සිය වටිනා පාරිභෝගිකයන්ට සුවිශේෂී බැංකු අත්දැකීමක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, 2020 දෙසැම්බර් මාසයේදී අංක 207, සරණංකර පාර, දෙහිවල හි නව ස්වයංක්‍රීය ATM යන්ත්‍රයක් ස්ථාපනය කරමින් දිවයින පුරා සිය ව්‍යාප්තිය වඩාත් පුළුල් කළේය.
මෙම යන්ත්‍රය පිහිටා ඇති ස්ථානය වෙත ගනුදෙනුකරුවන්ට ඉක්මනින් ළඟා විය හැකි අතර, ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ එදිනෙදා බැංකු අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගත හැකිය. මෙම ප්‍රදේශය විශාල වශයෙන් ව්‍යාපාරික ස්ථාන ඇති ජනාකීර්ණ පෙදෙසකි. ගනුදෙනුකරුවන්ගේ පහසුව තවදුරටත් ඉහළ නංවමින් සරණංකර පාරේ ATM යන්ත්‍රයක් ස්ථාපනය කළ පළමු බැංකුව, සෙලාන් බැංකුවයි. නව ATM යන්ත්‍රය මඟින් එම ප්‍රදේශය අවට වාසය කරන ගනුදෙනුකරුවන්ට විශාල දුරක් ගමන් නොකර දවසේ ඕනෑම වේලාවක පහසුවෙන් මුදල් ලබා ගත හැක. එමෙන්ම, පවතින මෙම වසංගත තත්ත්වය තුළ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීමටද මෙය උපකාරිවේ.
සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු 173ක ශාඛා සහ 216ක ATM ජාලයකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම්හි දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම A-(lka) සිට A(lka) දක්වා ඉහළ දමමින් සෙලාන් බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත මූල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත.











