේ චර්යාව පිළිබඳව බෞද්ධ පොත පත පරිහරණයේදී එතුමන් ප්‍රධාන ගුණ ධර්ම රැසක් ප්‍රගුණ කොට ඒ ඇසුරින් සිය දිවිය අන් අයට ආදර්ශවත්ව ගත කළ බව පෙනේ. ඒ අතර පාරමී හෙවත් පාරමිතා යන ගුණධර්මය අන් සැමට වඩා වැදගත්ය.
උතුමා යන අර්ථයෙන් පරම යන වචනය නිරූපණය වෙයි. මෙයින් හැඟී යන්නේ සිදුහත් බෝසතුන්ය. මෙතුමාගේ ක්‍රියා පිළිවෙත පාරමී යන ගුණ දහමෙන් දැක්වෙයි.
එනම් මේ ගුණ දහම් ඇසුරු කරන යම් අයකු පහසුවෙන් නිර්වාණයට ළංකරන නිසාත්, සියලුම කෙලෙස් දුරු කිරීමට උදවු උපකාර කරන නිසාත්, හැම දෙනාගේ සිත්සතන්හි උත්තම වූ යහධර්ම රඳවා ගැනීමට ආධාර වන නිසාත්, මෙතුමන්ට සම කළ නොහැකි අන්කවරෙක් හෝ නොසිටින නිසාත් පාරමී යන වචනය නිර්වචනය කෙරෙයි.
පාරමී සංඛ්‍යා වශයෙන් දහයකි. එනම් දාන, ශීල, නෙක්ඛම්ම, පඤ්ඤා, වීරිය, ඛන්තී, සච්ච, අධිට්ඨාන, මෙත්තා, උපේක්ඛා වශයෙනි. මෙම දශ පාරමී දහය නැවැත දශ පාරමිතා, දශ උප පාරමිතා, දශ පරමාර්ථ පාරමිතා වශයෙන් නැවැත කොටස් තිහකට බෙදෙයි.
මෙයින් දාන පාරමිතාවෙන් අර්ථවත් වන්නේ අප පරිභෝග කරන සාමාන්‍ය වස්තු සම්පත් දන් දීමය. දාන උප පාරමිතා යනුවෙන් අර්ථවත් වන්නේ ශරීරයේ කොටස් එනම් වර්තමානයේ මෙන් ලේ, හෘදය වස්තුව, වකුගඩු ආදී ශරීර අවයව දන්දීමය. දාන පරමාර්ථ පාරමිතාවෙන් අර්ථවත් කරන්නේ ශරීරය දන්දීමය.
“දාන” යන වචනයේ සාමාන්‍ය තේරුම දෙන දෙය කෙරෙහි ඇලීමක් නොකොට “දීම” ය. මෙලෙස කුමන අයුරකින් දීමක් සිදු කළත් මුනින් නැමූ කිරි හට්ටියක් මෙන් කිසිවක් ඉතිරි නොකර ප්‍රදානය කිරීමය.
මෙහිදී වැදගත් වන්නේ දානය කෙරෙහි ඇති කරගත් සිතිවිල්ලය. එම දාන වස්තුව කෙරෙහි ලෝභයක්, ද්වේෂයක්, මුළාවක් නොමැතිව එම ක්‍රියාවේ නියුක්ත වීමය. යම් අයකුට දාන වස්තුව කෙරෙහි ලෝභයක් වැනි අකුසල කර්මයක් සිතෙහි පැන නැංගහොත් දීමෙහි අදහසක් ඇති නොවේ. එබැවින් දානයට පෙර ඉහත දැක්වූ අකුසල සිතිවිලි සිතින් බැහැර කළ යුතුය.
තව දුරටත් දානය පිළිබඳව විමසීමේදී භික්ෂාවක් හෙවත් එදිනෙදා අප අනුභවයට ගන්නා සාමාන්‍ය ආහාරයක් දන් දීමට වඩා නොමිලයේ ශික්ෂාවක් හෙවත් නිස්සරණාධ්‍යාසයෙන් කිසියම් ඉගැන්වීමක් තුළිත් යහගුණ ධර්ම පුහුණු කිරීම උතුම් දානයකි. එයටත් වඩා පරාර්ථකාමී හැඟීමෙන් යුක්තව පුණ්‍ය හැඟීමෙන් යුතුව අන් අයට ධර්මය කියා දීම වැදගත්ය. මේ සියලුම දානවලට වඩා ජීවිත පරිත්‍යාගය ඉතා බැරෑරුම්ය.

බෝධිසත්ව චර්යාව සැලැකීමේදී සාමාන්‍ය අයට කළ නොහැකි ජීවිත දානයක් ඒ ඒ ආත්මභාවවලදී සිදු කොට ඇති බව ජාතක කතාවලින් පෙන්වා දී ඇත. මේ ජාතක කතා අතර වෙස්සන්තර ජාතකය වැදගත්ය. එයින් දක්වා ඇත්තේ සිය බෝධිසත්ව ජීවිතයේදී තම අඹුදරුවන් ඇතුඵ සියලුම සැප සම්පත් දන් දීම කළ බව බවය. මෙම ජාතක කතාව විමසීමේදී වෙස්සන්තර තම ප්‍රිය බිරිඳ වූ මද්‍රි දේවියද ස්වකීය පණ හා සමාන වූ ජාලිය හා කෘෂ්ණජිනාද දන් දුන් බව දැක්වෙයි. එමෙන්ම සස ජාතකය පිළිබඳව විමසීමේදී දාන පාරමිතාවේ උතුම් වූ ගුණය වටහා ගන්නේ එකල තිරිසන් සතෙකි. ශරීර ස්වභාවයෙන් කුඩා සතකු වූ හාවකු වුවත් හේ බෝසත් චරිතයකි. මෙහි දැක්වෙන හාවා යහපුරුදු වඩවා අන් අයටද යහ ගුණ දම් පුරුදු කළ බවද දැක්වේ. එනම් ස්වකීය මිත්‍ර වඳුරකුට, සිවලකුට හා මස්කාවකුට යහගුණ පුරුදුකොට යහමඟට ගත් බවද සඳහන්ය. එකල්හි දිනක් සක් දෙවිඳු හට මෙම හාවාගේ ශීලය පරීක්ෂා කිරීමේ අරමුණක් හටගනී. පසුව පළමුව බමුණු වේශයක් මවාගෙන පැමිණෙයි. පළමුව පැමිණෙන්නේ හාවාගේ යහඵවන් වූ වඳුරා, සිවලා හා මස්කාවා වෙත කිසියම් ආහාරයක් ඉල්ලා අනුපිළිවෙළටය. මේ තිරිසන් සතුන් හැම දෙනාම හාවාගේ උපදෙස් පරිදි තමන්ට හැකි පමණ දැහැමිව සපයාගත් ආහාර පරිත්‍යාග කරයි. නමුත් බමුණා ඒ සියල්ල ප්‍රතික්ෂේප කර පසුවට එමියි කියා ආපසු යයි. අන්තිමට හාවා වෙතට සමීප වෙයි. එවිට බෝසත් හාවා සිය දිවි දන්දීමට අදිටන් කොට බමුණා ලවා ගිනි ගොඩක් දල්වාලයි. අනතුරුව බමුණා වෙත ගොස් තමාට දන් දීමට උඳු, මුං, සහල් ඇතු`ඵ ධාන්‍ය කිසිවක් නොමැති බවත් තමා ගින්නට පැන්න පසු පිලිස්සී ගිය මස් අනුභව කොට දැහැමිව මේ වනයේ වසන්න යැයි කියා ඉල්ලා ගින්නට පැන තම අරමුණ ඉටුකර ගනියි. නමුත් ගින්නෙහි උණුසුම හාවාට නොදැනේ. නොදැවෙයි. එවිට හාවා ඒ පිළිබඳව බමුණාගෙන් විමසයි. එවිට බමුණා, තමා පැමිණියේ ඇත්ත වශයෙන් ම හාවාගේ ජීවිත පරිත්‍යාගය පිළිබඳ ඇති තතු සත්‍ය ලෙස දැනගැනීමට බවද කියයි. එයින් සතුටට පත් බමුණා හෙවත් සක් දෙවිඳු කල්පාන්තය තෙක් දානයේ අනුසස් ලොවට දක්වනු වස් හාවාගේ රුව සඳෙහි අඳියි.
ගුණරත්න බණ්ඩාර

SendShareShare
Previous Post

යස ඉසුරින් කලාව හැඩ කළ රොඩ්නි

Next Post

බෝංචි ඔසුවක්ද?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.