• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ඉන්දියාව වෙනස් කළ ක්‍රි.ව. 1500

March 9, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
ඉන්දියාව වෙනස් කළ ක්‍රි.ව. 1500
Share on WhatsAppShare on Facebook

ක්‍රි.ව. 1500දී පමණ ඛයිබර් දුර්ගය ඔස්සේ විදේශිකයන් ඉන්දියාවට සංක්‍රමණය විය. ඔවුන් කුමන ප්‍රදේශයක සිට සංක්‍රමණය වූයේද යන්න නිශ්චිත වූ නිගමනයක් නොමැත. මධ්‍ය ආසියාවද, රුසියාව ආශ්‍රිත ප්‍රදේශද එසේත් නැතිනම් වෙනත් ප්‍රදේශයක්ද යන්න මොවුන්ගේ නිජබිම පිළිබඳ නිශ්චිත එකඟතාවයක් නොමැත. ආර්යයන් අනුගමනය කළ ආගම්, භාෂාව ආදිය පිළිබඳ විමර්ශනය කළ බ්ෘෂ්ඩෙස්මෙයින් නම් මානව විද්‍යාඥයා ඉන්දු ආර්යයන්ගේ මුල්බිම දකුණු රුසියාව ආශ්‍රිත ප්‍රදේශ යැයි ඉදිරිපත් කළ අදහස් බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක්ව තිබෙයි.

ක්‍රි.පූ. 1500 පමණ ඉන්දියාවට ළඟාවූ මොවුන් ආර්ය යන නාමයෙන් හඳුන්වාදෙන ලැබ ඇත්තේ එවකට ඉන්දියාවේ සිට ස්වදේශීය ජන කණ්ඩායම්වලට වඩා උසස් යන අදහසිනි. එහෙත් ආර්යයන්ට වඩා උසස් මට්ටමක ඉන්දියානුවන් සිටි බව නාගරික සංස්කෘතියට මැටි බඳුන් වැනි දෑ භාවිත කිරීම තුළින් පැහැදිලි වෙයි. ආර්යයන්ට විශේෂයෙන් හිමි වූ හැකියාවන් වූයේ ඔවුන්ගේ ප්‍රධාන වස්තුව වූ ගවයා දක්කගෙන එඬේර ජීවිතයක් ගතකිරීමේ හැකියාව, ආහාරපාන සපයාගැනීමේ හැකියාවද, ගොනුන් යෙදූ වාහන භාවිතය ආදියයි. ජන කණ්ඩායම්වල මූලික තොරතුරු ඍග්වේදයෙහි සඳහන්ව ඇත. එය ප්‍රධානම ජෝතිෂ්‍යය මූලාශ්‍රයයි.

ගෝත්‍රික ජනකොට්ඨාස ලෙස ව්‍යාප්ත වූ ඍග් වෛදික යුගයේ ආර්ය ජනාවාස ගොඩනඟා ගැනීමත් සමගින්ම සංවිධිත දේශපාලන පියවරක් ගොඩනඟාගෙන ඇත. එවගේම වෛදික පාලන තන්ත්‍රය කොටස් තුනකට බෙදී පැවතිණි.

■ ගම පාලනය කළ තැනැත්තා ගාමනී විය.
■ ගම් කිහිපයක් එක්වී විශ් එකක් නිර්මාණය විය.
■ විශ් කිහිපයක් එකතු වූ විට විශ්පති යන නමින් හැඳින්විය.
■ විශ්පති කිහිපයක් එකතු වී ජන නම් ඒකකය නිර්මාණය වේ. එහි පාලකයා ජනපති නමින් හැඳින්විය. ඍග්වේද ගීතිකාවලට අනුව මෙම යුගයේ සිදුවූ වැදගත්ම සිදුවීමක් ලෙස දසරාඣ යුද්ධය හැඳින්විය හැකිය. භරත ගෝත්‍රයේ සුදාස් රජු තවත් ගෝත්‍ර 10ක් සමගින් යුධ වැදීම මෙනමින් හැඳින්වීමට හේතු විය. සදු, පුරු, අනු, තුර්වාස ආදී ප්‍රබල ගෝත්‍රයන්ද ඒ අතර විය. ශිව, විශානින් ආදීවූ ගෝත්‍රද සුදාස් රජුට එරෙහිව පරුෂ්ණි නදී තෙර අසලදී යුධ වැදී තිබෙයි. එහිදී සුදාස් රජු ජයග්‍රහණය කරන ලදී. මෙනිසා භරත ගෝත්‍රයේ නැඟීම සිදුවිය.

එවගේම එම යුගයේ සියලු කටයුතුවල අධිකාරි බලය රජුට හිමිවිය. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට පුරෝහිතවරයකු සිටියේය.

මෙම යුගයේ ස්ථාවර ජනතාව ගොඩනඟාගත් ආර්යයන්ගේ ජීවනෝපාය ලෙසින් කෘෂිකර්මාන්තය සිදුකරන ලදී. මෙම යුගයේදී කෘෂිකර්මාන්තය තිබූ බවට
සාක්ෂි ලෙස හැඳින්විය හැක්කේ ඍග් වේදයෙහි කෘෂිකර්මාන්තය හා බැඳී ඇති වචන භාවිත කිරීමයි.
කෘෂි – සීසෑම
උගර්වරා – අස්වද්දනු ලැබූ කුඹුරු
ලුගන්ත – කැලේ කැපීම
නිර්ගන්නා – පොතු හෑරීම

එවගේම ආර්ථිකයේ ප්‍රධාන ලක්ෂණයක් ලෙසට සත්ව පාලනය හැඳින්වීමට හැකිය. ආර්ථික ශක්තිය එකල මනිනු ලැබුවේ ගවයන් ප්‍රමාණයන්ගෙනි. ගවයාට සුවිශේෂී තැනක් මෙම අවධියෙහි හිමිවිය. ගවයාට අමතරව එළුවන් බැටළුවන්, කුකුළන් වැනි සතුන් ඇතිකරන ලදී.

එවගේම ඍග් වෙදික යුගයේ ප්‍රධානම ආර්ථික මාර්ගය ලෙසට වෙළෙඳාම හැඳින්විය හැකිය එය බාහිර සහ අභ්‍යන්තර ලෙස වෙළෙඳාම් කටයුතු සිදුවිය.

වෙළෙඳාමට අමතරව විවිධ කර්මාන්ත මෙම අවධියෙහි පැවතී ඇත. ස්ෘග්වේද ගීතිකාවලට අනුව ගෘහාශ්‍රිත කර්මාන්තය, ලෝහ කර්මාන්තය, වඩු කර්මාන්තය මෙම යුගයේ පැවති බවට තහවුරු වෙයි.

මෙම යුගයේ පවුල පිළිබඳ විමසිලිමත් වීමේදී පියා මූලික කරගත් පීතෘ මූලික සමාජයක් දැකිය හැකි විය. පවුලේ ප්‍රධාන අභිප්‍රාය පුතුන් බිහිකිරීම විය. කැමැති පුරුෂයකු සමඟ විවාහ විය හැකි නමුත් පුරුෂයා යටතේ ජීවත්විය හැකිවිය.
ඍග් යුගයේ ආහාරපාන අතර උණු කිරි පානය ප්‍රචලිත විය. තිරිඟු, මෙනේරි, බාර්ලි ආදී ධාන්‍ය වර්ගද භාවිත කර ඇත.
ඍග් වෙදික යුගයේ ආගමික තත්ත්වය පිළිබඳ විමසීමේදී ස්වාභාවික වස්තූන් ආදිය වන්දනාමාන කළ බව පැහැදිලිවේ. එසේම සාම්රාජ සූර්ය ආදී දෙවිවරුද අන්තරීක්ෂ, සෝම පෘථිවි ආදී දෙවිවරුද වන්දනාමාන කර තිබෙයි.
ඒ ඒ යුගයන්හි අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් වෙයි. ඒ අනුව ඍග් යුගයේ අධ්‍යාපනය ක්‍රමවේදය ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත පදනම් විය. ජ්‍යොතිෂය, ගීත කලාව, ගෘහ නිර්මාණ, කෘෂිකර්මාන්තය ආදිය පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කර ඇත.

මේ අනුව ඍග් වෙදික යුගයේ දේශපාලනය, සමාජීය ආර්ථිකය අධ්‍යාපන තත්ත්වයන් පිළිබඳ මෙලෙස අවබෝධයක් ලැබිය හැකිය.
කාංචනා මධුවන්ති රත්නායක

SendShareShare
Previous Post

සිහසුන් දරා වාර්තා තැබූ ලංකාවේ කාන්තාවෝ

Next Post

රෝහලේ ලයිට් දාන භූතයෙක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.