• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

යස ඉසුරින් කලාව හැඩ කළ රොඩ්නි

December 5, 2019
in Heart
Reading Time: 2 mins read
A A
යස ඉසුරින් කලාව හැඩ කළ රොඩ්නි
Share on WhatsAppShare on Facebook

යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙව්ඳු සිටින තැනා
ළඟම ඇතේ – දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ
සුමියුරු ගී හඬ ඇසුණු සැණින් ඔබට සිහිපත් වන්නේ ජනප්‍රිය රංගන ශිල්පී රොඞ්නි වර්ණකුල. ඉතින් ඔබ අප පිනවූ මේ සොඳුරු නිර්මාණකරුවා ගැන කතා කිරීමට බොහෝ දේ ඇතත්, සද්දබද්ද නැතුව ගෙවුණු ඔහුගේ ජීවිතය සොයා අපි ගියේ ඒ පාරේ.
ඔබ පුංචි තිරයේ, සිනමාවේ, වේදිකාවේ විතරක් නොව ප්‍රසංග වේදිකාවටද නැතුව බැරි නිර්මාණකරුවෙක්. එහෙත් මෑත කාලයක ඉඳල ඔබව නිර්මාණවලින් දකින්න නැහැ. මෙයට හේතුව?
හේතු ගැන කතා කරන්න ගියොත් නම් ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. එහෙත් මගේ දක්‍ෂතාවන් දැකපු අය, මාව නිර්මාණවලට අවශ්‍ය අය මට කතා කළොත් එය මට සුදුසු චරිතයක් නම්, රසිකයා වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්නම් මම දෙපාරක් නොහිතා නිර්මාණවලට සම්බන්ධ වෙනවා. පසුගිය දවස්වල චිත්‍රපට කිහිපයකම වැඩ කළා.
ඔබ මේ ක්‍ෂේත්‍රය ගැන කලකිරීමකින්ද කතා කරන්නේ?
ක්‍ෂේත්‍රය ගැන මගේ කිසිම කලකිරීමක් නැහැ. නමුත් ගුණාත්මක නිර්මාණ කලාවක් නැති නම් සම්බන්ධ වෙලා වැඩක් නැහැ. අපි සතුටුවෙලා ඉන්න ඕනෑ ප්‍රේක්‍ෂකයා සතුටු කරන්න කලින්. එතකොටයි චරිතයකට වුණත් උපරිම සාධාරණයක් කරන්න පුළුවන්. නිකම් කරන්නම්වාලේ නිර්මාණ කරන්න මම කැමැති නැහැ.

මම හිතන්නේ 2016 ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණාට පස්සේ මම ටෙලිනාට්‍යයකට වැඩ කළේ නැහැ කියලා. ඉතින් ඊට වඩා හොඳයි මම ආපු වේදිකාවේ යමක් කරගෙන පාඩුවේ ඉන්න එක.
ඔබට වේදිකාවේ අත්දැකීම් බහුලයි. වේදිකා රංගන ශිල්පියෙක් විදියට වේදිකාව ගැන යමක් පැවැසුවොත්?
වේදිකා නාට්‍ය කොච්චර බිහිවුණත් වැඩක් නැහැ. ඒවා නරඹන්න ප්‍රේක්‍ෂකයන් නැතිනම්. අපි වේදිකාවේ රඟපාන්නේ හිස් පුටුවලට. ඉතාමත් සුළු පිරිසක් තමයි වේදිකා නාට්‍ය නරඹන්නේ. අධ්‍යාපන මට්ටමෙන් වේදිකාව සම්බන්ධයෙන් හැදෑරුවත් පාසල් සිසුන්වත් නැහැ වේදිකා නාට්‍ය නරඹන්නේ. ඔවුන් ජීවත් වෙන්නේ පාට පිරුණු ලෝකයක. ඔවුන් වේදිකාවේ හොයන්නේ සටන්, සින්දු තියෙන කලාවක්. පසුගිය කාලේ සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයත් එක්ක වේදිකා නාට්‍ය කඩාවැටීමක් සිද්ධ වුණා. දැන්නම් කාලයත් එක්ක ඒ හැම දේම විසඳිලා යනවා.
ඔබව ගොඩ දෙනෙක් දැන හඳුනා ගත්තේ හාස්‍යය රංගන ශිල්පියෙක් විදියට නේද?
ඇත්තටම ඔව්. මම ඒ ගැන සතුටු වෙනවා. හාස්‍යය කියන දේ හැමෝටම කරන්න බැහැ. අතදරුවෙක්ගේ හිනාවක් ගන්නත් අඩු තරමේ මාස තුනක්වත් ගතවෙනවා. හාස්‍යය උත්පාදනය කිරීම පහසු කටයුත්තක් නොවේ. එය කරලම බලන්න ඕනෑ. “තාරාවෝ ඉගිළෙති” වේදිකා නාට්‍යයෙත් මගේ දැකපු හාස්‍යය ගතිය අද දක්වා මට ගෙන ඒමට ලැබීම භාග්‍යයක්. හාස්‍ය නළුවෝ කියලා ලංකාවේ රංගන ශිල්පීන් ගොඩ දෙනෙක් ඉන්නවා කියලා හිතුවට මම හිතන්නේ රියැලිටි හාස්‍යය ශිල්පීන් 25ක්වත් නැති තරම්. සමහරු හිතනවා ඇති අපි ජෝකර්ලා කියලා. අපිට බැහැ නිකම් ජෝකර්ලා වෙලා ඉන්න. මම හොඳ නිර්මාණවල තමයි හාස්‍ය නළුවෙක් විදියට චරිත ප්‍රතිනිර්මාණය කළේ.
ඔබ මේ ක්‍ෂේත්‍රයට පිවිසිලා වසර 38ක් පමණ කාලයක් වෙනවා. හිතුවාද මේ තරම් දුර ගමනක් යන්න ලැබෙයි කියලා?
කලාකරුවෙක් වෙන්න ලැබෙනවා කියන්නේ ලොකු පිනක් කියලයි මම හිතන්නේ. ඒ වෘත්තිය මිල කරන්න බැහැ. මටත් ලොකු උණක් තිබුණා පාසල් කාලයේ සිටම නළුවෙක් වෙන්න. පාසල් වේදිකාවේ මම හොඳට රඟපානවා. ඒ ලබපු අත්දැකීම් නිසා මට ප්‍රසිද්ධ වේදිකාව ජයගන්න හැකි වුණා. ඒ විතරක් නොවේ ලූෂන් බුලත්සිංහල, ජයලත් මනෝරත්න, රෝහණ බැද්දගේ, සෝමරත්න දිසානායක වැනි හොඳ නිර්මාණකරුවන් යටතේ ගුණාත්මකකමක් ඇති හොඳ නිර්මාණවල වැඩ කරන්න ලැබීමත් ලොකු භාග්‍යයක් විදියටයි මම සලකන්නේ. ඒ ලබපු දැනුම් සම්භාරයත් එක්ක අද මම යම් තැනක ඉන්නවා.
බොහෝ දෙනෙක් පවසන දෙයක් තමයි රොඞ්නි ප්‍රසංග වේදිකාවේ නැති බව. මෙයට හේතුව ගැන කතා කළොත්?
එළිමහන් සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වෙන්න මගේ දැන් කිසිම කැමැත්තක් නැහැ. දැකපු දේවල් හැටියට. එළිමහන් සංගීත ප්‍රසංග කලාවේ තියෙන්නේ කලාවක් නොවේ. පළිගැනීමක්, එහෙමත් නැතිනම් ගුටිබැට දීමක්. සංගීත කණ්ඩායම්, එයට සම්බන්ධ වෙන ශිල්පීන් හොඳ වැඩ කරන කොට අපේ රසිකයන් එතැන මරා ගන්නවා. කලාවට මොකටද පොලිස්, හමුදා රැකවරණ. සියලුම දෙනාගේ රසවින්දනය වෙනුවෙන් අපි දෙයක් කරන කොට තවත් පැත්තකින් සිදුවන්නේ වෙනස්ම හැසිරීම් රටාවක්. ඒ නිසා මම කැමැති නැහැ ඒ වගේ තැන්වලට සම්බන්ධ වෙන්න.
අපිට අවසාන වශයෙන් අහන්න තියෙන්නේ රොඞ්නි ඔය කොණ්ඩය සුදුවුණේ කොහොමද?
මගේ කොණ්ඩය තරුණ කාලේ ඉඳලම සුදුයි. මගේ මවුපියන්ගෙත් සුදුම සුදුයි. මේ දවස්වල නම් කොණ්ඩෙ කළුයි. චිත්‍රපටයක වැඩ කරන නිසා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකු නවතම ශාඛාව ‘වන් ගෝල්ෆේස්’ සාප්පු සංකීර්ණයේ

Next Post

දානයෙහි ආදීනව

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.