ජංගම දුරකතන බ්‍රෝඞ්බෑන්ඞ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගියදා ඔවුන්ගේ නවතම ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානය කොළඹ වන් ගෝල් ෆේස්හිදී විවෘත කරන ලදී. සංවර්ධනය වන කොළඹ නගරය තුළ ඇති ජාත්‍යන්තර මට්ටමේ විශාලතම වෙළෙඳ සංකීර්ණය වන වන් ගෝල් ෆේස් මෝල් හි සිව්වන මහලේ මෙම සේවා මධ්‍යස්ථානය පිහිටා ඇත.
මෙම නවතම ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානය පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යෝගලතාගිනි තිරුකුමාර් මහත්මිය, හච්හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සහ හච් කළමනාකාරීත්වය සහභාගි වූහ.
හච් පාරිභෝගිකයින් හට වඩා විශිෂ්ට සන්නිවේදන අත්දැකීමක් ලබා දීමේ ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස විවෘත කරන ලද මෙම සේවා මධ්‍යස්ථානය හරහා පුළුල් පරාසයක විහිදුණු සේවා රැසක් එකම වහලක් යටින් ඉතාමත් කඩිනමින්, දක්ෂ සහ පළපුරුදු සේවක මණ්ඩලයක් හරහා ලබා ගැනීමේ අවස්ථාව දැන් සියලුම පාරිභෝගිකයින්ට හිමිවේ.











