• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ මන්තර මතුරද්දී මං බයේ වෙව්ලුවා

March 13, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ මන්තර මතුරද්දී මං බයේ වෙව්ලුවා
Share on WhatsAppShare on Facebook

එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ විවිධ පුවත්පත් ඔස්සේ කොණ්ඩදෙණිය හිමියන් ගැනත්, උන්වහන්සේගේ විස්මිත මන්තර ශාස්ත්‍රය ගැනත් එම යන්ත්‍ර, මන්ත්‍ර ඇසුරෙන් උන්වහන්සේ කළ දක්‍ෂකම් ගැනත් බොහෝ තොරතුරු වාර්තා වී ඇතත් එසේ කිසිදු මාධ්‍යකින් හෙළි නොවූ අපක්‍රට කතා පුවත් රාශියක් පාඨක ඔබට තිළිණ කරන්නට අපට හැකි විය. ඒ අතර විටින් විට කොණ්ඩදෙණිය හිමියන් පිළිබඳව සජීවී අත්දැකීම් ලැබූවන් හමුවීමත් ඔවුන්ගේ එම අත්දැකීම් ඔබ හමුවට ගෙන ඒමටත් අපට අවස්ථාව හිමි වීම සතුටට කරුණකි. කෙසේ නමුදු තවමත් විවිධ අවස්ථාවන්හි එවැනි දුර්ලභ වූ අත්දැකීම් ඇත්තන් අපට හමුවෙයි. කිරිබණ්ඩා මහතාද එවැන්නෙකි. ඔහු පවසන ආකාරයට තමන්ට තරමක් දැනුම් තේරුම් ඇති අවධියේ කොණ්ඩදෙණිය හිමියන්ගේ විස්මිත හැකියාවන්ගේ ප්‍රතිඵල අත්දැක ඇත්තෙකි. එහෙයින් කිරිබණ්ඩා මහතාගේ එම අත්දැකීම් ඔබ හමුවේ තැබීම හොඳ යැයි අප සිතමු. කිරිබණ්ඩා මහතා කොණ්ඩදෙණිය හිමියන් පිළිබඳ සිය අත්දැකීම ඔහුගේම වචනවලින් විස්තර කළේ මෙලෙසිනි.

සංස්කාරක

ඒ කාලේ මං නාඹර කොලුගැටයා. දැකපු කියපු හැමදේම හොඳට මතක සිටින කාලේ. කොහොමින් කොහොමහරි අපේ පවුලේ මට සහෝදර සහෝදරියො පස්දෙනෙක්ම උන්නා. මං තමයි වැඩිමලා. මට බාල මල්ලිලා දෙන්නයි. සහෝදරියෝ තුන් දෙනයි. මේ සිද්ධිය වෙන සන්ධියේ උන්නෙ මායි ලොකු නංගියි විතරයි. ඒ කාලේ එයැයිටත් ඒ හැටි වයසක් නැහැ. මං හිතන්නෙ මෙව්වා මතකයක්වත් හිටින වයසක් නැහැ.

ඔය කියන සන්ධියේ ඉඳලම අපේ අප්පොච්චා සෙල්ලක්කාරයා. අම්මා නම් හරිම නිවිච්ච අහිංසක මනුස්සයා. කනකට ඇහෙන්ට කතාවත් කරන්නේ නැහැ. අප්පොච්චා නම් ඉතින් වැඩි හරියක්ම කළේ ගමේ යමක් කමක් තිබුණු පොඩි මහත්තය එක්ක කදේ වැටිලා නාහෙට නාහන අඩව් අල්ලපු එකම වෙන්ටැ. මට යන්තම් මතකයි අපේ අප්පච්චිට ටක්කෙටම ගිනි බටේ පත්තු කොරන්ට පුළුවන් උන්දෑ හොඳ ඉලක්කකාරයා කියලා ගමේ ප්‍රසිද්ධ වෙලා නොවැ උන්නේ. හැබැයි එහෙම කියලා අපට ගිනි බට තිබුණේ නැහැ. ගිනිබටේ පොඩි මහත්තයගෙ. අප්පොච්චි තමයි ඒක පාවිච්චි කළේ. ඉතින් ගමේ කට්ටියක් කල්ලි ගැහිලා නිතරම දඩයමේ යනවා. අප්පොච්චා ඉතින් පොඩ මහත්තයාගේ තුවක්කුවත් කරපින්නාගෙන උන්දෑගෙ දකුණු අත වගේ උන්නේ. හැබැයි රාත්‍රියට දඩයමේ ගියාට පොඩි මහත්තයා යන්නෙ අඩුවෙන්. ඔය වංගියේ අප්පොච්චලා දඩයම් ගිය අවස්ථාවලට පොඩි මහත්තයා අපේ අහටත් එනවා. මහ දෙගොඩ හරියක් වෙනකන් ටැක්ගැහි ගැහී ඉන්නවා. උන්දෑගෙ ඒ වැඩ ගැන අපේ අම්මාගෙ ඒ හැටි මනාපයක් තිබුණෙ නැති විත්තියත් යන්තම් වගේ මතකයි. පස්සෙන් පහු තමයි මටත් කරුණු කාරණා තේරුණේ.

ඉතින් ඔය ගැන දවසක් අපේ අම්මා ලොකු අම්මා ආ වෙලාවක විස්තර කොරනව මං අහගෙන. එදා ලොකු අම්මා ඇහුවා ඉතින් පොඩි සිංඤෝ අයියට කිව්වේ නැතැයි කියලා. අම්මා කිව්වා උන්දැට පොඩි මහත්තැන් කිව්වොත් වෙන දෙයක් ලොකුවට පේන්නෙ නැතෙයි, ඒ නිසා කිවව්යි කියලා වගක් නොවෙන්ටත් පුළුවන්. එහෙම නැත්නම් උන්දෑගෙම ගිනි බටෙන් පොඩි මහත්තැන්ට ගිනි බිඳින්ටත් පුළුවන් කියලා. එදා ලොකු අම්මා කල්පනා කරලා මොන මොනවදෝ කටුකුටු ගෑවා. අම්මා හා හොඳයි හොඳයි කියලා හිස වැනුවා.

ඊට දවස් දෙක තුනකට පස්සෙන් පහු අම්මා මාවයි, නංගිවයි ඉස්සර කොරගෙන ලොකු අම්මලාගෙ අහ ගියා. එතැනින් පස්සෙ අපිව එහේ තියලා කොහේදෝ යන්ට ලකලෑස්ති වුණත් මායි, නංගියි විලාප තියන්ට පටන්ගත්තා. අන්තිමට අම්මා අපිවත් එක්කොහු කරගෙන ලොකු අම්මත් එක්ක පන්සලකට ගියා. ඇත්තටම මං එදා දැනගෙන උන්නෙ නැහැ අපි ඒ ගියේ කොණ්ඩදෙණිය පන්සලටය කියලා. පස්සෙන් පහුවට තමයි දැනගත්තෙ.

පන්සලක්ය කිව්වාට මේ දැන් වගේ මහා පන්සල් නෙවෙයි ඒ වංගියෙ තිබුණෙ. හැබැයි හරිම පිළිවෙළට, පිරිසුදුවට, ලස්සනට පන්සල තිබුණා. හාමුදුරුවෝ අපිව දැකලා ඇවිත් කතාබහ කරද්දී ලොකු අම්මා විස්තර කිව්වා. මට අද වගේ මතකයි. උන්වහන්සේ මගේ දිහායි, නංගි දිහායි හරි අනුකම්පාවෙන් බලාගෙන ඉඳලා අම්මගෙන් ඇහුවා මොකද්දෑ මේ අවනඩුව කියලා. අම්මා කඳුළු පිහදා පිහදා පොඩි මහත්තතැන්ගෙන් කරදරයි කියලා කිව්වා. ඒ කතාව අහගෙන ඉද්දි හාමුදුරුවේ කේන්තියෙන් දත්කූරු හපනවා මං දැක්කා. අම්මා සේරම විස්තර කියලා අහක් වුණාම උන්වහන්සේ කිව්වා අසමජ්ජාතියෝ හැම ගමකම වැහි වැහැලා උපාසක අම්මේ කියලා.

ඊට පස්සේ උන්වහන්සේ කිව්වා මේ කාරිය රහසේම කොරලා උන්දෑගෙන් ගැලවෙන එක මහ කජ්ජක් නෙවෙයි. ඒත් ඕකුන් ඊට පස්සෙත් මේ නොහොබිනා කම්වලට ගමේ අනෙක් ළමිස්සියන්ව අල්ලා ගන්නවා. ඒක හින්දා මෙහෙම උන්දලට අමතක නොවෙන්ට පාඩමක් කියාදෙන්ට ඕනෑ කියලා.

එහෙම කියලා හාමුදුරුවෝ අපිවත් එක්කාහු කරගෙන දේවාලය ඇතුළට වැඩියා. අපිට වාඩිවෙන්ට කියලා උන්වහන්සේ මතුරන්ට පටන්ගත්තා. මට මතකයි හාමුදුරුවෝ මතුරද්දි මං බයේ වෙව්ලුවා. සෑහෙන වෙලාවක් මතුරපු හාමුදුරුවෝ අතේ තිබුණු නූල් පොට අම්මගෙ කරේ ගැටගැහුවා. ඒ ඉවර වෙලා කිව්වා ගමේ ගම්සභා සමිතිය තියන දාට එතැනට යන්ට කියලා. අම්මා හා කිව්වා. පස්සෙන් පහු හාමුදුරුවෝ මගේ හිස අතගාලා මේ වැඩිමලා වෙන්ටැ කිව්වා. අම්මා හිස වැනුවා. පස්සේ පුංචි තිරිවාණ ගල් කැටයක් අරගෙන ඒක මතුරලා රෙදි පටියකින් මගේ අතේ ගැටගැහුවා. මේක තියනකම් මේ දරුවාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙයි. හැබැයි යහමඟ මඟඇරලා යනවා නෙවෙයි කිව්වා. ඊට පස්සේ අපි පන්සලෙන් ආවා. ඒ ගල්කැටේ තාමත් මගේ ළඟ තියෙනවා. මට මතක විදියට තාමත් මං කිසිම ලෙඩකට කියලා බෙහෙත් පෙත්තක් බීලා නෑ ඕං.

පස්සෙන් පහු දවසක ඉතින් අපේ අම්මා හාමුදුරුවෝ කියපු විදියට ගම්සභා සමිතියට ගියා. අම්මා දැකපු ගමන් පොඩිමහත්තැන් භූමිතෙල් ගෑවුණු ගැරඬියා වගේ කලබලෙන් පුටුවෙන් නැඟිට්ටා. ඒ වංගියේ උන්දෑ සමිතියේ ලේකම්ද කොහේද. ඉතින් මිනිහා එක විඩේටම සභාවෙන් අවසර එහෙම අරන් තමන් ගමේ ගැහැනු අයට හරි හරියට අඩම් තේට්ටම් කරපු වගයි ඒ වගෙන් පවුල් කැඩුණු හැටියි ආයේ එහෙම නොකරන වගයි කියලා සමාව ඉල්ලුවා. සමිතියේ හිටපු සේරෝම සෙනඟ ඉසේ අතගසා ගත්තා.

එදායින් පස්සේ මිනිහා අපේ අහ ඇවිත් අම්මට කරදර කරපු වගක්වත් ගමේ වෙන අයට කරදර කරපු වගක්වත් අහන්ට ලැබුණෙ නැහැ. එදායින් පහු අපේ අම්මා බුදුන්ට මල්පහන් තියන හැම වංගියකම කොණ්ඩදෙණියෙ හාමුදුරුවන්ගෙන් ලැබුණු පිහිට සිහිපත් කරපු විත්තිය මං සහසුද්දෙටම දැනගෙන හිටියා. ඒ වගේම හාමුදුරුවන් මගේ අතේ ගැටගහපු ගල නිසාදෝ මන්දා අපේ අප්පොච්චත් පස්සෙන් පහු මං කියන දේවල් අනුව නරක අතේ වැඩ සේරෝම අතහැරියා. උන්දෑ අවසානයට ගමේ පන්සලේ සිල්නඩේ මහ උපාසක මහත්තැන් විදියටත් කටයුතු කොළා.

(නම්, ගම් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.)
සටහන : කුමාර රත්නායක

SendShareShare
Previous Post

මම කරන දේවල් දරුවන්ටත් බලපානවා

Next Post

SLT-MOBITELවාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර සම්මාන තුනක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.