• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබ දිනවන ගෙදර අංකය

November 24, 2019
in Astrology
Reading Time: 3 mins read
A A
ඔබ දිනවන ගෙදර අංකය
Share on WhatsAppShare on Facebook

නිවෙසක්, ව්‍යාපාරික ස්ථානයක් හඳුන්වනු ලබන්නේ එම නිවෙසට හෝ ව්‍යාපාරික ස්ථානයට හිමි අංකය පදනම් කරගෙනය. මෙම අංකය සංගණන සඳහාත්, තැපැල් සේවාවේ පහසුව සඳහාත් බොහෝ වැදගත් වෙයි. මෙම අංකය ග්‍රාම නිලධාරී තැනගෙන් ඉල්ලාගත යුතු එකකි. නමුත් ලැබෙන අංකය මිස අපට අවශ්‍ය අංකය ඉල්ලාගත නොහැකිය. ඒ නිසාම එම අංකයෙන් කියැවෙන පලාපල නිවැරැදි වෙයි. නිවාසවලට ලැබෙන අංක තනිකර අංක ලෙසත්, අංක කිහිපයක් සමඟ ඉංග්‍රීසි අකුරු ලෙසත් දැකිය හැකිය. මෙසේ වූ විට මේ සියල්ල තනි අංකයක් ලැබෙන සේ එකතු කරගත යුතුය. ඉංග්‍රීසි අක්‍ෂරවලටද අගයන් හිමිවෙයි. ් සිට ’ දක්වා අගයන් පහත පරිදි වෙයි.

1 2 3 4 5 6 7 8
A B C D E U O F
I K G M H V Z P
J R L T N W
Q S X
Y


නිවෙසට ලැබෙන අංකයෙන් කියැවෙන අංක විද්‍යාත්මක පලාපල බැලීම සඳහා උදාහරණ කිහිපයක් සලකා බලමු. මේ සඳහා අංක යෙදිය හැකි සෑම ආකාරයක්ම අධ්‍යයනය කරමු.
* නො : 267
2 + 6 + 7 = 15 = 1 + 5 = 6
* නො : 90/3
9 + 0 + 3 = 12 = 1 + 2 = 3
* නො : 80/ජ
8 + 0 + 3 = 11 = 1 + 1 = 2
* නො : 70/10/A
7 + 0 + 1 + 0 + 1 = 9
මේ ආකාරයට ලැබෙන අංකය එම නිවෙසේ වෙසෙන ගෘහමූලිකයාට මෙන්ම සෙසු සාමාජිකයන්ටද බොහෝ බලපායි. යම් හෙයකින් අසුබ අංකයක් ලැබිණි නම් එම අංකය භාවිත නොකර නිවෙසට සුබ ගණ යොදා නමක් දමා එය පාවිච්චි කිරීම තුළින් අංකයෙන් ඇති වන අසුබ නැති වී යයි. තවද ලිපිනය ලිවීමේද නිවාස අංකය භාවිත නොකරන්නේ නම් එම අංකයෙන් වන සුබ හෝ අසුබ ගෙහිමියන්ට අත් නොවේ.
අංක 1 සිට 9 දක්වා පලාපල විමසා බලමු.
නිවාස අංකයේ එකතුව
අංක 1 නම්,
මෙම අංකය ලැබේ නම් එම ගෘහය පදිංචියට ඉතාමත් සුදුසු වූවකි. ගම්වාසීන් අතර ප්‍රසිද්ධිය හා ගෞරවය හිමිවෙයි. ඕනෑම ගමේ වැඩකදී නායකත්වය ලැබේ. මෙම ගෘහය තුළ වෙසෙන්නන්ට වාසනාව උදාකරයි. මෙම නිවෙස තුළ දුක නැති තරම්ය. සතුට පමණක් පිරී පවතී. ඥාතීන්ගේ ඇසුර වැඩි ස්ථානයක් වන මෙම නිවෙස ධනයෙන් ආඪ්‍ය වූවකි. දරුවන්ද ඉතා හොඳින් නිරෝගීව හැදෙන, වැඩෙන ගෘහයකි. අසල්වාසීන්ද මොවුන්ට ඉතා හිතවත්ය. උපන් දිනයට අනුව ලැබෙන දෛව අංකය 1, 3, 5, 7 හෝ 9 දරන පුද්ගලයන්ට නිවාස අංකය 1 එන නිවාස සුබය.
නිවාස අංකයේ එකතුව
අංක 2 නම්,
මෙම ගෘහය තුළ සිටින නිවැසියන් ඉතා සාමකාමී, තැන්පත්, ගතිගුණවලින් හෙබි අය වෙයි. මොවුන් නිතර නිතර තමන්ගේ ඇවැතුම්, පැවැතුම් වෙනස් කරයි. මොවුන් නිතර ගමන්-බිමන් යෑමට ප්‍රිය කරයි. මොවුන්ගේ රැකියාවද ස්ථිර නැත. මොවුන්ට ආර්ථික අපහසුතා බොහෝ ඇත. නමුත් මොවුන් ධනය හොඳින් උපයයි. උපයන ධනය අතේ රඳා නොපවතියි. වියදම අධිකය. මොවුන් බොහෝ නිහතමානී අය වෙයි. ගෘහමූලිකයා සමාජ සේවා කටයුතුවල නිරත වෙයි. මෙහි වෙසෙන ගෘහමූලිකයා ගමේ අසල්වාසීන්ගෙන් හොඳ නම දිනාගත්තද, අනෙක් සාමාජිකයන්ට ගම්වාසීන් ඊර්ෂ්‍යා කරයි. ජන්ම අංකය 4, 5, 8 හිමි අයට මෙම නිවාස අංකය බොහෝ පලදායී වෙයි.
නිවාස අංකයේ එකතුව
අංක 3 නම්,
මෙහි වෙසෙන්නෝ පිළිගත් ආයතනවල හොඳ වෘත්තීන් කරන සමාජයේ වගකිව යුතු පුද්ගලයෝය. මොවුන්ට අධිෂ්ඨාන ශක්තියද වැඩිය. මෙම නිවෙසේ වෙසෙන්නෝ දිනෙන් දින තියුණු වෙති. ආර්ථික අපහසුතා නැති තරම්ය. මෙම ගෘහය තුළ වෙසෙන අඹු-සැමියන්ගේ විවාහය සතුටින් පිරි එකකි. දරුවන්ද යහපත්ව හැදී වැඩී සමාජයට වැඩදායී පුද්ගලයන් වෙයි. ධන සම්පත් ගලා එන ගෘහයකි. දෛව අංකය 1, 5, 7, 9 හිමි අයට මෙම ගෘහය වඩා පලදායී වෙයි.
නිවාස අංකයේ එකතුව
අංක 4 නම්,
මෙහි වෙසෙන්නේ දරදඬු අදහස් ඇත්තවුන් වෙයි. මොවුන් අන්‍යයන්ට ඊර්ෂ්‍යා කරයි. වෛරී අදහස් නිතර සිතට පහළ වෙයි. ලැබෙන ධනය නිකරුණේ නාස්ති වී යයි. දියුණුව අඩු නිවෙසකි. අඹු-සැමියන් නිතර ආරවුලෙන් ජීවත් වෙයි. මොවුන්ට පිරිසුදුව සිටීමට සිත් නොදේ. සමඟිය, සාමය, සතුට, අලංකාරය මෙම නිවෙස තුළ දැකගත නොහැකිය. මොවුන්ගේ ජීවිත පසුබෑම්වලට ලක්වී ජීවිතය අඳුරු වී යයි. දෛව අංකය 2, 4 යන අංක හිමි පුද්ගලයන්ට මෙම නිවෙස වඩා ගැළපෙයි. මොවුන්ට තරමක් දුරට අසුබ තත්ත්වය මඟහැරී යයි.
නිවාස අංකයේ එකතුව
අංක 5 නම්,
මෙම ගෘහයේ වෙසෙන්නෝ මිල-මුදල් රැස් කිරීමට ශූරයන්ය. මොවුන් විවිධ ව්‍යාපාරවල නියැළෙයි. නමුත් මොවුන්ට බොහෝ වියහියදම් කරයි. නැතිනාස්ති කරන තරමට වියදම් කළද, ධනය ලැබීමේ අඩුවක් නැති බැවින් එය නොදැනේ. මොවුන් අමුතු අදහස්, උදහස් දරන්නෝ වෙති. මෙම අංකය දරන නිවෙස තුළ ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන ගියහොත් මහත් ලාභ උපයාගත හැකිය.
නිවාස අංකයේ එකතුව
අංක 6 නම්,
මෙම ගෘහය සමාජ සේවා කටයුතු සඳහා ඉතා යෝග්‍ය නිවෙසකි. මෙහි වෙසෙන්නෝද ඉතා සමාජශීලී අය වෙති. මොවුන් සංගීතය වැනි සෞන්දර්යාත්මක අංශවලට ප්‍රියතාවක් දක්වයි. මොවුන්ගේද වියදම සැරය. නිවැසියන් නිවෙස අලංකාරව තබාගනී. මෙහි වෙසෙන කාන්තා පාර්ශ්වයට කටකතා නිර්මාණය වෙයි. මොවුන් අසම්මත ක්‍රියා තුළින් ධනය උපයයි. මෙම අංකය දරන නිවාසවල වෙසෙන කාන්තාවන් නගර සෝබනියන් මෙන් හැසිරේ.
නිවාස අංකයේ එකතුව
අංක 7 නම්,
මෙම අංකය දරන නිවෙස්වල වෙසෙන නිවැසියන් ප්‍රදේශයේ කැපී පෙනෙන ලෙස ජීවත් වීමට උත්සාහ කරයි. අනවශ්‍ය ලෙස සැපසම්පත් භුක්ති විඳීමට ගොස් වියදම් අධික කරගනී. මොවුන්ගේ ආදායම පරයා වියදම ඇත. ගමේ සියලුම නිවාසවලට වඩා වැඩි අලංකාරයක් ගැනීමට නිතර වෙහෙසේ. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අසාර්ථක වී යයි. ඔවුන්ගේ ජීවිතයද අඳුරු වෙයි. දියුණුව අඩු නිවෙසකි. මෙහි නිවැසියන් නිතර අසහනකාරී ජීවිතයක් ගතකරයි. මෙහි වෙසෙන මවුපියන්ට දරුවන්ගෙන්ද සැනසීමක් නැත.
නිවාස අංකයේ එකතුව
අංක 8 නම්,
මෙහි වෙසෙන නිවැසියන් ජීවිතයේ ඉහළම තත්ත්වයට පත්වීමේ හැකියාව දරයි. නමුත් ජීවිතයේ පහත වැටීම්ද එකවර සිදුවිය හැකිය. තැන්පත් ධනය නිකරුණේ විනාශ විය හැකිය. ඒ නිසා මෙහි වෙසෙන්නන් ධනය රැක ගැනීමට වෙරදැරිය යුතුය. නිවැසියන් අතර එකිනෙකා අමනාප තත්ත්වයෙන් පසුවීමද දැකගත හැකිය. මේ නිසාම කලකෝලාහල, අපරාධ ආදියද සිදුවීමට ඉඩ පවතී.
නිවාස අංකයේ එකතුව
අංක 9 නම්,
මෙම අංකයද ඉතා අහිතකර අංකයකි. මෙහි වෙසෙන්නනෝ පවට බර වූවෝ වෙති. පව්කම්වලින්ම මිල-මුදල් උපයයි. දේව බැල්ම මෙම නිවෙසට නොලැබෙයි. නිවෙස තුළ ආරවුල් ඇතිවෙයි. සොර සතුරු කරදර, නීතිමය ගැටලු ආදියට මෙහි වෙසෙන්නන්ට මුහුණ දීමට සිදුවෙයි. හදිසි අනතුරුවලට නිතර ලක්වන මෙම නිවැසියන් ප්‍රශ්නවලදී ලේ වැගිරවීම කරගනී.
ජ්‍යොතීර්වේදීනි මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

ජනපති යුගයේ නොමැකෙන මතක

Next Post

අධ්‍යක්ෂවරු මාව දැක්කෙ මැරයෙක් විදිහට

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.