මෙරට ඉතිහාසයේ ජනතාව පීඩාවට පත්කළ වසංගත රෝග ගැන බලද්දී ලාදුරු කියන්නේ වර්තමානයේ කොරෝනා වගේම භයානක රෝගයක්. එවකට ලාදුරු රෝගයෙන් බේරීම සඳහා ජනතාවට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවුණා. එනිසා ලාදුරු රෝගය මඩින්න රෝහල් තනන්නත් සිදුවුණා. එහෙම හදපු මඩකළපුව, මාන්තිව් දූපතේ ලාදුරු රෝහලට හිමි වන්නේ විශේෂ තැනක්. මොකද මෙහි ඉතිහාසය ලන්දේසි සමය තරම් ඈතකට විහිදී පවතිනවා. ඒ කාලයේ භයානකම රෝගයක් ලෙසට පිළිගැනුණු ලාදුරු රෝගීන්ට නවාතැන් දීමට ඉදිකෙරුණු දෙවැනි රෝහල මෙයයි. අතීතයේ රෝගීන් 400ක් පමණ මෙහි සිටියා යැයි සැලකෙන අතර, එම කාලයේ මෙහි ඉදිකරන ලද තැපැල් කාර්යාලය, පන්සල, පල්ලිය, කෝවිල නටබුන් අදටද දක්නට ඇත.











