• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රෝහලේ ලයිට් දාන භූතයෙක්

March 9, 2020
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
රෝහලේ ලයිට් දාන භූතයෙක්
Share on WhatsAppShare on Facebook

රජයේ වෛi පත්වීමක් අපේක්‍ෂාවෙන් සිටි තරුණ සමන් විජේසිරි පෞද්ගලික රෝහලකට වෛi වෘත්තිය සඳහා අයැදුම්පතක් යොමු කළේ රෝගී තත්ත්වයට පත්වන අය සුවපත් කිරීම ඔහුගේ ඒකායන අරමුණ වී තිබූ නිසාය.
ඔහුගේ අරමුණ සාක්ෂාත් කරමින් පළමු සම්මුඛ පරීක්‍ෂණයෙන්ම තරුණ විජේසිරිට අගනුවරට ආසන්නව එක්තරා පෞද්ගලික රෝහලක වෛi පත්වීමක් ලැබුණේය.

විජේසිරි නමැති මෙම තරුණ වෛiවරයාට සිය වෛi පත්වීම ලද පෞද්ගලික රෝහලේ ඉහළ මාලයේ කෙළවරකට වන්නට පිහිටි කාමරයක් නවාතැන සඳහා ලැබිණි.

එය තරුණ වෛiවරයාට නිමිහිම් නැති සතුටක් වූයේ, ඉහළ මහලේ කෙළවර කාමරයට යෑම තිබූ කොරිඩෝවට මුළු නගරයේම දසුන එක තැන සිට නැරැඹීමට තිබූ හැකියාවත්, දිවා කාලයටද වඩා රාත්‍රි කාලයට මෙකී ස්ථානයේ සිට පිටත බලන විට සඳ ඇති දිනට පැහැදිලිව දිස්වන තරු මඬල මෙන්ම නගරයේ ඈතට වන්නට ආලෝක ධාරා පතුරන විදුලි බුබුළුවලින් නිර්මිත විවිධවූ විදුලි රටා ගෙන දුන් විස්මිත දසුනය.

ඈත එපිට ගමක දුෂ්කරව අධ්‍යාපනය ලබා පෞද්ගලික අංශයේ හෝ වෛi පත්වීමක් ලැබීමත්, අගනුවර වැනි පෙදෙසක ඉහළ මහලක නවාතැන් ගැනීමට හැකිවීමෙන් එකී ස්ථානයේ සිට රාත්‍රි කාලයට දිස්වන සුන්දර දසුන් පෙළත් තරුණ වෛiවරයාගේ සිතට ජනිත කළේ අපූරු මිහිරියාවකි.

සිය රාජකාරිය නිමවා ඉහළ මාලයේ කාමරයට පිවිසෙන තරුණ වෛiවරයා රාත්‍රි කාලයට පවා කොරිඩෝවේ පුටුවක් තබාගෙන නගරයේ ඈතට ඈතට වන්නට චමත්කාර ජනක විදුලි රටා දෙස බලාගෙන ඉමහත් සතුටක් වින්දේය. අප්‍රමාණ ගොඩනැඟිලි අහස් කුස සිඹින මහා යෝධයන් සේ නැඟී සිටින අයුරුත්, ඒවා තුළින් නික්මෙන විවිධ වූ විදුලි රටාද නගරයට එක්කර තිබුණේ විචිත්‍රවත් බවකි. දිවා කාලයට නගරයේ එළිපහළියේ දැඩි රශ්නයක් තිබුණද රාත්‍රී කාලයට උඩුමහලේ සිටියදී සාගරය පිස එන පවන් රැලි සිහිලැල් බවක් ඇති කළේය.

ගැමි පරිසරය සුන්දර වුවත්, අගනුවර මෙම දසුන් පෙළ තරුණ වෛiවරයාගේ සිත්ගත්තේය. මසක් පමණ ගතවන විට මෙම තරුණ වෛiවරයාට සවස් යාමයේ එතරම් රාජකාරියක් නොවූයෙන් සවස 5.30ට පමණ වන විට උඩුමහලේ පිහිටි සිය කාමරයට යෑම වෛiවරයාගේ දින චරියාව විය.
රෝහලේ ඇතුළත මෙන්ම පිටත විදුලි පහන් දැල්වීමේ කටයුතුද, රෝහලේ ආරක්‍ෂාව සමඟම පැවරී තිබුණේ ආරක්‍ෂක අංශයටය.

සවස 6.00 වන විට රෝහලෙන් පිටත කොරිඩෝවල පවා විදුලි පහන් දැල්විණි. ඒවා ඉටු කළේ ආරක්‍ෂක අංශවල සේවකයන් වෙතිනි. සිය රාජකාරිය නිමවා උඩුමහලේ කාමරයට ගිය තරුණ වෛiවරයා වෙනදා පරිදි ඉදිරිපස කොරිඩෝවේ පුටුවකට ඇලවී පොතක් බලමින් සිටින විට ආරක්‍ෂක නියාමකවරයකු පැමිණ විදුලි පහන් දැල්වූවේය.
ආ… මේ අපේ අලුත් ඩොක්ටර්නේ කී ආරක්‍ෂක නියාමකවරයා ‘ගුඞ් ඊවිනින් ඩොක්ටර්…’ යැයි කියමින් තරුණ වෛiවරයාට හිස පහත් කොට ගෞරව කළේය. පොතට ඇලී සිටි වෛiවරයාද ඊට ප්‍රති උත්තර දී යළි පොත කියවන්නට විය.

පසුදින සේවය නිමවා උඩුමහලට ගිය වෛiවරයා කාමරයේ කිසියම් කටයුත්තක නියැළී සිටින විට කිසිවකු පිටතින් දොරට තට්ටු කරන හඬ ඇසී දොර විවෘත කර බැලුවේය.
ඩොක්ටර් බොහෝම ස්තුතියි… අද මට ටිකක් පරක්කු වුණා… පිටත සිටි ආරක්‍ෂක නියාමක තරුණ වෛiවරයාට හිස පහත් කොට කීවේය.
ස්තුතියි… ඇයි මට ස්තුති කරන්නෙ… අනෙක ඔයා පමාවෙලා ආවනම් ඔයගොල්ලන්ගෙ ප්‍රධානියාගෙන් සමාවනෙ ඉල්ලන්න තිබුණේ… තරුණ වෛiවරයා කීවේය.
‘ඒකට නෙවෙයි සර්… මං ස්තුති කළේ…’
‘මොකටද? මට ස්තුති කරන්නෙ…’
‘ඇයි… සර් මට එන්න පරක්කු වුණානෙ… ඒ ටිකට සර්.. කොරිඩෝවෙ… ලයිට් ටික දමලනෙ ඒකයි…’ ආරක්‍ෂක නියාමකවරයා හිස පහත් කොට වෛiවරයා දෙස එවර කෘතඥතා බැල්මක් හෙළුවේය.
‘කොරිඩෝවෙ… ලයිට් දැම්මට… මං එහෙම කළේ නැහැනෙ…’
‘එහෙනම් සර්… අපේ කවුරුහරි දැම්මද දන්නෙ නැහැ… ඒත් සර්… මේ හරියෙ ඩියුටිය තියෙන්නෙ මට’ කී සේවකයා වෛiවරයාගෙන් සමුගෙන ගියේය.
ඊට දින දෙකකට පසු වෛiවරයාද රාජකාරි වැඩිකමෙන් තරමක් පමාවී පස්වරු 6.15ට පමණ උඩුමහලට යමින් සිටියදී අදත් සර්… පමාවුණා කියමින්… ආරක්‍ෂක නිලධාරියා… වෛiවරයාට ඉස්සරවී ඉක්මනින් ගමනින් පඩිපෙළ නැඟගියේය.
රෝහලේ විදුලි සෝපානයක් තිබුණත් පුරුද්දක් වශයෙන් තරුණ වෛiවරයාද හදිසියක් නොවන සෑම විටෙකම ඉහළ පහළ ගියේ පඩිපෙළිනි.
තරුණ වෛiවරයා උඩුමහලට පිවිසෙන විට ඉහළ මාලයේ සිටි ආරක්‍ෂක නිලධාරියා විමතියට පත්ව සිටින බවක් වෛiවරයා දුටුවේය.
‘ඕ… මොකද? අදත් ලයිට් දාලද’ තරමක් තරුණ වයස ඉක්ම ගිය ආරක්‍ෂක නිලධාරියා දෙස බලමින් වෛiවරයා විමැසුවේය.
‘ඔව්නෙ… සර්… අදත් මට පමාවුණා. ඇවිත් බලන කොට ලයිට් ටික ඔක්කොම දාලා සර්…’
‘අර පෙරේදා මට පමා වෙච්ච දවසෙත් ලයිට් දාලා තිබුණනෙ… මීට කලින් මෙහෙම වෙලා තියෙනවද?’
‘දන්නෙ නැහැ සර්… මමත් මේ අංශයට දාල දැනට මාසයයි. මට මේ පමා වෙච්ච දවස් දෙකටයි මෙහෙම වුණේ… ආ තවත් දවසක් වෙනත් අංශයකුත් වැඩ බලල ප්‍රමාද වෙච්ච උදේ දවසක මං එන කොට ලයිට් ටික නිවාදාලත් තිබුණා.’
‘මම යන්නම් සර්…’ ආරක්‍ෂක නියාමකවරයා වෛiවරයාගෙන් සමුගත්තේය.
‘හොඳයි… බලමු’ කී වෛiවරයාද සිය කාමරය වෙත ගියේය.
ආරක්‍ෂක නියාමකවරයා කී කතාව වෛiවරයාගේ සිත අවුල් කළේය. මෙතැන මොකක් හරි රහසක් තියෙනව. තමාටම කියාගත් වෛiවරයා රාජකාරි ඇඳුම් පිටින්ම කාමරයේ පුටුවක වාඩි වී සිදුවන දෑ ගැන කල්පනා කළේය.
පෙරේදා ආරක්‍ෂක නියමකවරයා ප්‍රමාද වෙච්ච දවසෙත් ලයිට් දාලා තිබුණා. දැන් අදත් එහෙම වෙලා. පසුගිය දවසක උදේ ලයිට් නිවන්න පමාවෙලා එන කොට ලයිට් නිවලලු. මොකක්ද මේ කතාවෙ රහස. අනෙක ආරක්‍ෂක නියාමකවරයා පමා වෙන දවස්වල මෙහෙම වෙන එක. අනෙක මේ අංශයට වෙන කෙනකුත් එන්නෙ නැති එක් කවුද මේක පිටිපස්සෙ ඉන්නෙ.
වැඬේ හොඳයි… ඒත් කවුද මේක කරන්නෙ. මේ ගැන දිගින් දිගටම කල්පනා කළ වෛiවරයාට එදින රාත්‍රියේ හරිහමන් නින්දක් පවා නොවීය.
පසුදින අවදිවූ තරුණ වෛiවරයාගේ සිතට පෙර දින දෙකකදී සිදුවූ සිදුවීම් වදයක් වී තිබිණි. මේ කතාවෙ ඇත්ත නැත්ත අද හෙටම හොයා ගන්ට ඕනෑ’ යි වෛiවරයා තමාටම කියාගත්තේය.
පසුදා රාජකාරියට වාර්තා කළද වෛiවරයාට පෙර දින දෙකේ සිදුවීම නිරතුරුව සිහිපත් වුණේය. රෝහලේ ආරක්‍ෂක අංශය ඇමැතූ වෛiවරයා තමා රාජකාරි කරන කොටසේ රාත්‍රියට රාජකාරියට පැමිණෙන ආරක්‍ෂක නියාමකවරයාගේ නම විමැසුවේය.
‘හ්ම්… ඇයි ඩොක්ටර්… අපේ ආරක්‍ෂක නියාමක ගැන කම්ප්ලේන් එකක්වත් කරන්නද?’ දුරකතනයට පිළිතුරු දෙන්නා විමැසුවේය.
‘ආ… එහෙම එකක් නෙවෙයි. මං නතර වෙලා ඉන්න අංශයේ හවසට වැඩට එන්නෙ එයානෙ. මට දවසක් දෙකක් හමුවෙලා තියෙනවා කතා කරලත් තියෙනව. ඒත් නම අහගන්න බැරි වුණා. ඒකයි.’
‘හරි සර්… ඉන්න’ කී ආරක්‍ෂක කාර්යාලයේ කිසිවකු විනාඩි කිහිපයකින් තමන් සිටින අංශයේ හවසට රාජකාරි කරන ආරක්‍ෂක නියාමකවරයාගේ නම කීවේය. හේ නමින් පත්මසේන විය.
එදින සවස සුපුරුදු පරිදි රාත්‍රි සේවයට පැමිණ ආරක්‍ෂක නියාමක පත්මසේන විජේසිරි වෛiවරයා සොයා පැමිණියේ විමතියෙනි.
‘ස්…ස…ර්… අද අපේ ඔෆීස් එකට කතා කළාද?’
‘ඔව්… ඇයි?… පද්මසේන…’
‘ඇයි… සර්… මගෙන් මුකුත් අත්වැරැද්දක් එහෙම වෙලාද? මං හිතල නම් සර්ට වැරැද්දක් කෙරුවෙ නැහැ. අනේ සර්… මං අහිංසක දරු පවුල්කාරයෙක්. මේක පෞද්ගලික රෝහලක්නෙ. මේවයෙ හරියට රාජකාරිය තියෙන්න ඕනෑ. මොකක් හරි ‘කම්ප්ලේන්‘ එකක් ඉහළට එහෙම ගියොත් ජොබ් එකත් නැති වෙයි සර්?’
‘එහෙම එකක් නැහැ පත්මසේන. මං කතා කළේ ඔහෙගෙ නම දැනගන්න.’
‘සර්… මං… කාමර්ට තට්ටු කරල කතා කළාට අමනාපයෙන්ද ඉන්නෙ සර්… මීට පස්සෙ එහෙම කරන්නෙ නැහැ සර්… අනේ… මං අහිංසකයා මට සමාවෙන්න සර්…’
‘අයිසෙ… මට තමුසෙ ගැන ‘කම්ප්ලේන්’ කරන්න දෙයක් නැහැ. මමත් මේ තමුසෙට තියෙන ප්‍රශ්නය හොයන්නයි හදන්නෙයි’ කී තරුණ වෛiවරයා හ්ම්… දැන් යනව… මටත් වැඩ තියෙනවනේ’ වෛiවරයා කියත්ම පත්මසේන වෛiවරයා දෙස අහිංසකව බලා පිටව ගියේය.
පසුදින වෛiවරයා තරමක් කලින් රාජකාරිය නිමවා පස්වරු 5.30ට පමණ සිය කාමරයට ගොස් පොතක්ද රැගෙන කොරිඩෝවට විත් එය බලන්නට වූයේය.
වෙනදා මෙන්ම උඩුමහලට පැමිණි ආරක්‍ෂක නියාමකවරයා කෙළවරක සිට විදුලි පහන් දල්වන්නට වූයේය.
අද නම් පත්මසේන වෙලාවටම ඇවිත්… වෛiවරයා කීවේය.
පත්මසේන වෛiවරයා තමන් අමතන බව නොදැනම ආපසු හැරුණේය.
‘පොඞ්ඩක් ඔහොම ඉන්න පත්මසේන’ යැයි වෛiවරයා ඉදිරියට යත්ම ආරක්‍ෂක නියාමකවරයා වෛiවරයා දෙසට එකවර හැරුණේය.
‘වෙනදා මම දැක්කම කතා කරන පද්මසේන මොකද අද කතා නොකරම යන්න හදන්නේ’යි කියමින් වෛiවරයා අඩියට දෙකට විදුලි ස්විච් බෝඞ් එක අසලටම ගියේය.
‘මම පත්මසේන නෙවෙයි… මිනිහ වෙලාවට වැඩට එන්නෙ නැහැ… එහෙම දවස්වලට මම ඇවිත් ලයිට් ටික දාලා යනව සර්…’
‘ඉතින් අද පත්මසේනටනෙ මේ හරියෙ ඩියුටිය තියෙන්නෙ…’
‘ඒත් මිනිහ වෙලාවට ඇවිත් නැහැනේ…’
‘ඔයා මොන අංශයේ ඉඳලද මෙහාට ආවේ…’
‘මමත් මේ අංශයේ තමයි…’
‘පත්මසේන මට එහෙම එකක් කියල නැහැනෙ. ඔයා කවුද? නම මොකක්ද?’
‘සර්… මගේ නම චන්ද්‍රපාල…’
‘එතකොට අද ඩියුටිය මාරු කරලද?’
වෛiවරයාගේ ඒ ප්‍රශ්නයට ආරක්‍ෂක නියාමක චන්ද්‍රපාලගෙන් පිළිතුරක් නැත.
වෛi නිලධාරියා තමන් ඉදිරියේ සිටින ආරක්‍ෂක නියාමකවරයා පිළිබඳ විමසිලිමත් වෙද්දී… හේ ටිකින් ටික අසීමිත ලෙස උස් වෙමින් සිටියේය.
එතෙක් තිබූ ඇඟේ ස්වරූපයද ක්‍ෂණිකව වෙනස් වූයේය.
‘කියනව… තමුසෙ… කවුද ඕයි…’
වෛiවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණේ නැත. ඒ සමඟම මහා… වියරු සිනා හඬක් කොරිඩෝව දිගේ ඈතට පැතිර ගියේය.
‘ප්ලීස්… ප්ලීස්… මට පිහිට වෙන්න. කවුරු හරි ඉක්මනට එන්නැයි’ තරුණ වෛiවරයා හඬ නඟත්ම හෙදියන් කිහිප දෙනකු සමඟ ආරක්‍ෂක නියාමකයන් දෙදෙනකුද රෝහලේ උඩුමහලට දිව ආහ.
‘ඩොක්ටර්… ඩොක්ටර්… ඇයි ඩෝක්ටර් මොකද… මොකද?’
උඩුමහලට දිව ආ පිරිස එසේ අසන විට තරුණ වෛiවරයා ඉහින් කහෙන් දාඩිය පෙරාගෙන බිම වාඩිවී අසල බිත්තියට හේත්තු වී සිටියේය.
පිරිස අසල ආරක්‍ෂක නියාමක පත්මසේනද විය.
‘ආ… පත්මසේන ආවද? ඔව්… ඔව්.. සර්… මොකක්ද සර්ට වුණේ…’
‘අදත් ඔයා පරක්කු වුණාද?’
‘අනේ ඔව් සර්…
අර වෙනද ඔයා පරක්කු වුණාම ලයිට් දාලා යන්නෙ…’
‘ඔව්… ඔව්… සර්…
අන්න ඒ සිකියුරිටි කෙනා අදත් ඇවිත් ලයිට් දැම්ම… මං දුවගෙන ඇවිත් තොරතුරු ඇහැව්ව…
ඉතින් සර්…’
‘මිනිහ කියනව පත්මසේන වෙලාවට වැඩක් කරන්නෙ නැතිලු. වෙලාවට එන්නෙ නැතිලු. එහෙම වෙලාවට තමන් ඇවිත් ලයිට් ටික දාල යනවලු.’
‘සර්… නම ඇහැව්වෙ නැද්ද?’
‘ඇහුව… මමත් මේ අංශයෙ තමා වැඩ කරන්නෙ නම චන්ද්‍රපාල කිව්වා.’
‘මොනවා…’ ආරක්‍ෂක නියාමක පත්මසේන එහෙම අහද්දි පිරිසගේ ඇස් උඩගියේය.
‘ඕ… ඇ… ඇයි පත්මසේන…’
‘අනේ සර්… එහෙම සිකියුරිටි කෙනෙක් හිටිය තමා. එයා දැන් මාසෙකට ඉස්සෙල්ල රියඅනතුරක් වෙලා මළානෙ.’
තරුණ වෛiවරයා දැඩි කම්පනයකට පත්ව ඇති බව දුටු පිරිස, හේ වත්තන්කොටගෙන ඔහුගේ කාමරයට ගෙනගොස් විවේක ගැන්වූහ.
සමන් විජේසිරි තරුණ වෛiවරයා පාලන අධිකාරියට කරුණු කාරණා සැලකර පසුදිනම රෝහලේ උඩුමහලේ නේවාසිකව සිටීම අතහැරියේය.
(සත්‍ය කතාවකි – නම්, ගම් පමණක් මනඃකල්පිතය)
නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

ඉන්දියාව වෙනස් කළ ක්‍රි.ව. 1500

Next Post

සීගිරිය ගන්න පිදූ ගල පිදුරංගල

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.