ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-MOBITEL සමාගම, තම 2019 වාර්ෂික වාර්තාව වෙනුවෙන් සුවිශේෂී අන්තර්ජාතික සම්මාන තුනක් දිනාගැනීමට සමත්ව තිබේ.
එනම් දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සංසදය(SAFA) 24 වැනි වරටත් සංවිධානය කළ හොඳම ප්‍රකාශිත වාර්ෂික වාර්තා/ ඒකාබද්ධ වාර්තාකරණ/ සාක් සංවත්සර සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ 2019 වාර්ෂික වාර්තාව, ‘සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්විය.
තව ද 2020 ජාත්යන්තර ARC සම්මාන උළෙලේදී, දුරකථන සන්නිවේදන කාණ්ඩයේ ‘වාර්ෂික වාර්තා මුල් පිටුවේ ඡායාරූපය හා නිර්මාණය’ වෙනුවෙන් ලෝකඩ සම්මානයක්ද, ‘මූල්‍ය දත්ත’ සඳහා පිරිනැමෙන ගෞරව සම්මානයක්ද සමාගමට හිමිවිය.
දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සංගමය සංවිධානය කළ සම්මාන උළෙල, දකුණු ආසියානු කලාපය තුළ මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන් පිරිනැමෙන වටිනාම සම්මාන උළෙල ලෙස පිළිගැනේ.
එම සම්මාන උළෙල හරහා ගෙවුණු දශක දෙකකට අධික කාලයක් පුරාවට මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය ඉහළ නැංවීමට ලැබී ඇත්තේද සුවිසල් දායකත්වයකි.