කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට පහසුව ඇතිකිරීම සඳහා Missed Call එකක් ලබාදීම තුළින් තමන්ගේ කාඞ් ගිණුම් ශේෂය ලබා ගත හැකි නව සේවාවක් බැංකුව විසින් හඳුන්වාදී තිබේ.
මෙම සේවාව ලබාගැනීම සඳහා කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් තම ජංගම දුරකතන අංකය මෙම සේවා සඳහා ලියාපදිංචි කළ යුතු අතර ශේෂය පරීක්ෂා කරගැනීමට අවශ්‍ය වූ අවස්ථාවක 0112353111 යන දුරකතන අංකයට ඇමතුමක් ලබාදිය යුතුවේ. මෙම ඇමතුම ස්වයංක්‍රීයව විසන්ධි වන අතර බැංකුව විසින් ඇමතුම ලබාදුන් ජංගම දුරකතන අංකයට අදාළ ක්‍රෙඩිට් කාඞ්පතේ අවසාන අංක හතර පවතින ශේෂය, අවසාන ශේෂ වාර්තාව, ගෙවිය යුතු අවම මුදල සහ අවම මුදල ගෙවිය යුතු දිනය ඇතුළත් කෙටි පණීවුඩයක් එවනු ලබයි. යම් හෙයකින් ලියාපදිංචි වී තිබෙන ජංගම දුරකතන අංකය බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් එකකට වැඩි ගණනකට සම්බන්ධ වී තිබේ නම් ඒ ඒ ක්‍රෙඩිට් කාඞ්පත්වල තොරතුරු වෙන වෙනම කෙටිපණිවුඩ ලෙස අදාළ ජංගම දුරකතනයට එවනු ඇත. මෙහිදී එවනු ලබන කෙටි පණිවුඩවල ඒ ඒ ක්‍රෙඩිට් කාඞ්පත්වල අවසාන අංක හතර සඳහන් කරන බව බැංකුව කියයි.
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් සහ ඩෙබිට් කාඞ් මගින් පුළුල් පරාසයක විහිදුණු ප්‍රතිලාභ ලබාදෙමින් වසර පුරාම ප්‍රවර්ධන වැඩසටහන් සිදු කරයි. එසේම, සිය මැක්ස් ලෝයල්ටි රිවෝර්ඞ්ස් වැඩසටහන යටතේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ් හිමියන් යන කණ්ඩායම් දෙක සඳහාම ලෝයල්ටි රිවෝර්ඞ්ස් ලබාදුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුව වන්නේ කොමර්ෂල් බැංකුවයි. මීට අමතරව, සාම්ප්‍රදායික වශයෙන් ක්‍රෙඩිට් කාඞ් සඳහා පමණක් ලබාදුන් ප්‍රවර්ධන වට්ටම් ඩෙබිට් කාඞ් සඳහාද ලබාදුන් මෙරට ප්‍රමුඛතම බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.