• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ජනපති යුගයේ නොමැකෙන මතක

November 24, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ජනපති යුගයේ නොමැකෙන මතක
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ 07 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්මැලි මහා සෑ රදුන් ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූයේ පසුගිය 18 වැනිදාය. පසුගිය නොවැම්බර් 16 වැනිදා පැවැති ශ්‍රී ලංකාවේ 08 වැනි ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගනු ලැබූයේ වාර්තාගත ඡන්ද ලක්ෂ 69කට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමිනි. ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකු ලබා ගත් වැඩිම ඡන්ද ප්‍රමාණය ලෙසින්ද ඉතිහාස ගත විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 07 වැනි විධායක ජනාධිපතිවරයා වුවද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මේ දක්වා පාලනය කළ ජනාධිපතිවරුන් ගණන 8ක් ලෙස ඉතිහාසයේ සඳහන්ව ඇත. එම නාමාවලියේ පළමු තැන හිමිව ඇත්තේ විලියම් ගොපල්ලව මහතාටය. 1962 වසරේ සිට ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ගොපල්ලව මහතා ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරයා බවට පත් වන්නේ 1972 ආණ්ඩුක්‍රම සංශෝධනයක් සමඟිනි. 1896 වසරේ සැප්තැම්බර් 17 වැනිදා මාතලේ දුල්ලෑව වලව්වේ උපත ලද විලියම් ගොපල්ලව මහතා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ දුල්ලෑව ග්‍රාමීය පාසලෙන් සහ මහනුවර ශාන්ත ජෝන් විද්‍යාලයෙනි. ඉන් අනතුරුව මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් වූ ඒ මහතා පසුව කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලබා ඇත.

කොළඹ නීති විද්‍යාලයෙන් නීති අධ්‍යාපනය ලැබූ ගොපල්ලව මහතා දේශපාලනයට පිවිස ඇත්තේ 1926 වසරේදී මාතලේ නගර සභාවට තේරී පත් වෙමිනි. එතැන් පටන් 1939 වසර තෙක් මාතලේ නගර සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ගොපල්ලව මහතා ඒ අතරින් වසර 05ක කාලයක් මාතලේ නගර සභාවේ සභාපතිවරයා ලෙසටද කටයුතු කර ඇත. 1936 වසරේදී පළමු වරට මාතලේ ආසනය සඳහා තරග වැදුණද ඉන් පරාජයට පත් වී ඇත. ඉන් පසු 1939 වසරේ මහනුවර මහ නගර සභාවේ පළමු පුරපතිවරයා බවට පත් වූ ගොපල්ලව මහතා 1951 වසරේදී කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයටද පත් වී ඇත.

1958 වසරේදී චීනයේ තානාපතිවරයා බවට පත් වූ විලියම් ගොපල්ලව මහතා 1961 වසරේ සිට 1962 වසර දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස කටයුතු කර ඇත. 1962 වසරේදී එවකට අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් විලියම් ගොපල්ලව මහතා ශ්‍රී ලංකාවේ දෙවැනි ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ පළමු බෞද්ධ ආණ්ඩුකාරවරයා වන්නේද විලියම් ගොපල්ලව මහතාය.

ශ්‍රී ලංකාවේ දෙවැනි ජනාධිපතිවරයා මෙන්ම පළමු විධායක ජනාධිපතිවරයා වන්නේ ජූනියස් රිචඞ් ජයවර්ධන හෙවත් ජේ. ආර්. ජයවර්ධන මහතාය. ශ්‍රී ලංකාව තුළ විධායක ජනාධිපති ධුරය බිහි කිරීමට ජයවර්ධන මහතා කටයුතු කරන්නේ 1977 මහා මැතිවරණයෙන් ලද අති විශිෂ්ට ජයග්‍රහණයත් සමඟය. ඒ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම සංශෝධනය කරමිනි. ජේ. ආර්. ජයවර්ධන පාලනය යටතේ ශ්‍රී ලංකාවේ සිදුවූ වැදගත්ම සිදුවීම ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දිය හැකිය.

1905 සැප්තැම්බර් 17 වැනිදා උපත ලද ජේ. ආර්. ජයවර්ධන මහතා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ බිෂොප් විද්‍යාලයයෙනි. ඉන් පසු කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලැබූ ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් කලා උපාධිය හිමි කර ගෙන ඇත. නීති විශාරදයකු ලෙස ලංකා ජාතික කොංග්‍රසය හරහා දේශපාලනයට අවතීර්ණ වූ ජයවර්ධන මහතා පළමු වරට කොළඹ නගර සභාව සඳහා තේරී පත් වී ඇත්තේ 1940 වසරේදීය. 1943 වසරේදී කැලණිය ආසනයට තරග වදිමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය ආරම්භ කිරීමේදී පුරෝගාමියකු මෙන්ම එහි ආරම්භක සාමාජිකයකු ලෙසින්ද කටයුතු කර ඇත. අනතුරුව 1946 වසරේ මැතිවරණයෙන් නැවත වරක් කැලණිය ආසනය ජය ගත් ජේ. ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ පළමු කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යවරයා ලෙසින්ද කටයුතු කර ඇත. එතැන් පටන් විවිධ අමාත්‍යාංශ කිහිපයක ඇමැතිවරයා ලෙසින් කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධන මහතා 1973 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වී ඇති අතර එවකට පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක පාලනයට එරෙහිව රට පුරා දැඩි ජන මතයක් ඇති කිරීමට කටයුතු කර ඇත. 1977 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට අති විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමේ පදනම වැටෙන්නේ ඒ අනුවය. 1978 වසරේ පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දුන් ජේ. ආර්. ජයවර්ධන මහතා 1982 වසරේ පැවැති ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණය ජය ගනිමින් නැවත වරක් ජනාධිපතිධුරයට තේරී පත් වූ අතර 1989 වසර වන තෙක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙසින් කටයුතු කළේය. ජේ. ආර්. ජයවර්ධන රජයේ අගමැතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ දෙවැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ 1989 වසරේ ජනවාරි 2 වැනිදාය. ඒ 1989 වසරේ පැවැති ජනාධිපතිවරණය ජය ගනිමිනි. එම

ජනාධිපතිවරණයට තරග කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පරාජයට පත් කරමින් ජයග්‍රහණය හිමි කර ගත් ප්‍රේමදාස මහතා ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ දුප්පතාගේ හිතවතා ලෙසටය.
1924 වසරේ ජුනි 23 වැනිදා උපන් රණසිංහ ප්‍රේමදාස මහතා මූලික අධ්‍යාපනය හදාරා ඇත්තේ මරදාන ශාන්ත ලෝරන්ස් විද්‍යාලයෙනි. අනතුරුව කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් ප්‍රේමදාස මහතා ද්විතීයික අධ්‍යාපනය හදාරා ඇත. 1950 දශකයේදී දේශපාලනයට අවතීර්ණ වූ රණසිංහ ප්‍රේමදාස මහතා කොළඹ මහ නගර සභාවේ උප නගරාධිපතිවරයා ලෙසින්ද වරක් කටයුතු කර ඇති නමුත් 1956 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ඒ මහතා පරාජයට පත් විය. 1960 වසරේ මාර්තු මස පැවැති මහ මැතිවරණයෙන් මැද කොළඹ ආසනය ජය ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ප්‍රේමදාස මහතා සමත් වූ නමුත් එම වසරේ ජූලි මස පැවැති මැතිවරණයෙන් ඒ මහතා නැවත වරක් පරාජයට පත් වී ඇත. ඩඞ්ලි සේනානායක මහතා රජයේ ඇමැතිවරයකු ලෙසින් කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස මහතා 1970 වසරෙන් පසු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසින් කටයුතු කළ අතර 1978 වසරේදී ජේ. ආර්. ජයවර්ධන පාලනය යටතේ අගමැති ධුරයට පත් විය.

ගම්උදාව, ජනසවිය වැනි දුප්පත් ජනතාව සඳහා වූ වැඩසටහන් රාශියක් ආරම්භ කරමින් ජනතාව අතර ගෞරවාදරයට පාත්‍ර වූ රණසිංහ ප්‍රේමදාස මහතා තම පළමු ධුර කාලය අවසන් වීමට කෙටි කාලයක් ඉතිරිව තිබියදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය. ඒ 1993 වසරේ මැයි පළමුවැනිදාය.

මෙරට තුළ කෙටිම කාලයක් විධායක ජනාධිපති ධුරයේ කටයුතු කළ ජනාධිපතිවරයා ලෙසින් ඉතිහාස ගතව ඇත්තේ ඩිංගිරි බණ්ඩා විජේතුංග හෙවත් ඩී. බී. විජේතුංග මහතාය. ඒ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කර ඇත්තේ 1993 වසරේ මැයි 01 වැනිදා සිට 1994 වසරේ නොවැම්බර් 12 වැනිදා දක්වා කාලය තුළය. 1916 පෙබරවාරි 15 වැනිදා උපන් විජේතුංග මහතා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ වැලිගල්ල මහා විද්‍යාලයෙනි. ඉන් අනතුරුව ගම්පොළ ශාන්ත ඇන්ඩ්‍ර විද්‍යාලයෙන් ඒ මහතා ද්විතීයික අධ්‍යාපනය හදාරා ඇත. පොලිස් නිලධාරියකු ලෙසින් තම ජීවිතය ආරම්භ කළ ඩී. බී. විජේතුංග මහතා එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වී ඇත්තේ 1946 වසරේදීය. 1965 වසරේදී පළමු වරට උඩුනුවර ආසනය සඳහා ඒ මහතා පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වූ නමුත් ඉන් පරාජයට පත් වී ඇත. අනතුරුව පැවැති 1970 මහ මැතිවරණය ජය ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ විජේතුංග මහතා 1977 වසරෙන් පසු කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කර ඇත. 1989 වසරේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ඩී. බී. විජේතුංග මහතා ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවය සමඟින් ජනාධිපති ධුරයට තේරී පත් විය. ජනාධිපතිවරණයක් ජය ගැනීමෙන් තොරව මෙරට පාලනය කළ එකම ජනාධිපතිවරයා ලෙසින් ඉතිහාස ගතව ඇත්තේද ඩී. බී. විජේතුංග මහතාය.

මෙරට දේශපාලනයේ සුවිශේෂී චරිත දෙකක් ලෙසින් සලකන එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරිය ලෙසින් තේරී පත් වන්නේ 1994 වසරේදීය. 17 වසරක් පුරා පැවැති එක්සත් ජාතික පක්ෂ පාලනය පෙරළා දමමින් පොදුජන එක්සත් පෙරමුණ යටතේ තරග කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිවරණය ජය ගත්තේ එක්සත් ජාතික පක්ෂය පරදා ජනාධිපතිවරණයක් ජය ගත් පළමු අපේක්ෂිකාව බවටද පත් වෙමිනි.

1945 වසරේ ජුනි 29 වැනි දින උපන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පාසල් අධ්‍යාපනය හදාරා ඇත්තේ කොළඹ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයෙනි. අනතුරුව වසර ගණනාවක් විදේශීය අධ්‍යාපනය හැදෑරූ චන්ද්‍රිකා මහත්මිය ඒ අතරතුර විවිධ භාෂා ගණනාවක්ද හදාරා ඇත. 1978 වසරේදී එවකට ජනප්‍රිය නළුවකු වූ විජය කුමාරණතුංග මහතා සමඟ විවාහ වූ චන්ද්‍රිකා මහත්මිය සෘජු දේශපාලනයට පිවිසෙන්නේ විජය කුමාරණතුංග නායකත්වය දැරූ ශ්‍රී ලංකා මහජන පක්ෂය සමඟිනි. විජය කුමාරණතුංග මහතාගේ මරණයෙන් පසු නැවත වරක් තම මවගේ දේශපාලන කඳවුරු සමඟ එකතු වූ ඒ මහත්මිය 1993 වසරේදී බස්නාහිර පළාතේ මහ ඇමැති ධුරයට පත් වූ අතර අනතුරුව පැවැති මහා මැතිවරණය ජය ගනිමින් අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත් විය.

1999 වසරේදී දෙවැනි වරටද ජනාධිපතිවරණයට තරග කරමින් නැවත වරක් ජනාධිපතිධුරයට පත් වීමට සමත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ධුර කාලය අවසන් වන්නේ 2005 වසරේදීය.

බණ්ඩාරනායකවරුන් සතුව පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමන් වෙත නතු කර ගනිමින් තවත් බලවේග රාශියක් ඒ වටා එකතු කර ගත් පර්සි මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිධුරයට තේරී පත් වන්නේ 2005 වසරේදීය. එවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස අනුර බණ්ඩාරනායක මහතා ඉදිරිපත් කිරීමේ සූදානමක්ද වූ අතර ඒ බලවේග පරාජය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස තේරී පත් වීම මහින්ද රාජපක්ෂ මහතා ලැබූ පළමු ජයග්‍රහණය විය. 2005 වසරේ පැවැති ශ්‍රී ලංකාවේ සිවුවැනි ජනාධිපතිවරණය රාජපක්ෂ මහතා ජය ගන්නේ තම ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති තියුණු තරගයකින් පසුවය.

1945 වසරේ නොවැම්බර් 18 වැනිදා උපන් මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපනය හදාරා ඇත්තේ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි. අනතුරුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරූ ඒ මහතා දේශපාලනයට සම්බන්ධ වී ඇත්තේ 1967 වසරේදීය. ඒ තම පියාණන්ගේ මරණයත් සමඟිනි. අනතුරුව පැවැති 1970 මහ මැතිවරණයේදී බෙලිඅත්ත ආසනය ජය ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ රාජපක්ෂ මහතා ඉතිහාස ගතව ඇත්තේ එවකට පාර්ලිමේන්තුව තුළ සිටි ළාබාලතම මන්ත්‍රීවරයා ලෙසටය. අනතුරුව පැවැති 1977 මහ මැතිවරණයේදී පරාජයට පත් වුවද නැවත වරක් 1988 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ රාජපක්ෂ මහතා 1994 වසරේ සිට 2004 වසර දක්වා රජයේ කැබිනට් ඇමැති ධුර රාශියක් දරා ඇත. 2001 වසරේ සිට 2004 වසර දක්වා පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමය තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙසින් කටයුතු කළ රාජපක්ෂ මහතා 2004 වසරේ තේරී පත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අගමැතිවරයාද විය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලය තුළ මෙරට සිදුවූ වැදගත්ම සිදුවීම වූයේ තිස් වසරක් පුරා පැවැති යුද්ධය අවසන් කිරීමය. 2009 වසරේදී එල්. ටී. ටී. ඊ. සංවිධානය මුලිනුපුටා දැමීමෙන් පසු 2010 වසරේ පැවැති ජනාධිපතිවරණය ජය ගනිමින් දෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත් රාජපක්ෂ මහතා රට තුළ සංවර්ධන වැඩ කටයුතු රාශියක් ක්‍රියාත්මක කිරීමට සමත් විය. වසර ගණනාවක් පුරා විනාශ වී තිබුණු උතුරු ප්‍රදේශය සංවර්ධනය කිරීම, දුම්රිය මඟ හරහා නැවත උතුර දකුණ යා කිරීම මෙන්ම මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය මෙන්ම කොළඹ වරාය නගරයද එම යුගයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති ලෙස හැඳින්විය හැක. ජනාධිපතිවරණයට දෙවතාවකට වඩා තරග කළ නොහැකි බවට වූ නීතිය 18 වැනි සංශෝධනය හරහා වෙනස් කරමින් තම තෙවැනි ධුර කාලය සඳහා 2015 ජනාධිපතිවරණයේදී තරග කිරීමට රාජපක්ෂ මහතා තීරණය කළද, එය ජය ගැනීමට ඒ මහතාට නොහැකි විය. ජනාධිපතිවරණය පරාජය වුවද, ජනතාවගේ බලවත් ඉල්ලීම හමුවේ නැවත වරක් ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූ මහින්ද රාජපක්ෂ මහතා 2018 වසරේ ඔක්තෝබර් 26 වැනිදා නැවත වරක් අගමැති ධුරයට තේරී පත් වූ අතර අනතුරුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස තේරී පත් විය.

ශ්‍රී.ල.නි.ප.යේ මහලේකම්වරයා ලෙසින් කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානයේ අපේක්ෂකයා ලෙස තරග වදිමින් 2015 ජනාධිපතිවරණය ජය ගැනීම මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සටහන් වී ඇත. මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පරාජය කරනු ලැබූයේ පරාජය කළ නොහැකි නායකයකු ලෙසින් සැලකූ මහින්ද රාජපක්ෂ මහතාවය.

1951 වසරේ සැප්තැම්බර් 03 වැනිදා උපන් පල්ලේවත්ත ගමරාළලාගේ මෛත්‍රිපාල යාපා සිරිසේන මහතා මූලික අධ්‍යාපනය හදාරා ඇත්තේ තෝපාවැව මහා විද්‍යාලයෙනි. පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් ඒ මහතා ද්විතීයික අධ්‍යාපනය හදාරා ඇත. 1970 දශකයේදී තරුණ සංවිධාන හරහා ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූ සිරිසේන මහතා 1983 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික යොවුන් සංවිධායක ධුරයට තේරී පත් වී ඇත. 1989 මහ මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරග වදිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ සිරිසේන මහතා එතැන් පටන් අමාත්‍යාංශ කිහිපයකම කැබිනට් ඇමැතිවරයා ලෙසින් කටයුතු කර ඇත.
මහින්ද රාජපක්ෂ රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙසින් කටයුතු කරමින් සිටියදී විපක්ෂය සමඟ

එකතු වෙමින් ජනාධිපතිවරණය තරග වැදුණු සිරිසේන මහතාගේ ධුර කාලය තුළ මෙරට සිදුවූ සුවිශේෂීම කාර්යය ලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හැඳින්විය හැක. 19 වැනි සංශෝධනය හරහා සිදු කළ ප්‍රධාන වෙනස වූයේ ජනාධිපතිවරයා සතු වූ අසීමිත බලතල කප්පාදු කිරීමය. 2015 වසරේ සිට පසුගිය සතිය දක්වා ක්‍රියාත්මක වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාවට වැඩිම වටිනාකම් අත් වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු වීම හරහාය. තමන් දෙවැනි වරට ජනාධිපතිධුරය සඳහා තරග නොකරන බවට පොරොන්දු වෙමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඒ මහතා එම පොරොන්දුව ඉටු කරමින් පළමු නිල කාලය අවසානයේදී ජනාධිපති ධුරයට සමු දීමට තීරණය කළේය. කෙසේ නමුත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාලන කාලය තුළ පසුගියදා අවසන් වූයේ මෙරට පැවැති සාමකාමීම සහ නිදහස්ම ජනාධිපතිවරණය බව බොහෝ දෙනාගේ අදහසය.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ආර්පිකෝ වෙතින් ආකර්ෂණීය හැම්පර්ස් සමුදායයක්

Next Post

ඔබ දිනවන ගෙදර අංකය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.