1869දී පමණ කෝපිවලට ‘හිමිලිය’ නම් කොළ රෝගයක් හටගෙන සීග්‍රයෙන් පැතිරී යෑම හේතුවෙන් අවුරුදු කිහිපයකදී කෝපි වගාව සීග්‍ර ලෙස පහත වැටුණේය. එයින් ආනයනය විශාල වශයෙන් පාඩු වූයෙන් කෝපි වගා කළ වගාකරුවෝ දැඩි දුෂ්කරතාවයන්ට පත්වූහ. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස යුරෝපීය වගාකරුවෝ 1700න් 400ක් පමණ ආපසු සිය රටට ගියහ. මේ හේතු නිසාම 1884 දී ලංකාවේ ඔරියන්ටල් බැංකිං කෝපරේෂන් බැංකුව බංකොළොත් වීමෙන් තත්ත්වය තවත් දරුණු අතට හැරිණි.
මේ කාලයේ කෝපි වෙනුවට වෙනත් ආදේශක ලෙස බෝග වගාවන් අත්හදා බැලූ අතර, 1861 අත්හදා බැලීම පිණිස හග්ගල මල්වත්තෙහි කරන ලද සිංකෝනා වැවිලි තරමක් දියුණු සහ සාර්ථක තත්ත්වයක තිබිණි.
එය යුරෝපා වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවි කළ හැකි බව හඳුනාගත් හෙයින් මෙරට වගාකරුවන් රැසක් සිංකෝනා වගාවට යොමුවිය. ඒ අනුව 1872 වන විට අක්කර 500ක් වූ වගාව 1879 වන විට අක්කර 60,000ක් පමණ වර්ධනය විය.
කුමාර











