• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කුල සංකල්පයේ තිත්ත ඇත්ත

August 29, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කුල සංකල්පයේ  තිත්ත  ඇත්ත
Share on WhatsAppShare on Facebook

කුලය කියන්නෙ උපතින් කාටවත් ලැබෙන දෙයක් නම් නෙමේ. කෙනෙක් ගැහැනියක්ද පිරිමියක්ද කියන දේ උපතත් එක්ක හැමෝටම හම්බවුණාට, කුලය එහෙම හම්බෙන් නෑ. සමාජය, සංස්කෘතිය පුද්ගලයාට කුලය එකතු කරන්නෙ උපතත් එක්කමයි. බුද්ධ දේශනාවෙදී සමාජයේ උපත සිදු වුණේ කාලානුරූපීව, හේතුඵලවාදීව හා යුගයේ අවශ්‍යතාවය මත කියලා සඳහන් වෙනවා. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වන්නේ ලෝක විනාශයෙන් පස්සෙ ආභස්සර බ්‍රහ්ම ලොවෙන් චුත වූ සත්වයන් ඇසුරෙන් සමාජ සංස්ථා ස්ථාපනය වූ බවයි. මේ පිරිස එකිනෙකා සමඟ සබඳතා පවත්වා ගත්තා.

සමාජය නිර්මාණය වන්නේ එකිනෙකා අතර අන්තර් සබඳතා කණ්ඩායමක් ලෙස භාවිත කරන කොට. සමාජය යන්න ඕනෑම වර්ගයක අනන්‍යතා මත පදනම් වූ ඒ හැම කණ්ඩායමකට අදාළ වන්නක්. සැබැවින්ම ඕනෑම මානවයෙකු මොනයම් හෝ සමාජයක් සමඟ බද්ධවේ. ඒ නිසයි සෑම පුද්ගලයෙකුටම ජීවත්වීමේදී සමාජය අතර පවත්නා සම්බන්ධය මූලික වෙන්නෙ. ඒත් මේක ජීවත්වීමේ පරමාර්ථය විතරක්ම නෙමෙයි. සමාජය එක්ක සබඳතා පැවැත්වීමේ ආකාරයත් එක්ක රටක වගේම තව කෙනෙක්ගෙ සංවර්ධනයට මේ දෙය හේතු වෙනවා. ඇත්තටම මේක යහපත් හෝ අයහපත් ලෙස බලපෑම් ඇති කරන්නේ සමාජය හා සන්නිවේදනය කරන විදිහෙන්ම තමයි. යහපත් සමාජ සබඳතා යහපත් සමාජයකට හේතු වෙනවා වගේම අයහපත් සමාජ සබඳතා අයහපත් සමාජයකට හේතු වෙනවාමයි. සමාජීය හා පුද්ගල සම්පත් පිළිබඳ විග්‍රහ කරන මෙම සංකල්පය සන්නිවේදනය හා සහ සම්බන්ධව තියෙනව. යහපත්, නිවැරැදි ජීවිතයක් පවත්වා ගන්න සමාජය ගැන හොඳ දැනුමක් අත්‍යවශ්‍යයි.

ලංකාවේ කුල ක්‍රමය ගැන අවධානය යොමු කරන කොට භාරතයෙන් එයට සෙවණැලි වැටී ඇති බව පැහැදිලියි. ඒත් ලක්දිව මුල් ශිෂ්ටාචාර අධ්‍යයනයේදී යක්ෂ, දේව, නාග ප්‍රධාන කුල ගෝත්‍ර වූ බව සඳහන්ය. කුවේණිය යක්ෂ ගෝත්‍රයට අයත් වූවාට විජය කුමරු සමඟ විවාහයෙන් නව කුල ආරම්භ වුණා. විජයාගමනය සිදුවන කාලයේදී ලංකාවෙ බලය තිබ්බෙ බ්‍රාහ්මණයන්ට. විවිධ කුල සමාජගතව පැවති සමයේ පණ්ඩුකාභය රජ වූ බව කියන්නෙත් අපේ ඉතිහාසයම තමයි. පණ්ඩුකාභය රජ සමයේ ආජීවකයින්ට ගෙයක්, බ්‍රාහ්මණයින්ට වාසස්ථාන, සිවිකා ශාලා, සොත්ථි ශාලා, ජෛන, පරිභ්‍රාජක, නිගණ්ඨාරාම තිබුණි ලෙස මහාවංශයේ ඇතුළත්ය. කුල ගෝත්‍ර එදා ඉඳන් මේ වෙනකම් අපේ සංස්කෘතියට කරපු බලපෑම ගණනින් කියන්න පුළුවන් නම්.

මොනව උනත් මේ කුල ගෝත්‍ර සංවිධානය වන්නේ මහින්දාගමනයත් සමඟ රැකියාව අනුව සමාජය කුලවලට බෙදුවා. සංඝමිත්තා තෙරණිය කුල දහඅටක් එක්ක ශ්‍රී මහා බෝධිය ලංකාවට ගෙන ඒම කුල ගෝත්‍ර සංවිධානයේ ඉහළම අවස්ථාව. ශ්‍රී මහා බෝධිය රෝපණයත් එක්කම අංකුර ආරක්ෂාව, නිසි වතාවත් ඉටු කිරීම කුලවලට පැවරේ එයද කුල භේදයකි. මොනව උනත් පරම්පරාවෙන් එක එක රස්සා කරපු කොටස් ජාති, ගෝත්‍ර, කුල විදිහට සමාජගත වුණා. “ත්‍රිවිධ මහාසාර කුල” කියලා ගහපති, බ්‍රාහ්මණ, නැකැත් කුලය ගැන උජාරුවෙන් කතා කරද්දි උසස් කියලා ඔළු ඉදිමෝගත්තා. කුල හීනයන් සොච්චමට වැටුණා. වංශය, ගෝත්‍රය, ජාතිය, පරම්පරාව, කුටුම්භය යන නම් කුල සංකල්පයට අදාළ වචන. එක සංස්කෘතියක්, එක භාෂාවක්, එක ජාතියකට අයත් ජන කොටසුත් කුලයවලට අයත්. මෙන්න මේ වගේ ගොඩක් කතා තියෙනවා කුල බිහිවීම ගැන. මොනව උනත් කාසි පනං, නම්බු නාම නිසා කුලෙන් ඉහළයි කියලා මහ ලොකු පම්පෝරි ගගහ උජාරුවක් ඉහ මුදුනින් තියන් ඉන්න කොට, මේ කිසිම දෙයක් තඹ දොයිතුවක් තරම් නැති උන් පයට පෑගෙන දූවිල්ලක් ගානටම වැටුණා. අද එදා තරම් කුලේ ගැන කතාබහක් නෑ. එහෙම කිව්වට කුලේ ගැන කතාවක් අද නෑ කියන්නමත් බෑ.

කුලෙන් ඉහළ අය සුවඳ හමන මලක් කියල හිතනකොට කුලෙන් හීන උන් පරවුණ මලකට සමාන කළෙත් කුලෙන් ඉහළ පැලැන්තියම තමයි. සුවඳ රස පිරිච්ච කෑම අරගෙන ඉහළ අය කනකොට ලුණුයි බතුයි පහළ අයට කන්න වුණේ කුල භේදෙ අම්ම තාත්ත තරමටම විශ්වාස කරපු නිසා. ලස්සන ලස්සන ඇඳුම්වලින් නිරුවත වහගන්න කොට එකම ඇඳුම හැමදාම පට්ට ගැහුවෙ අකැප දේවල් ගොඩක් කුල හීනයන්ට තිබ්බ නිසා. මෙහෙම වෙනකොට බඩ ගින්දරට වඩා හිස ඉස්සුවෙ හිතේ ගින්දර. එහෙම වුණේ සමාජෙන් කොන් උන නිසා නෙමේද? ලම්බකර්ණ කුලය හාවා හෝ එළුවා සංකේතවත් කරා. මෝරිය, මොණරා, කුලිංග කිව්වෙ කුරුල්ලෙක්ට. තරච්ඡ වුණේ වලහා. බලිභෝජක, කපුටා. ඉස්සර මෙහෙම කුල අපේ සංස්කෘතියෙ තිබ්බා කියන්නෙ ඇස්.බී. හෙට්ටිආරච්චි මහතාගේ අධ්‍යයනයෙන්.
වර්තමානෙ පවා විවාහ සබඳතාවලදී කුලය ගැන මහා ලොකු ප්‍රශ්න එනව. වෙන කිසිම හේතුවක් නැතුව කුලෙන් පහළයි කියන දේ නිසා වෙන්වෙන්න වෙද්දි ජීවිතයෙන් පළිගත්ත අවස්ථා හිසේ කෙස් ගානටම තියෙනවා. කෝච්චියට බෙල්ල තියන්න. ගඟට පනින්න, බෙල්ලෙ වැලදාගන්න තරම් දුරකට ගියෙ මේ කුල භේදෙට උත්තරයක් නැතිම හින්දා වෙන්නත් පුළුවන්.

මෙලොව එළිය දකින සියලුම මානවයින් එක හා සමානව අයිතිවාසිකම් උරුම වීම විය යුත්තක් වුවද උස් මිටිකම් මෝදුව හිස මත දැරීම නිසා කුලය යන්න සමාජගතව ඇත. පන්ති පරතරය නිමවන්නේද මේ අනුසාරයෙනි. ආසියාතික රටවල් අතර මුල්බැසගත් එක් ප්‍රබල සංකල්පයක් ලෙසින් මෙය අර්ථකථනය කළ හැකි සේම එය ලංකාවට ඇති කර ඇත්තේ සුළු පටු බලපෑමක් නොවන බවද කිව යුතුමය. කුල ක්‍රමයේ ප්‍රභවය සනිටුහන් වන්නේ “ආර්ය, අනාර්ය” යන වචන ද්විත්වයෙනි. බලය හිමි කරගත් කුලය ආර්ය වූ අතර බලය අහිමි පිරිස අනාර්ය විය. සමාජයේ ඉහළ පන්තිය හා පහළ පන්තිය බිහි වන්නේද මෙම අදහස කියාපාමිනි. නමුත් සමාජයේ කුල හීන යැයි නම් දැරූ බොහොමයක් සීමා මායිම් නොතකා රාමුවට කොටු නොවූ තම ඉලක්කය වෙත ගිය අවස්ථා එමටය. කුලෙන් ඉහළ අයට ඇතැම් විටෙක ශේෂ වූයේ මහන්තත්තකම පමණි. කුල සංකල්පයට මල් පුදන අබුද්දස්ස කාලයක් මේක’ විශ්වයේ ස්වභාව එයම පතයි නම් කරන්නට කිසිවක් නොමැත. නමුත් දැන්වත් මේ කුල කතාව හමාර කළ යුතු නොවේද? මන්ද අපි සියල්ලෝම ලේ නහර වැල්වලින් හැදුණු මනුෂ්‍යයෝය.

සඳුනි අරවින්දිනී

SendShareShare
Previous Post

ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට ‘Card Balance by Missed Call’ සේවාව

Next Post

නිතරම කිව්වත් හරියට නොදන්න නමස්කාරයේ ඇත්ත කතාව

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.