විහාරාරාම කොතරම් තිබුණද ඒවට යනෙන විට එම විහාරාරාම ඉදිකළ රජ සමයේ තිබූ පාරිසරික තත්ත්වයන් එකල තිබුණා යැයි සිතිය හැකි සිසිලසක් අදද දැනෙන්නේ එහෙමත් තැනකදීය. එහෙයින් එවැනි රාජකීය මතකයන් සිහියට නංවන විහාරාරාමයක් වේ නම් එය මනසට ගෙනදෙන සැනසීම, සුවය අතිමහත්ය.
ඉතින් එවැනි පුදබිමක් ලෙස, දේවානම් පියතිස්ස රාජ සමයට අයත් නිකවැව නාගල රජමහා විහාරය අවිවාදයෙන් හඳුන්වා දිය හැකිය. විශාල ගිරිශිඛරයක් මත මනරම් අයුරින් ඉදිකරවා ඇති මෙම විහාරය වෙත ගමන් කරන්නකුට දිගු පියගැට පෙළක් තරණය කළ යුතු වුවද තුරුලතා අතරින් සිසිල විඳිමින් යනෙන ගමනේ විඩාවක් නම් නොදැනේ. මෙතැනට පැමිණෙන්නෙකුට මෙය මහා ආශ්චර්යමත් පුදබිම් නිර්මාණයකැයි හැඟෙනවාට සැකයක් නැත.
කුමාර











