• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ගින්නෙන් දැවෙන ලෝකයේ හුස්ම

August 31, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ගින්නෙන් දැවෙන ලෝකයේ හුස්ම
Share on WhatsAppShare on Facebook

යමක් අත්පත් කරගැනීම කියන්නේ එක්තරා උමතුවක්. එක්තරා වූ ලෙඩක්. ඔය ලෙඬේ වැඩිපුරම හැදෙන්නේ මිනිසුන්ට. අන්න ඒ නිසයි අර සුනාමිය එන්න කලින් මුහුදේ වතුර පස්සට ගිහින් ගොඩබිම මතුවෙද්දි මිනිස්සු ඒකත් අත්පත් කරගන්න කියලා ගිහින් ඉල්ලන් කෑවේ. එතකොට අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුවත් අත්පත් කරගැනීම කියලා ආයෙමත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. අලින්ගේ කැලෑව අපේ මිනිස්සු බලෙන්ම උදුරගත්තා. ඒක හින්දා අලි ගමට ආවා. මිනිස්සු උන් එක්කලා හැප්පෙන්න ගියා. ඔන්න ඔහොමයි අලි මිනිස් ගැටුමක් හැදුණේ. ඉතින් ඔන්න ඔය අත්පත් කරගැනීමේ තදබල වූ කැමැත්ත හින්දම පහුගියදා සොබාදහම් මාතාවගේ පෙණහැල්ල කියලා කියපු ඇමර්සන් වනාන්තරයෙන් ලොකු කොටසක් විනාශ වෙලා ගියා. ඇත්තටම ඒ ඇමර්සන් විනාශයට වගකියන්න ඕනේ මිනිස්සුමයි. කොහොමින් හරි සති ගානක් පුරා ඇවිළුණු ලැව්ගිනි හේතුවෙන් ඇමර්සන් වනයට හානි වුණා.

ඇමර්සන් වනය කියන්නේ සොබාදහම් මාතාවගේ පෙණහලු. ඒ නිසා ඇමර්සන් ගින්න අපටත් බලපානවා. මොකද ඇමර්සන් කියන්නේ ලෝකයටම බලපාන සාධකයක්. එනිසයි සොබාදහමේ පෙණහලු කියලා ඇමර්සන් වනාන්තරය හඳුන්වන්නේ. මනුස්සයෙක් හුස්ම ගන්නේ පෙණහලු මඟින්. ඒක විනාශ වෙලා ගියොත් ඒ මනුස්සයා මැරෙනවා. ඒ කියන්නේ මියයනවා. ඔන්න දැන් ඔබට තේරෙයි ඇමර්සන් වනාන්තරය ලෝකයාට කොච්චර නම් වටිනවද කියලා.
ඇමර්සන් වනාන්තරය තමයි දැනට ලෝකයේ තියෙන විශාලතම සදාහරිත වනාන්තරය. ඒක කොච්චර විශාලයිද කිව්වොත් දකුණු ඇමෙරිකානු රටවල් නවයක වර්ග කිලෝමීටර් හැත්තෑ ලක්ෂයක් පුරාවට ඇමර්සන් වනාන්තරය පැතිරිලා තියෙනවා. එයින් 60% නියෝජනය කරන්නේ බ්‍රසීලය කියලයි කියන්නේ. ඒත් එක්කම ලෝකයේ ඔක්සිජන් අවශ්‍යතාවයෙන් 20%ක් නිපදවන්නෙත් ඇමර්සන් වනාන්තරය තුළින්. අන්න ඒක හින්දයි මේ ඇමර්සන් වනාන්තරයට සොබාදහම් මාතාවගේ පෙණහලුයි කියලා කියන්නේ. ඇමර්සන් වනය තුළ ලෝක ජෛව විවිධත්වයෙන් 10%ක ජීවීන් වාසය කරනවා කියලත් කියනවා. ඒ වගේම ඇමර්සන් ශාක සහ සත්ව විශේෂ මිලියන තුනකට විතර ජීවත්වෙන්න ඉඩකඩ සපයන නිවහනක්ද වෙනවා.
කාබන්ඩයොක්සයිඞ් මෙටි්‍රක් ටොන් මිලියන 2.4 ක් උරාගන්නා ඇමර්සන් වනයෙන් එහි ප්‍රධාන පෝෂක ගංගාවලට මුදාහැරෙන ජල ප්‍රමාණය තත්පරයට ගැලුම් මිලියන පනස් පහක් විදිහටයි සඳහන් වෙන්නේ. කොහොම හරි පහුගියදා ඇතිවුණු ලැව්ගිනි තත්ත්වයත් එක්ක ලෝකයේ ජීවනාලියේ කේන්ද්‍රස්ථානය වන ඇමර්සන්හි ජීවිතය ගෙවූ විශාල ශාක සහ සත්ව ප්‍රජාවක් විනාශ වුණා කියලා විදෙස් ආරංචි මාර්ග හැම එකක්ම වගේ වාර්තා කරලා තිබුණා. එම ලැව්ගිනි තත්ත්වය කොච්චර විශාල එකක්ද කිව්වොත් ඇමර්සන් වනාන්තරයට සැතපුම් දෙදහසකටත් වඩා දුරින් පිහිටි නගරයක් වන සාවෝ පාවරෝහි නඟරය දක්වා ඒ ලැව් ගින්න නිසා ඇතිවුණු දුමාරය පැතිරිලා තියෙනවා.

ඇමර්සන් වනාන්තරය තුළ සිද්ධ වූ විනාශයත් එක්ක ඒක අපේ රටටත් අපටත් බලපානවා කියලා අපි මුලින් කිව්වා. ඒ තත්ත්වය ගැන පසුගියදා අපේ රටේ පරිසර හා පරිසර නීති උපදේශක සජීව චාමිකර මහතා මෙන්න මෙහෙම කතාවක් කියලා තිබුණා.
“විශාල කාබන්ඩයොක්සයිඞ් වායු ප්‍රමාණයක් වායුගෝලයට නිදහස් වෙනවා විතරක් නෙවෙයි, කාබන්ඩයොක්සයිඞ් වායුව පාලනය කරන්න තියෙන වනාන්තර විශාල පද්ධතියක් අද වන විට සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තියෙනවා ඇමර්සන් ගිනිගැනීමත් එක්ක. සියලුම ක්‍රියාවලීන්වල ප්‍රතිඵලයක් විදියට ඇතිවෙන ප්‍රධාන හානිකර තත්ත්වය තමයි දේශගුණික කාලගුණික විපර්යාස ඇතිවීම විතරක් නෙවෙයි ග්ලැසියර ප්‍රදේශ දියවීම ඒ වගේම මුහුදු ජල මට්ටම ඉහළ යාම වගේ තත්ත්වයන් දක්වා මේ තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්. මේ වනාන්තරය ගිනිගැනීමේ ප්‍රතිඵලයක් විදියට මෙතෙක් ලෝකයේ හඳුනා නොගත් ජීවී විශේෂ විතරක් නෙවෙයි සමහර සම්ප්‍රදායික ජනතාවගේ වාසභූමි ඒ වගේම විශාල ජෛව ප්‍රජාවක් ලෝකයට අහිමිවීම සිද්ධ වෙනවා…”

ඇමර්සන් ලැව්ගිනි තත්ත්වයට ප්‍රධාන හේතුව ලෙස බ්‍රසීල මාධ්‍ය සඳහන් කරලා තිබුණේ මිනිස්සු ගොවිතැන් කිරීම සඳහා ඉඩම් එළි පෙහෙළි කිරීමයි. කියවන ඔබ නොදන්නවාට ඇමර්සන් වනය තුළ මෙම වසරේදී පමණක් ගිනිගැනීම් හැත්තෑ තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒක පසුගිය වසරට වඩා 83%ක වර්ධනයක් කියලයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ. ඔය හේතුව හින්දා බ්‍රසීල ජනාධිපතිවරයා පවා ජනතාවගේ විවේචනයට ලක්වෙලා තියෙනවා. ඒ අතර විශේෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කරන්නේ තම නිවහන ගින්නකට හසුවූවා වැනි හැඟීමක් මේ සම්බන්ධයෙන් මිනිසුන් තුළ ඇතිවිය යුතු බවයි. මේ අතර ශ්‍රී ලාංකික ජනතාව ඇමර්සන් වනයට වූ හානිය පූර්වාදර්ශයක් කරගත යුතු බව පවසන පරිසර හා පරිසර නීති උපදේශක සජීව චාමිකර මහතා මෙහෙම කතාවක් මාධ්‍යයට කිව්වා.

“ලංකාවේ අද වන විට කැලෑ ගිනි තැබීම් තත්ත්වය වර්ධනීය මට්ටමකට පත්වෙලා තියෙනවා. මේ රටේ කැලෑ ගිනි පාලනය කිරීමේ හැකියාව ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි දන්නවා මේ ඇමර්සන් වනාන්තරයේ ගිනි ගැනීමත් එක්ක ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක එය පූරවාදර්ශයක් විදිහට අරගෙන අපි අපේ රටේ වනාන්තර පද්ධතිය සුරක්ෂිත කිරීම සඳහා විශාල වශයෙන් මැදිහත් වීම අවශ්‍යයි. ඒ හරහා මේ ජල සුරක්ෂිතතාව වගේම ජෛව සුරක්ෂිතතාව ඇතිකරලා අපි මේ රටේ ස්වභාවික සම්පත්වල සුරක්ෂිතතාව ඇතිකරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනතාවගේ දැනුවත්භාවය එක පැත්තකින් අවශ්‍යයි. නීතිය සෘජුවම ක්‍රියාත්මක කිරීම කියන එක ඉතාම අවශ්‍යයි…”

වන විනාශය කියන්නේ දැන් අලුත් වචනයක් නෙවෙයි. මොකද හැම රටකම දැන් වන විනාශය කියන එක ඉතා ඉහළින් සිද්ධවෙනවා. මේකට හුඟාක්ම බලපාන්නේ නාගරීකරණය කියන එක. ඒ ඔස්සේ දිනෙන් දින වන විනාශය ඉහළ යනවා. ඒ වගේම ඔය ඉන්ධන සහ දැව ලබාගැනීම සඳහාත් වන විනාශය ඉහළින් සිදුවෙමින් පවතිනවා. ඒ නිසා ජෛව විවිධත්වය අඩු වෙනවා. භූ විද්‍යාත්මක පරිසරය වගේම දේශගුණයත් වෙනස් වෙනවා. අම්ල වැසි එනවා. පසුගිය දශක දෙක තුළ පමණක් ඇෆ්ගනිස්ථානය සතුව පැවති සමස්ත වනාන්තර වපසරියෙන් 70%ක් විතර දැන් විනාශ වෙලයි තියෙන්නේ. ඒ වගේම වරක් ලෝකය ආවරණය කරන ලද උෂ්ණ කලාපීය මේරු වනාන්තර වපසරිය හෙක්ටයාර් බිලියන 1.5 සිට 1.6 දක්වා විහිදිලා තිබුණා. ඒත් එයින් හෙක්ටයාර් මිලියන 750 සිට 800ත් අතර වන ගහනයක් දැන් මිනිස් ප්‍රජාව විසින් විනාශ කරලා ඉවරයි.

ඔය වනාන්තර විනාශය ලොකුවටම තියෙන්නේ දකුණු ආසියාවේ. එයින් වැඩිම වනාන්තර ප්‍රමාණයක් තියෙන්නේ ඇමර්සන් කලාපය තුළ. මෙම ඇමර්සන් වැසි වනාන්තරයෙන් හෙක්ටයාර් මිලියන හයසීයකට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය වෙනවා. වන විනාශය සිදුවෙන රටවල් අතර ඉහළින්ම අපේ ශ්‍රී ලංකාවත් තියෙනවා. ඒ එක්කම චීනයත් තියෙනවා. ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, බංග්ලාදේශය වගේ රටවලුත් තියෙනවා. හැබැයි ලෝකයේ ප්‍රසිද්ධම පිලිපීනය, තායිලන්තය වගේම ඉන්දියාව වගේ රටවල් කැලෑ කැපීම ජාතික අවශ්‍යතාවක් විදියට ප්‍රකාශයට පත්කරලයි තියෙන්නේ. ඉතින් අන්න ඒක නිසා ඒ ගැන එතැනින් එහාට අපට කියන්න දෙයක් නෑ. මේ ගින්න නිවා නොගත්තොත් පෘථිවිය කියන ග්‍රහලෝකය හරි ඉක්මනට අවසන් ගමන් යයි.
රුවන් එස්. සෙනෙවිරත්න

SendShareShare
Previous Post

මෙතැන නෝ පාකින්

Next Post

අද ටෙලිනාට්‍ය පාසල් යනවා හෙට කැම්පස් යාවි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.