• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කඩොල් ඇතා කතරගමින් මතුවෙයි

August 22, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කඩොල් ඇතා කතරගමින් මතුවෙයි
Share on WhatsAppShare on Facebook

රුහුණු කතරගම ඇසළ මහා පෙරහැර මංගල්‍යය අවසන් වෙලා තවම ගියේ ටික දවසයි. ඔය පෙරහැර සමයේ අපිත් හිටියේ කතරගම. ඔය අස්සේ කතරගම ගැන හුඟාක් කතා අපි රූපවාහිනියෙන් දැක්කා. ගුවන් විදුලියෙන් ඇහුවා. පත්තරෙන් කියෙව්වා. ඒත් එහෙම නොකියවුණු කතා තව හුඟාක් තියෙනවා. අද අපි ඔබට කියන්නෙත් අන්න ඒ නොකියවුණු එක්තරා කතාවක් ගැන. ඇත්තටම මේ කියන්නේ ඓතිහාසික රහසක් කිව්වත් වැරැද්දක් නෑ.
කතරගම ගැන කතාකරද්දි දුටුගැමුණු රජතුමා අමතක කරන්න බෑ. ඒ වගේම අපිට කඩොල් ඇතාව අමතක කරන්නත් බෑ. ඒ නිසාම අපි ඒ ගැන හෙව්වා.
අපි අන්තිමේ හොයාගත්තේ ලොකු රහසක්. ඒ තමයි ඔය කඩොල් ඇතාගේ දළ දෙක රුහුණු කතරගම දේවාලයට ආපු කතාව. ඔය රුවන්වැලිසෑය හදන වෙලාවේ දුටුගැමුණු රජතුමා අසනීප වෙනවා. අන්තිමේදි මැරෙනවා. ඔය දුකට කඩොල් ඇතා අසනීප වෙනවා. පස්සේ ඔය ඇතා තනියම කතරගමට එනවා. එහෙම එන අතරමඟදි බුත්තල ගෝනගංආර මායිමේ තියෙන “දියකිරිත්ත” නම් ස්ථානයේ දිය නානවා. ඒ වෙලාවේ කඩොල් ඇතා මැරෙනවා. පස්සේ එවකට කතරගම හිටියා කියන නිළමේවරු පිරිසක් ඇතාගේ දළ ගළවලා කතරගම දේවාලයට ගේනවා. ඒත් 1602 අවුරුද්දේ ඕලන්දයෝ අපේ රටේ ඌව වෙල්ලස්ස ඔක්කෝම අල්ලගෙන මුළු වෙල්ලස්සම විනාශ කරනවා. එවකට ඔය කතරගම දෙවාලේ කපුවෝ දේවාලය රැකගන්න ලොකු සටනක්. ඔය අතර එක කපුවෙක් කඩොල් ඇතාගේ දළ පරිස්සම් කරන්න කියලා හිතලා හොරෙන්ම ගිහින් හංගනවා. ඒත් ඒ කපුවා හදිස්සියේ මියයන නිසා දළ හැංගුවේ කොහේද කියන්න කවුරුත්ම දැනගන්නේ නෑ. ඔය 1890 අවුරුද්දේ විතර කතරගම පාරම්පරික කපු මහත්තයෙක් දේවාලයේ වැඩ භාර ගන්නවා. ඔහු නිදි වෙලාවක ඔහු ළඟට කතරගම දෙවියෝ හීනෙන් ඇවිත් දළ තියෙන තැන කියනවා. පස්සේ ඊළඟ දවසේ ඔහු ඒ කියපු තැනට යනවා. කඩොල් ඇතාගේ අර දළ දෙකත් ලැබෙනවා. ඇත්තටම එදා දළ දෙකම තිබුණයි කියන්නේ කතරගම දේවලයට නැඟෙනහිරින් වූ යාල අංක දෙක කියන කලාපයේ ගල් පර්වතයක් අස්සෙලු. ඒ ගල් පර්වතය තාම තියෙනවා. ඒ වගේම දළ යුගල හංගපු කුහර දෙකත් තාම තියෙනවා.

දුටුගැමුණු රජතුමාගේ කඩොල් ඇතා නැත්නම් ඔය කණ්ඩුල කියන ඇතා ලංකාවේ ඉපදුන එකෙක් කියලයි කියන්නේ. හරියටම තැන කිව්වොත් ඉපදිලා තියෙන්නේ දකුණු පළාතේ කියලයි අපිට ඔය කතාව කියපු මනුස්සයා නම් කිව්වේ. ඇත්තටම ඔය කඩොල් ඇතා කියන්නේ එවකට අනෙක් අලි ඇත්තුන්ට වඩා සෑහෙන්න බුද්ධිමත් ඇතෙක් කියලනේ ජනප්‍රවාදයේ කියන්නේ. ඒ වගේම හොඳ මතක ශක්තියක් පවා ඔය ඇතාට තිබිලා තියෙනවා. පස්සේ කාලෙක ඔය ඇතා දුටුගැමුණු රජතුමාට එකතු වෙලා යුද්ධයට එහෙමත් යනවා. ඇත්තටම කිව්වොත් කඩොල් ඇතා කියන්නේ දුටුගැමුණු රජතුමාගේ නිල රාජකීය හස්තියා තමයි. ඒ හින්දම ඇතා මියගියාට පස්සේ ඇතාගේ දළ පරිස්සම් ඇතුව තියාගන්නවා. අද ඒ දළ යුගල තියෙන්නේ ඔය කතරගම දේවාලයේ. ඒත් කතරගම යන හැමදාටම ඒ දළ යුගල බලන්න වාසනාවක් නෑ. හරියටම කිව්වොත් ඒ දළ යුගල බලන්න වෙන්නේ නම් රුහුණු කතරගම ඇසළ මංගල්‍යය කාලයට විතරයි. දැන් ඒක කතරගම තියෙන පූජනීය වස්තුවක් වෙලා ඉවරයි. ඔන්න අපිට මෙදා සැරේ නම් ඔය දළ යුගලය අපේ ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් වුණා.
අපේ දුටුගැමුණු රජතුමාට දස මහා යෝධයෝ හිටියා කියන කතාව නම් ඉතින් අලුත් එකක් නෙවෙයිනේ. කොහොම හරි “නන්දිමිත්‍ර” කියන්නෙත් ඔය දස මහා යෝධයෝ අතර හිටපු එක ශක්තිමත් යෝධයෙක්. පොඩි කාලේ ඉඳන්ම ගස් ගල් පෙරළන්න පටන්ගත්තු නන්දිමිත්‍ර අන්තිමේ නතරවෙන්නේ අපේ දුටුගැමුණු රජතුමා ළඟ. ඒත් ඔහු එහෙම නතර වෙන්නේ දුටුගැමුණු රජතුමාගේ පියා කාවන්තිස්ස රජතුමා ඔහුට කරපු පරීක්ෂණයකින් සමත්වෙලා. පරීක්ෂණය තමයි නන්දිමිත්‍රගේ ශක්තිය බලන්න අර කඩොල් ඇතා එක්ක කරපු මහා සටන. ඇත්තටම ඒක කඩොල් ඇතා පරාජය කරමින් දිනන්නේ නන්දිමිත්‍ර. ඊට පස්සේ තමයි නන්දිමිත්‍ර යෝධයා දස මහා යෝධයෝ අතරට එන්නේ. කොහොම හරි එදා ඔය නන්දිමිත්‍ර අර කඩොල් ඇතාව දළ දෙකෙන් උස්සලා බිම ගැහුවයි කියනවා. ඒක එකපාර විශ්වාස කරන්න බැරි වුණාට පොතපතේ එහෙම තියෙනවා. සමහර විට ඒ කාලේ කඩොල් ඇතා සාමාන්‍ය ප්‍රමාණයේ ඇත් පැටියෙක්ද දන්නෙත් නෑ. හැබැයි එදා මෙහෙම දෙයකුත් වෙනවා. ඒ තමයි නන්දිමිත්‍ර යෝධයා තමන්ට කරපු ලැජ්ජාව සහ අවමානය ගැන කඩොල් ඇතාට තරහක් ආපු එක. ඒ හින්දා කඩොල් ඇතා තමන්ගේ කටේ පැත්තක දෙයක් හංගා ගන්නවා. ඒ තරමක ටිකක් ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක්. එහෙම කරන්නේ නන්දිමිත්‍රට වෙලාව ආපුවම ගහන්න.
හැබැයි කඩොල් ඇතාට නන්දිමිත්‍රට ගහන්න නම් අවස්ථාවක් එන්නේ නෑ. ඒක වෙන්නේ මෙහෙමයි. ඔය දුටුගැමුණු එක්ක එළාර සටන් කරපු විජිතපුර සටන මතකයිනේ. අන්න ඒක වෙලාවේ එළාරගේ ගෝලයෝ කඩොල් ඇතාට හානියක් කරන්න මරන්න වගේ මාන බලනවා. සමහරු ඇතාට හොරෙන් ගල් පෙරළන්නත් හදනවා. තව අය උණු ලෝදිය හලන්න හදනවා. ඒත් ඔය වැඬේ නන්දිමිත්‍ර දකිනවා. පස්සේ නන්දිමිත්‍ර තමයි කඩොල් ඇතාගේ පිටට නැඟලා ඔය ඇතාව එතැනින් අයින් කරලා බේරගන්නේ. අන්න ඒ කරපු උදව්ව නිසා කඩොල් ඇතාට නන්දිමිත්‍ර එක්ක තිබුණු අර තරහව නැතිවෙනවා. පස්සේ කඩොල් ඇතා නන්දිමිත්‍රට වැඳ නමස්කාර කරපු කතාවකුත් තියෙනවා. එදා තමයි ඒ වෙනකල් නන්දිමිත්‍රට ගහන්න කටේ හංඟන් හිටිය පොල් ගෙඩිය කඩොල් ඇතා එළියට දැම්මා කියන්නේ. කොහොම හරි ඔය විජිතපුර සටනේ ලොකුම ලොකු වැඩ කොටසක් කරන්න අද අපි කතාකරන කඩොල් ඇතා සමත් වෙනවා.
කඩොල් ඇතා මියගිය විදිය අපි කලින්ම කියවන ඔබට කිව්වනේ. ඉතින් විජිතපුර සටන අවසානයේ දුටුගැමුණු දිනනවා. පස්සේ කඩොල් ඇතා ජීවත්වුණා කියන්නේ ඔය මාගමට නුදුරින් තියෙන පැල්වත්ත කුඩාඔය කියන ප්‍රදේශයේ. හැබැයි ඔය කඩොල් ඇතා ජීවිතයේ අන්තිම කාලේ ඉඳලා තියෙන්නේ බුත්තල “දොරමැඬිල්ල” කියන ස්ථානයේ කියලයි තියන්නේ. ඒ නිකන්ම නෙවෙයි දුටුගැමුණුගේ රාජ්‍ය ආරක්ෂාවත් එක්කමයි. කොහොම හරි ඇතා මියගියාට පස්සේ භූමදාන කරලා තියෙන්නේ අනුරාධපුරෙන් ගෙනාපු මැණික් ගැල් විසි එකක් එක්ක කියලත් කියනවා. එදා නම් ඒ භූමදාන කරපු තැන ගල් කණු ස්මාරකයක් පවා තිබිලා තියෙනවා. ඒත් කාලෙත් එක්ක අද එහෙම එකක් නෑ. මේ කඩොල් ඇතාගේ අඩි අටක් විතර දිග දළ යුගල මුලින්ම තිබිලා තියෙන්නේ වැදි නායකයෙක් ළඟ. හැබැයි පස්සේ වැද්දන් වන්දනාමාන කරන ඔය “වල්ලිඅම්මා” මෑණියෝ වෙනුවෙන් ඔවුන් ඒ දළ දෙක කතරගම දේවාලෙට පූජා කරනවා. ඔය පූජා කරපු දළ දෙක තමයි අදටත් සුරක්ෂිතව කතරගම දේවාලයේ තියෙනවා කියන්නේ. ඇත්තටම ඒ දළ දෙක බලන්නම වටිනවා.
මුළු ලංකාවම එක්සේසත් කරලා මහාවංශයේ තමන්ගේ නම කාටත් වැඩිය ලොකුවටම ලියාගත්තු දුටුගැමුණු රජතුමාගේ රාජකීය හස්තියාගේ කතාව අවසන් වෙන්නේ ඔහොමයි. අපේ රාජාවලියේ මොන තරම් රජවරු හිටියත් මං දන්න විදියට ඒ රජවරුන්ට හිටපු ඔය අලි ඇත්තුන්ගෙන් අදටත් නම තියෙන්නේ වගේම ඉතිහාසගත වුණේ ඔය කඩොල් කියන ඇතාම විතරයි. ඔය කඩොල් ඇතාගේ සහ අපේ දුටුගැමුණු රජතුමාගේ වයසත් එක සමානයි කියලා කතාවකුත් තියෙනවා. ඒ වගේම එදා ඒ රජතුමා “රුවන්වැලිසෑය” හදනකොට කඩොල් ඇතත් ඒ ළඟින්ම හිටියා කියලා තියෙනවා. ඔය හැම කතාවක් අස්සෙම රුහුණු මහා කතරගම දේවාල පෙරහැරේ මුලින්ම දෙවියන් වැඩම කළෙත් කඩොල් ඇතා කියලයි කියන්නේ. හැබැයි ඔය කතාව නම් අපට හරියටම හරියි කියන්න අමාරුයි. ඒ කොහොම හරි කවුරුත් එළි නොකරපු අපේ කඩොල් ඇතාගේ කතාව ඔහොමයි.

සටහන රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

කොණ්ඩදෙණිය හිමියන්ට උගුලක්

Next Post

අවසන් රහතන් වහන්සේ හොයා වට්ටාරමට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.