• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අවසන් රහතන් වහන්සේ හොයා වට්ටාරමට

August 22, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
අවසන් රහතන් වහන්සේ හොයා වට්ටාරමට
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ හිටියා කියන අවසානම මහරහතන් වහන්සේ තමයි මලියදේව මහරහතන් වහන්සේ කියන්නේ. ඉතින් උන්වහන්සේ වැඩහිටිය බව සඳහන් වෙන්නේ වට්ටාරම. දැන් කියවන ඔබ අහයි වට්ටාරම තියෙන්නේ කොහේද කියලා. ඇත්තටම කිව්වොත් මේ වට්ටාරම තියෙන්නේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල පාරේ. ඉතින් අපි පහුගිය නිකිණි පෝය දවසේ මලියදේව මහරහතන් වහන්සේ වැඩහිටිය විහාරය හොයාගෙන ගියා. විහාරයේ නම වෙන්නේ වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය.
වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරයට යන්න ප්‍රධාන පාරවල් දෙකක් තියෙනවා. එකක් වෙන්නේ කොළඹ නුවර ප්‍රධාන පාරේ රංවල හන්දියෙන් වමට හැරිලා පොල්ගහවෙල පාරේ යන එක. එහෙම යද්දි අතරමඟදි මේ වට්ටාරම හම්බවෙනවා. අනෙක් පාර තමයි කොළඹ – කුරුණෑගල පාරේ පොල්ගහවෙල හන්දියෙන් දකුණට හැරිලා එන එක. එහෙම එද්දිත් වට්ටාරම හම්බවෙනවා. හැබැයි අපි නම් ආවේ රංවල හංදියෙන් හැරිලා. එහෙම හැරිලා ටික දුරක් එද්දි පාරේ දකුණු පැත්තට වෙන්න විහාරය දකින්න ලැබෙනවා. අපි අපේ වාහනය නතර කරලා කෙළින්ම විහාරයට ගියා. එහෙම යන්න තියෙන්නේ ලොකු තොරණක් යටින්. ඒත් මහා පැරැණි බවක් නම් අපිට ඒ විහාරයේ ඈතට පෙනුණේ නෑ. අපි ඔය ගැන එතැන හිටපු මහත්තයෙක් ළඟට ගිහින් ඇහුවා. ඔහු මෙහෙම කිව්වා.

“අවුරුදු දෙක තුනකට කලින් රාජ්‍ය වෙසක් උත්සවය තිබුණේ වට්ටාරම මහත්තයෝ. ඉතින් රජයෙන් ලොකු සංවර්ධනයක් කළා. විහාරය විතරක්ම නෙවෙයි ඔය එන පාරවල් වාහන නවත්තන තැන් වගේ ඔක්කෝම දේවල් කළේ ඒක හින්දයි.”
වට්ටාරම විහාරයට ඇතුළු වෙන තැනම එක්තරා පුවරුවක ගාථාවක් හරි පැහැදිලිව ලියලා තියෙනවා. ඒ වට්ටාරම විහාරය වැඳපුදා ගන්න ගාථාව. ඒත් අපිට ඒක තේරුම් ගියේ ගාථාව කියෙව්වට පස්සේ. අපි ඔය දැක්ක පුවරුවේ තිබුණු ගාථාව මෙහෙමයි.
“ගොඨාභය කතං රම්මං
දවත තිස්ස ඵල රොපිතං
වන්දාමි මණ්ඩලා රාමං
මලියදෙව නිසේවිතං”
අපේ වෙලාවට ඒ ගාථාව යටින් ගාථාවේ සිංහල තේරුමත් ලියලා තිබුණා. ඒකේ තිබුණේ “ගෝඨාභය මහා රජතුමා විසින් කරවන ලද දෙතිස් ඵල බෝධීන් වහන්සේ රෝපණය කරන ලද මලියදේව මහ රහතන් වහන්සේගේ පා පහස ලද මණ්ඩලාරාමය වඳිමි….” කියලා. එතන “මණ්ඩලාරාමය” කියලා හඳුන්වලා තියෙන්නේ අපි අද කියන වට්ටාරම රජමහා විහාරය තමයි. කොහොම හරි ඔය ගාථාවට අනුව අපිට එක දෙයක් තේරුණා. ඒ තමයි වට්ටාරම රජමහා විහාරය ගෝඨාභය රජතුමාගේ නිර්මාණයක් කියන එක. ඒ වගේම වට්ටාරම තියෙන්නේ දෙතිස්ඵල බෝධීන් වහන්සේලා අතරින් එක් බෝධියක් කියලත් අපි හොයාගත්තා. ඒ වගේම අතීතයේ මේ විහාරය හඳුන්වලා තියෙන්නේ “දෙමටමල් විහාරය” කියලත් අපිට ආරංචි වුණා.
අතීතයේ අද වට්ටාරම රජමහා විහාරය තියෙන මේ ප්‍රදේශයේ ආරාම ගණනාවක්ම තිබිලා තියෙනවා. අන්න ඒ හින්දම තමයි “වට්ටාරම” කියලා මේ ප්‍රදේශයට නම වැටිලා තියෙන්නේ. මුලින් කිව්වා වගේ මේ විහාරයේ බොහෝ වැඩ කොටසක් සිද්ධ කරලා තියෙන්නේ ගෝඨාභය රජතුමා. හැබැයි වට්ටාරම ගැන ටිකක් විශ්වාස කරන්න අමාරු ඒත් අපූරු ජනප්‍රවාදයක් එහෙමත් තියෙනවා. ඒක තමයි ශක්‍ර දෙවියන් විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා ලවා මේ වට්ටාරම රජමහා විහාරය ඉදිකරපු කතාව. ඇත්තම කිව්වොත් ඒක විශ්වාස කරන්නත් ටිකක් අමාරුයි තමයි. ඒත් එහෙමයි කියලා අපිට ඔය කතාව අහක දාන්නත් බෑ.
අපි අද මේ කතාව පටන් ගන්නකොටම කියවන ඔබට එක කතාවක් කිව්වා. ඒ තමයි අපි අද යන්නේ ශ්‍රී ලංකාවේ අවසාන මහරහතන් වහන්සේ වැඩහිටිය බිමට කියලා. අපි කිව්වා වගේම වනගුප්ත මලියදේව මහරහතන් වහන්සේ අපේ රටේ සිටි අවසන් රහතන් වහන්සේ කියලා අංගුත්තර නිකායේ මනෝරථ පූරණී අටුවාවෙත් සඳහන් වෙනවා. කොහොම හරි අතීතයේ ගෝඨාභය රජ දවසේ හිටපු මේ වනගුප්ත මලියදේව මහ රහතන් වහන්සේට පස්සේ අපේ රටේ ආයෙත් නම් කිසිම තැනක මහරහතන් වහන්සේ කෙනෙක් ගැන කියැවෙන්නේ නෑ. ඒ හින්දම මලියදේව කියන්නේ ශ්‍රී ලංකාවේ හිටපු අවසානම මහ රහතන් වහන්සේ කියලා අපිට පිළිගන්න වෙනවා.
ඊළඟට මලියදේව මහ රහතන් වහන්සේ කියන්නේ කාගේ කවුද කියලා අපිට හොයන්න හිතුණා. ඒ අනුව අපි විහාරයේ හිටපු කිහිපදෙනෙක්ගෙන් ඔය කතාව ඇහුවා. ඔවුන් හැමෝම කිව්වේ එකම කතාවක්. එදා ඔය සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපේ ලංකාවට වැඩම කරගෙන එන වෙලාවේ තවත් බොහෝ පිරිසක් ඒත් එක්ක ආවයි කියනවනේ. ඒ සමග එදා එනවා ක්ෂත්‍රිය වංශික කුමාරයෙක්. පස්සේ ඒ කුමාරයා උඩපොළ බෝවලපිටියේ “චම්පක බෝධිගුප්ත” නමින් ජීවත් වෙනවා. කාලයත් එක්ක ඔහු විවාහයක් කරගන්නවා. ඒ විවාහයෙන් ඔහුට දරුවන් තිදෙනෙක් ලැබෙනවා. ඒ දරුවන් අතර පිරිමි දරුවන් ලැබෙන්නේ එක්කෙනයි. ඔය දරුවා පස්සේ ඇතුගල්පුර ආරාමයක පැවිදි වෙනවා. ඊටත් පස්සේ ඒ හාමුදුරුවෝ වට්ටාරම විහාරයට ආවයි කියනවා. එදා උන්වහන්සේ ධර්මයේ පරතෙරටම ගිහින් වෙසක් පෝය දවසක රහත් බව ලබනවා. අන්න එහෙමයි මේ මලියදේව මහ රහතන් වහන්සේගේ කතාව තියෙන්නේ. ඔය කතාවම තමයි එදා හිටපු හැමෝම මගෙත් එක්ක කීවෙත්. ඒක නිසාම ඔය කතාව අපිට පිළිගන්නම වෙනවා.
අපි ඊළඟට ගියේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ දෙතිස් ඵල බෝධීන් වහන්සේලාගෙන් එක් බෝධියක් ඇති වට්ටාරම විහාරයේ බෝධීන් වහන්සේ වැඩසිටින ඉසව්වට. කතාවේ හැටියට නම් වට්ටාරම බෝධිය අනුහස් තියෙන බෝධියක්. අපි දැක්කා ඔය බෝධීන් වහන්සේ ආරක්ෂාවට වගේ ඒ වටා පරිවාර බෝධීන් වහන්සේලා රැසක්ම තියෙනවා. නමුත් අපිට ආරංචි විදියට මේ තියෙන්නේ අර පැරැණිතම බෝධිය නෙවෙයිලු. මොකද ඒක අපවත් වෙලා. දැන් වට්ටාරම තියෙන්නේ ඒ අපවත් වුණු බෝධියෙන් ආපු එක් අංකුර බෝධියක්ලු. ඒත් අපිට ඔය කතාව අහන්න වට්ටාරම විහාරයේ විහාරාධිපති හිමියන් මුණගැහෙන්න නම් වෙලාවක් තිබුණෙ නෑ. මොකද අපි වට්ටාරම විහාරය බලන්න ගියේ අනුරාධපුරේ යන ගමන්. ඒ නිසා අපිට ඒ වටිනා අවස්ථාව මඟ හැරුණා.
මලියදේව මහ රහතුන් වැඩ සිටි මේ වට්ටාරම විහාරය කියන්නෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරන ස්ථානයක්. අපි දැක්කා දුරින් ගල් කණු වගයක් එහෙමත් තියෙනවා. ඒ ඉස්සර “මලිය මහාපාය” කියලයි අපිට කෙනෙක් කිව්වේ. වට්ටාරම් අස්නට අනුව නම් මේ බිමේ ආරාම දොළහක් වගේම තව දේවාලයක් තිබුණා කියලත් කියනවා. ඒ වගේම වට්ටාරම මහා විහාරයේ ඇති සිතුවම් මහනුවර යුගයේ අපරභාගයට අයත් සිතුවම් කියලයි හැමෝම කියන්නේ. විහාර මළුවේ හේවිසි මණ්ඩපයක් වගේම ටැම් ලිපියක් සහ සුවිශේෂ සිරිපතුල් ලාංඡනයකුත් තියෙනවා. තවත් දෙයක් කියන්න තියෙයි. ඒක තමයි මෑතක් වෙනතුරුම මේ විහාර භූමියෙන් ඉතා පැරැණි නටබුන් හම්බවුණා කියන එක. ඒ අතර චෛත්‍යයක් වගේම විහාර ආදියත් තිබිලා තියෙනවා. හැබැයි ඔය සේරම නටබුන් විතරයි. ඇත්තටම වට්ටාරම විහාරය කියන්නේ වසර දෙදහස් තුන්සීයකට එහා අතීතයක් තියෙන රජමහා විහාරයක්. එදා චන්ද්‍රකාන්තිපුරය සහ තලවතුපිටිය යන නම්වලින් පවා වට්ටාරම විහාරය හඳුන්වලා තියෙනවා.
ඔය දෙවනපෑතිස්ස රජතුමාගේ කාලේ වට්ටාරම කියන්නේ හරිම පූජනීය ස්ථානයක් කියලා දැන් අපිට පැහැදිලියි. මොකද සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩමවපු ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අර දක්ෂිණ ශාඛාවෙන් පැන නැගුනු දෙතිස්ඵල බෝධින් වහන්සේ අතරින් එකක්නේ දැන් ඔය වට්ටාරම තියෙන්නේ. ඔය වලගම්බා රජතුමාගේ කාලයේ ධර්ම සංගායනාවක් පවා වට්ටාරම තිබුණු බවට සාක්ෂියක් තියෙනවා. ඒ වගේම වට්ටාරම විහාරයට අයිති ඉඩම් ගණනාවක් තිබුණා කියලත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. හැබැයි දැන් නම් ඒ කතාව වලංගු නෑ. කොහොමින් හරි රාජ්‍ය වෙසක් උත්සවයක් පවා වට්ටාරමේ තියෙනවා. ඒ හින්දා වට්ටාරම සංවර්ධනය දකිනවා. හැබැයි එක දෙයක් කියන්න තියෙයි. මං දැකපු වට්ටාරම දැන් හරි අලුත් වෙලා. වෙනස් වෙලා. සංවර්ධනය වෙලා. ඒක හින්දම දිගු ඉතිහාසයක් වට්ටාරමට තිබුණා කියලා දැන් නම් කියන්න අමාරුයි. ඉතින් මෙතැනින් අපි කතාව නතර කරනවා. ඒ නතර කරන්නේ “සතර කෝරළයේ විත්ති” කියන ග්‍රන්ථයේ වට්ටාරම ගැන කියැවෙන හරි අපූරු කවියකින්. ඒ කවියෙත් වට්ටාරම විහාරය ගැන ලොකු කතාවක් කියැවෙනවා.
“බවයෙන් මිදුන පෙර රහතන් විසු පෙරම
අළුලෙන කරඬුලෙන වට්ටාරම අරම
සතරින් මෙතැන් වට්ටාරම වේ පරම
ගණනින් එක් සැටක් රහතුන් විය එහිම”

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

කඩොල් ඇතා කතරගමින් මතුවෙයි

Next Post

ලංකාවෙ අන්තිම රජ බිසවට මොකද වුණේ?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.