සංචාරකයන් විවිධ වෙයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට රුචිකත්වයන් වෙනස් වෙයි. කෙනෙක් වනාන්තර කඳු ආදියෙහි ඇවිදීමට කැමැත්තක් දැක්වුවත් සමහර සංචාරකයන් මුහුදු ගමන්වලට කැමැත්තක් දක්වයි. ඒ අතර ත්‍රාසජනක අත්දැකීම්වලට කැමති නිර්භීත සංචාරකයන් සිටී. ඒ අයට නැරඹීමට ත්‍රාසජනකත්වය පිරි ස්ථාන කිහිපයක් ගැනයි මේ.
The chapel of bones පෘතුගාලයේ අස්ථිමය දෙව් මැඳුර
පෘතුගාලයේ ඉවෝරාහි පිහිටා ඇති මෙම ප්‍රසිද්ධ දෙව්මැඳුර නගරයේ සිහිවටනයක් වෙයි. මෙම දෙව්මැඳුර අස්ථිමය දෙව්මැඳුර යන නම ලැබී ඇත්තේ මෙහි බිත්ති ආවරණය කර එල්ලා ඇත්තේ මිනිස් ඇට සැකිලි නිසාය. 16 වන ශතවර්ෂයෙදී පැවිදි උතුමෙක් විසින් මෙම නිර්මාණය සිදුකරන්නට ඇතැයි සැලකේ. තම සහෝදරයාට අනිත්‍යතාවය වටහා දීමට මෙය නිර්මාණය කර තිබෙයි. දෙව්මැඳුරට ඇතුළු වන ස්ථානයේ සඳහන්ව ඇත්තේ මෙහි සිටින අස්ථි වන් අපි ඔබව ඉක්මනින් බලාපොරොත්තු වෙනවා යන්නයි.
බිය නැති ත්‍රාසජනක අත්දැකීමක් ලබන්නට කැමති සංචාරකයන්ට මෙය කදිම තෝතැන්නක් වනු නිසැකය.
Hoia- baciu forest අබිරහස් වනාන්තරය

අද්භූත හා විස්මයජනක කතා රැසක් මෙම වනාන්තරය හා බැඳී පවතියි. මෙම වනාන්තරය පිහිටා ඇත්තේ ප්‍රාන්ස්ලිනියාවෙහිය. මෙම වනාන්තරයට මුලින්ම පැමිණ ඇත්තේ දඩයමෙහි ගිය එf`ඞ්රයෙකු වෙයි. නමුත් ඔහු සතුන්ද සමග අතුරුදහන් වී ඇත. මෙම වනාන්තරය පිළිබඳ පර්යේෂණ සිදුකරන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අධික භීතියට හා ත්‍රාසයට ඔවුන් පත්වූ බවයි. එයට ප්‍රධාන හේතුව අද්භූත සිදුවීම් හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තු ආදිය නිසාවෙන් වේ. ඔවුන් ඒ කරුණ නිසා කම්පනයට පත්වී තිබෙයි.
The hill crosses කුරුස කන්ද

මෙම කුරුස කන්ද ලිතුවේනියාවේ පිහිටා තිබෙයි. 1890දී කරන ලද ගණන් හිලව්වලට අනුව කුරුස පනස්දහසක් පමණ ඇති බවයි. මෙය සොහොන් භූමියක් නොවුණද බොහෝ මිනිසුන් විශ්වාස කරන පරිදි මෙහි කුරුසයක් තබා යාමෙන් සෞභාග්‍ය සතුට උදාවෙන බවයි. මෙම කුරුස කන්ද ඉදිවීම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහන් වන්නේ නැත.
Ei cominoto del ray ස්පාඤ්ඤයේ මාරක පාලම

කොන්ක්‍රීට්වලින් නිමවන ලද කුඩා අඩිපාර ඇත්තේ ස්පාඤ්ඤයේ චෝරො සහ ගයිටෙන්ජෝ යන දිය ඇලි අතර පිහිටන ලෙස වේ. පොළොව මට්ටමින් ඉතා ඉහළින් පිහිටා ඇත. එහි දිග හැතැප්ම 1.8ක් වන අතර පළල අඩි 3.2ක් වෙයි. මෙම කුඩා මාර්ගය 1905 වර්ෂයේදී නිමවා තිබෙන්නේ ඉදිකිරීම් සේවකයන්ගේ පහසුව සඳහායි. බොහෝ සංචාරකයින් පිරිසක් ත්‍රාසය කුතුහලය පිරි අත්දැකීමක් විඳින්නට මෙම ස්ථානයට පැමිණෙන බව සඳහන්ය.
Hanging Coffins එල්ලෙන මිනීපෙට්ටි

සගාඩාහි පිහිටා ඇති මෙම එල්ලෙන මිනී පෙට්ටි බොහෝ ප්‍රේක්ෂක අවධානයක් දිනාගැනීමට සමත් වී තිබේ. එහි දර්ශනය ප්‍රසන්නතාවයක් නම් නොමැත. එහෙත් පුරාණ කාලයේ සිට මෘත දේහ මිනී පෙට්ටිවල බහා එල්ලීම සම්ප්‍රදායක් බව පැවසේ. මෘතදේහ කැටයම්වලින් ඔපවත් වූ මිනීපෙට්ටිවල බහා අඩි 380ක් පමණ ඉහළින් එල්ලා ඇත. පැරණි මතවාදයක් වනුයේ ස්වර්ගය හා පොළොව අතර ඉනිමගක් ලෙස මෙම කන්ද සැලකෙන බවයි.
The capuchin catacombs ඉතාලියේ උමතු සොහොන

ඉතාලියේ පලවෝ නම් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ස්ථානයේ පුද්ගලයන් 8000කගේ පමණ සිරුරු තැන්පත් කර ඇත. මමී කර්මය සිදුකරන ස්ථානයක්ද මෙහි දක්නට තිබෙයි. 16 වන සියවසේ ප්‍රභූ මෙන්ම ධනවත් පුද්ගලයන්ගේ සිරුරු මෙහි තැන්පත් කිරීම සඳහා මෙම ස්ථානය භාවිත කර ඇත. ඒවගේම 1882 වර්ෂයේදී ප්‍රදර්ශනය සඳහා මෙය විවෘත කර ඇත. ඉන්පසු තැන්පත් කිරීම සඳහා මෘත දේහයන් භාරගෙන නැත.
කාංචනා මධුවන්ති











