• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

තමන්කඩුවේ ගලකින් මතුවූ අලියා

March 27, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
තමන්කඩුවේ ගලකින් මතුවූ අලියා
Share on WhatsAppShare on Facebook

සිංහලයන් අලින් පිළිබඳව උනන්දු වූයේ අද ඊයේ සිට නොව බොහෝ ඈත අතීතයේ සිටමය. ඒ පිළිබඳ සාක්ෂි සාධක ඕනෑවටත් වඩා අතීතය දෙසට එබී බැලීමෙන් සොයා ගත හැකිය. එලෙස පැරණි සිංහලයා අලින් පිළිබඳ දැක්වූ උනන්දුවට කදිම සාධකයක් ලෙස දැක්විය හැකි අලියකු මහවැලි ගං ඉවුරේ මීට කලකට පෙර දක්නට ලැබුණි. නමුත් අද ඒ අලියා මහවැලි ගං දියේ සැඟව ගොසිණි. කලෙක මහවැලි ගං දියේ ගිලෙමින් කලෙක මතු වෙමින් නරඹන්නන් තුළ රසයක් ජනිත කළ මේ අපූර්ව අලියා පිළිබඳව අද ඉතිරි වී පවතින්නේ එය දැක බලා සටහන් තැබූවන් කිහිප දෙනෙකු ඉතිරි කල මතකයන් පමණි. තමන්කඩුව, එගොඩපත්තුව, මුතුගල ආසන්නයේ පිහිටි කටුපිලාන ආනකල්ලු නම් ප්‍රදේශයේ මහවැලි ගං ඉවුරේ ස්වාභාවික ගල් කුට්ටියක් භාවිතයෙන් නිර්මාණය කර තිබූණේ යැයි සඳහන් වන සජීවී අලියකු මෙන් දිස්වූ මෙම අලි ප්‍රතිමාව අද වන විට ඉතිරිවී තිබුණේ නම් ලොව පුරා කතාබහට ලක්වන විශිෂ්ට නිර්මාණයක් බවට පත්වීමට තිබූ අපූර්ව වස්තුවකි.

මෙම සුවිශේෂී නිර්මාණය පිළිබඳ අද වන විට ඉතිරී වී ඇති තොරතුරු අතරින් මෙම ආනකල්ලු ගල් අලියා සොයාගොස් සටහන් තැබූ විශ්‍රාමික පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වන එච්.සී.පී.බෙල් මහතාගේ සටහන් ඉතා වැදගත්වේ. බෙල් මහතා පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කරන සමයේ තමන්කඩුව එගොඩපත්තුව මුතුගල ප්‍රදේශයෙහි ගවේෂණ කටයුතුවල නිරත වෙමින් සිටියදී මේ අපූර්ව නිර්මාණය සොයා ගිය බෙල් මහතා 1897 සැප්තැම්බර් 23 දින සිය දින පොතෙහි මේ පිළිබඳව බොහෝ තොරතුරු අඩංගු සටහනක් තබා තිබේ. මෙම සටහනට අනුව මෙම සුවිශේෂී ශෛලමය ඇත් ප්‍රතිමාව මුතුගල සිට තරමක් දුරින් කටුවන්විල නම් මුස්ලිම් ගම්මානය සමීපයේ මහවැලි ගඟේ දකුණු ඉවුරේ නිර්මාණය කොට තිබී ඇත. මෙම ස්ථානයේ තරමක විශාලත්වයකින් යුත් ගල් හතක් හෝ අටක් එකිනෙකට සමීපව තිබෙන බවත් එක ගලක බෑවුමේ පාදම දිගේ (එය ගිනිකොන දෙසට වර්තමාන ජල මට්ටමට වඩා අඩි 15 ක් පමණ ඉහළට නැගි ඇත. නමුත් ගොඩබිම පැත්තෙන් අංශක 45 ක ආනතියකින් යුතුය) ඇලියක් කපා තිබෙන බවත් ගල් පර්වතයේ දකුණු කෙළවරේ කුලුනු සඳහා කුඩිම්බි සහිත නොගැඹුරු පියවර නවයක් දෙපස කපා තිබූ බවත් බෙල් මහතා වාර්තා කර තිබේ. බෙල් මහතාගේ නිරීක්ෂණයට අනුව කිසියම් ගොඩනැගිල්ලක් මෙහි තිබී ඇති අතර එය බොහෝ විට ගඟ නිරීක්ෂණය සඳහා වන මුරගෙයක් හෝ ආරක්ෂක කුටියක් විය හැකි බව ඒ මහතා සඳහන් කරයි.

“ගල් අලියා” යනුවෙන් හඳුන්වනු ලැබූ ශෛලමය ඇත් රූපය මෙම ගල් කුළු අතරින් කුඩා ප්‍රමාණයේ එකක නිර්මාණය කොට තිබී ඇති අතර එය මඳක් ප්‍රක්ෂේපණය වී අඩි කිහිපයක් උඩින් පැවති බව බෙල් මහතාගේ සටහනෙහි දක්වා තිබේ. ක්‍රමයෙන් ඉවුරේ වැලි එකතුවීම නිසා මෙම ගල් අලියා බෙල් මහතාගේ නිරීක්ෂණයට ලක්වන විට අලියාගේ හිස ප්‍රදේශය දක්වා වැලිවලින් වැළලී ගොස් තිබී ඇත. ඒ නිසා ඒ මහතාට දක්නට ලැබී ඇත්තේ අලියාගේ හිස කොටස පමණි. ගල් අලියා දකුණු-ගිනිකොන දෙසට මුහුණලා කෙළින්ම දිය පහරට මුහුණදී සිටින ලෙස නිර්මාණය කොට තිබී ඇති අතර අලියා දණ නමාගෙන සිටින ස්වරූපයෙන් හා හිස තරමක් දකුණට නැඹුරුවන ලෙස (උඩුගම් බලා සිටින ලෙස) නෙළා ඇතිබව මගපෙන්වන්නන් පැවසූ බවද බෙල් මහතා දක්වා තිබේ.



සමස්තයක් ලෙස සැලකූ විට අලියාගේ හිස විස්මයදනවන නිර්මාණයක් බව සඳහන් කරන බෙල් මහතා එහි සැකිල්ල හා ප්‍රමාණය අනුව මෙම අලි රූපය ජීවමාන අලියකුට සමාන බව සඳහන් කරයි. බෙල් මහතාගේ නිරීක්ෂණයට ලක්වන විට මහවැලි ගඟ පිටාර ගලා ඇති නිසා අලියාගේ ඇස් සහ කන්වලට පහළින් සියල්ලම ජලයෙන් යටවී තිබී ඇති අතර අලියා සම්පූර්ණ නිරීක්ෂණයට ලක්කිරීමට ඒ මහතාට නොහැකි වී තිබේ. ජීවමාන ප්‍රමාණයේ සත්ව මූර්ති ශිල්පයේ අද්විතීය නිර්මාණයකට උදාහරණයක් ලෙස දැක්විය හැකි මෙම නිර්මාණයේ කාලය පිළිබඳ නිශ්චිත හෝඩුවාවක් සොයා ගැනීම සඳහා යාබද ගල් පර්වත පරීක්ෂා කළ නමුත් ඒවයේ කිසිදු සෙල්ලිපියක් සොයාගත නොහැකි වූ බවද බෙල් මහතා සටහන් කොට තිබේ. දැනට මෙම ගල් අලියා පිළිබඳ දක්නට ඇති එකම ඡායාරූපයද බෙල් මහතාගේ ඡායාරූපයකි. එහි මෙම ගල් අලියාගේ හිස මත තරුණයකු නැග සිටින ආකාරය නිරූපිත අතර එම තරුණයා හා සැසඳීමේදීද ගල් අලියා ජීවමාන අලියකුට සමාන බව පැහැදිලි වේ. බෙල් මහතා දක්වා ඇති පරිදි එම ඡායාරූපයේ දැක්වෙන්නේ අලියා මත නැගී ප්‍රීතිමත් තරුණයෙකි. ඔහුද මෙම ගල් අලියා සොයා ගිය සවාරියේ ප්‍රීතිය විඳිමින් සිටින බව පෙනෙන්නේ යැයි බෙල් මහතා සඳහන් කර තිබේ. සම්පූර්ණ අලියා නිරීක්ෂණයට අවස්ථාව හිමි නොවූවද බෙල් මහතා අලි හිසෙහි මිනුම්ද ලබා ගෙන තිබේ.

මෙම ගල් අලියා සම්පූර්ණ ලෙස නිරීක්ෂණය කිරීමට බෙල් මහතාට අවස්ථාව නොලැබුණද මෙම අලියා සොයා ගිය එච්. ස්ටෝරි (H. Storey) මහතා සහ කැමරන් නම් පුද්ගලයාට සම්පූර්ණ අලියා නිරීක්ෂණයට හැකියාව ලැබී තිබේ. එච්. ස්ටෝරි විසින් 1907දී පළකරන ලද “Hunting and Shooting in Ceylon” ග්‍රන්ථයේදී ඔහු විසින් 1904 වසරේදී මෙම අලියා බැලීමට ගිය ගමන පිළිබඳ තබන ලද සටහනක් හමුවේ. එහි දැක්වෙන අන්දමටද මෙම අලි ප්‍රතිමාව සජීවී ප්‍රමාණයේ ඇත් රූපයකි. මෙම අලියාගේ දළ සහිත වක්‍රාකාරව නැමුනු හොඬවැල ඉතා විශිෂ්ට කලාත්මක අන්දමින් නිර්මාණය කොට තිබූ බවද ස්ටෝරි සඳහන් කරයි. ස්ටෝරි පෙන්වා දෙන ආකාරයට ගඟෙහි වතුර මේ තරම් අඩුවීම ඉතා කලාතුරකින් සිදුවන සිදුවීමක් වන අතර මේ නිසාම කැටයම සම්පූර්ණයෙන්ම මතුවී ඉදිරි පාද සම්පූර්ණයෙන්ම මතුවී පෙනුණු බව සඳහන් කරයි. අවාසනාවකට මෙන් අලියාගේ ඉදිරි පාද එතරම් හොඳින් කැටයම් කර නොතිබූ බව පවසන ස්ටෝරි සඳහන් කරන්නේ දණගසා සිටින අලියා නැගී සිටීමට උත්සාහ දරන ආකාරයක් මින් නිරූපණය කිරීමට උත්සාහ දරා ඇති බවයි. මෙම අලියාගේ ජලයෙන් යටවන වන කොටස, උඩ කොටස හා සංසන්දනය කරන විට එතරම් නිර්මාණශීලී නොවන බව පවසන ස්ටෝරි මහතා අලියාගේ පාද හිසේ ප්‍රමාණයට සමානුපාත නොමැති බවත් සඳහන් කරයි.
1950 දශකයේදී මහවැලි ගඟ දිගේ ඔරුවලින් ගිය විස්තරයක් ඇතුළත් කරමින් “වන නදිය” නම් ග්‍රන්ථය රචනා කරන ඇස්. ඩී. ද ලැනරෝල් මහතා මෙම ගල් අලියා දුටු බව සඳහන් කරයි. ඒ අවස්ථාවේදීද ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ බැවින් ඔහුට දක්නට ලැබෙන්නේද ගල් අලියාගේ හිස සහ පිට ප්‍රදේශය පමණි. 1953 ආචාර්ය පී.දරණියගල මහතා මෙම ස්ථානයේ සිදුකළ නිරීක්ෂණයකදී මෙම ඇත් රූපය 4 වන සියවසේදී පමණ නිර්මාණය කරන්නට ඇති බවට මතයක්ද ඉදිරිපත් කර තිබේ.

මෙම ස්ථානය ආශ්‍රිතව ගොඩනැගිල්ලක පාදමක් ගල් කණු සහ ගල් පඩි තිබූ බවටද සාධක හමුවී තිබේ. මුතුගල අසල මහවැලි ගං ඉවුරේ ගඟට නෙරූ මනරම් ගල්තලාවක් පවතින බවත්, ගඟ එක්වරම ගල්පරයක හැපීම නිසා වක් ස්භාවයක් ගන්නා බවත්, මෙම ගල්තලාව මත සිට ගඟට නැමී දිය බොන ඉරියව්වෙන් ජීවමාන ප්‍රමාණයේ අලි රූපයක් නෙළා තිබූ බවත්, එය බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවත්, ප්‍රදේශවාසී ද්‍රවිඩ ජනයා එය “ආනකල්ලු” වශයෙන් හැඳින්වූ බවත් ජයසිංහ බාලසූරිය මහතාගේ “මහවැලිය සහ ඓතිහාසික පොළොන්නරුව” නම් ග්‍රන්ථයයෙහි සඳහන් කොට තිබේ.

මෙම ගල් අලියාගේ කුස තුළ ඇතෙක් බරට වස්තුව ඇතැයි පැවති මිත්‍යා මතයක් නිසා නිධන් කොල්ලකරුවන් එම ධනය ලබා ගැනීමට මෙම ඇත් රූපය වෙඩි බෙහෙත් දමා පුපුරුවා හැරි අතර මෙරට නිර්මාණ ශීල්පීන්ගේ අපූර්ව නිර්මාණයක් සුනු විසුනු වී මහවැලි ගං පතුලේ සැඟවී ගියේය. නිධන් හොරුන්ටද ගැනීමටද කිසිවක් එහි නොවීය. එය අද දක්වාම තිබුණේ නම් එය නැරඹීමට එන්නන් නිසා මෙරට ආර්ථිකයට ලැබීමට තිබූ මහා නිධානයද අහිමි වී ගියේය. අද ඒ පිළිබඳව ඇත්තේ මෙවැනි කෙටි ස්මරණයක් පමණි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

කාගෙන්වත් යැපෙනවට වඩා තියෙන දෙයක් කරන් ඉන්න එක නම්බුයි

Next Post

මගේ හඬ තවම එදා වගේමයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.