ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවට සේවා සැලසීමේදී ප්‍රමුඛත්වයේ වැජඹෙන ආපිකෝ ළඟ එන අසිරිමත් නත්තල වෙනුවෙන් නත්තල් සාප්පු සවාරියේ යෙදෙන පොදු ජනතාවට තිළිණ කරලීමට ආකර්ෂණීය හැම්පර්ස් වර්ග පෙළක් සකස් කොට ඇත.
ආපිකෝ හැම්පර්ස් තිළිණ කිරීම අසිරිමත් නත්තල හා සමීපව බැඳී ඇති අතර එකී විචිත්‍රවත් තිළිණ සමඟ විශේෂයෙන් හැඩ ගන්වන ලද “බ්ලූ” නාමයෙන් හැඳින්වෙන පාරිභෝගික සිත් සතන් අමන්දානන්දයට පත්කරවන අන්දමේ අංගද ඇතුළත් වේ.
2019.11.16 දින සිට 2020.01.15 දින දක්වා වලංගු වන ආකාරයෙන් සකස් කොට ඇති මෙම නත්තල් හැම්පර්ස්, රු. 5,600/- සිට රු. 99,500/- දක්වා වූ මිල ගණන් යටතේ ඉදිරිපත් කෙරේ. පාරිභෝගික රුචිය සහ ඔවුන්ගේ සිතැඟි සපුරාලිය හැකි මට්ටමේ ඇති මෙම හැම්පර්ස් ඒ ඒ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මතම සකස් වී තිබීම විශේෂත්වයකි. සෑම තරාතිරමකම අයකුට සරිලන අන්දමින් සකස්කොට ඇති මෙම හැම්පර්ස් සඳහා චීස් වර්ග, බිස්කට් වර්ග, බීම වර්ග, නත්තල් කේක් සහ නත්තලට අවශ්‍ය භාණ්ඩ රැසක් ඇතුළත් කර තිබේ.
සිත් ගන්නාසුලු අයුරින් නිමවා ඇති මෙම හැම්පර්ස් සඳහා භාවිත කොට ඇති ඇසුරුම්ද මනස්කාන්ත බවක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාව තුළ දැනට භාවිත වන විශිෂ්ටතම ඇසුරුම් උපයෝගි කර ගෙන නිමවා ඇති මෙකී හැම්පර්ස්, තමන්ගේ හිතවතුන්ට ත්‍යාග වශයෙන් පරිත්‍යාග කළ හැකි අන්දමට සකස් වී ඇත. වටිනාකමින් අග්‍රගණයේ ලා සැලකිය හැකි බ්ලූ බෙල්, බ්ලූ කැරොල්, බ්ලූ ස්පාකල්, බ්ලූ ජෝයි, බ්ලූ චෙරිෂ්, බ්ලූ ෆ්‍රොස්ට්, බ්ලූ ට්වින්කල්, බ්ලූ කානිවල්, බ්ලූ ඩිලයිට්, බ්ලූ බවුන්ටි, බ්ලූ රෙවර්ලි, බ්ලූ ලක්ෂරි වැනි ආපිකෝ හැම්පර්ස් මනබඳිනසුලු තත්ත්වයකින් නිම කර ඇත.