• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ආසනයෙන් ආසනයට වෙනස් බුදු රුව

January 24, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ආසනයෙන් ආසනයට වෙනස් බුදු රුව
Share on WhatsAppShare on Facebook

සාමාන්‍ය ව්‍යවහාරයේදී ආසන යන්නෙන් අදහස් කෙරෙන්නේ අප හිඳ ගැනීම සඳහා භාවිත කෙරෙන ආධාරකයයි. නමුත් බුද්ධ ප්‍රතිමා කලාව තුළදී මෙම හිඳි පිළිමවල පාද පිහිටුවා ඇති ආකාරය ආසන ලෙස හැඳින්වෙයි. බුද්ධ ප්‍රතිමා කලාවේදී ප්‍රධාන වශයෙන් එබඳු ආසන තුනක් පිළිබඳව තොරතුරු දැක්වෙයි. එම ආසන පහත පරිදිය.
(01) වීරාසනය
(02) භද්‍රාසනය
(03) පද්මාසනය

අපේ ලාංකේය සංස්කෘතියේ ප්‍රෞඪත්වය ලෝකයා හමුවේ හෙළිකරන මාධ්‍යයන් අතරින් එක් ප්‍රබලතම මාධ්‍යයක් ලෙස බෞද්ධ කලා ශිල්ප හඳුන්වා දිය හැකි අතර එයින් බෞද්ධ බුද්ධ ප්‍රතිමා කලාවට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ඒ අතරින් අපි ඉහළින් දක්වා තිබෙන බුද්ධ ප්‍රතිමා ආසනයන්ට හිමිවන්නේද ප්‍රධාන තැනකි. මේ අතර මෙම බුද්ධ ප්‍රතිමා ආසන ගණන තුනක් බව දැක්විය හැකිය. අප මීට පහළින් ඔබට පවසන්නේ එම ආසන තුනේ කතාවයි.

(01) වීරාසනය
වීරාසනය යනු අපේ ශ්‍රී ලාංකේය හිඳි බුද්ධ ප්‍රතිමා කලාවේ තිබෙන ප්‍රසිද්ධම ආසනයයි. එමෙන්ම අපගේ ශ්‍රී ලාංකේය හිඳි බුද්ධ ප්‍රතිමා කලාවේ වැඩි වශයෙන්ම දැකගත හැකි ආසනය වන්නේද වීරාසනයයි. ඒ අනුව වාඩි වී සිටින වම් පාදය දකුණු පාදයට යටින් මෙන්ම දකුණු පාදය වම් පාදයට උඩින් පිහිටන ලෙසින් තබා හිඳගෙන සිටින ඉරියව්ව වීරාසනයයි. අනුරාධපුරයේ සමාධි බුද්ධ ප්‍රතිමාවත් තොලුවිල ඒ බුද්ධ ප්‍රතිමාවත් මෙම ආසනයට නිදසුන් වෙයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇති පුරාණ රජමහා විහාර තුළ වැඩි වශයෙන් මෙම වීරාසනය ආසනය කරගත් බුද්ධ ප්‍රතිමා දැකගන්නට ලැබෙයි. එය සුවිශේෂී කරුණකි.

(02) භද්‍රාසනය
මෙහි භද්‍ර යන්නෙන් යහපත් බව හෙවත් සුබ බව යන්න අර්ථවත් වෙයි. එබඳු යහපත් වූ සුබ වූ ආසනය වන්නේ මෙම භද්‍රාසනයයි. මඳක් උස් වූ ආසනයක් මත හිඳගෙන කලවා දෙපසට විහිදුවා පාදද පහළින් ඇති පද්මයක් වැනි යම් පීඨයක් මත තබාගෙන සිටීම එම ආසනයේ ස්වභාවයයි. නමුත් භද්‍රාසනය යනු අපේ ශ්‍රී ලාංකේය හිඳි බුද්ධ ප්‍රතිමා කලාවේ නම් තිබෙන ප්‍රසිද්ධ ආසනයක් නොවේ. සැබෑවටම එය අපේ රටට දුර්ලභ වූ ආසනයකි. එය සුවිශේෂී කරුණකි. එහෙත් බොහෝ විදෙස් රටවල මෙම භද්‍රාසනය ආසනය කරගත් බුද්ධ ප්‍රතිමා දැකගත හැකිය.

(03) පද්මාසනය
පද්මාසනය යනුවෙන් හැඳින්වෙන්නේ පද්මාසනය යන අර්ථයට අනුකූලව පද්මයක ආකාරයට හිඳගෙන සිටීමේ එම ආසනයයි. දණහිස් නවා පතුල් උඩ අතට සිටින්නා සේ වම් පත්ල දකුණු කලවා මතද දකුණු පත්ල වම් කලවා මතද පහසුවට තබාගෙන සිටිනා වූ ඉරියව්ව මෙහිදී පද්මාසනය නම් වෙයි. පද්මාසනය යනු අපේ ලාංකේය හිඳි බුද්ධ ප්‍රතිමා කලාවේ තරමක් දුරට තිබෙන ආසනයකි. එහෙත් එය වීරාසනය තරමටම සුලබ නොවේ.
විශේෂයෙන්ම ජපානය, තායිලන්තය, චීනය සහ බුරුමය වැනි ලොව බෞද්ධ රටවලත් අසල්වැසි ඉන්දියාවෙත් පද්මාසනය ආසනය කරගත් බුද්ධ ප්‍රතිමා සුලබව දකින්නට ඇති අතර එය සුවිශේෂී කරුණකි.

අප කොතරම් නම් බුද්ධ ප්‍රතිමා දැක තිබුණද ඒවා වන්දනාමාන කළා මිසක කිසිම දිනෙක ඒවායේ ඇති සුවිශේෂී ලක්ෂණ මොනවාද කියා බැලුවේ නැත. මෙදා බලන්නේද නැත. එහෙත් බුද්ධ ප්‍රතිමාවක ඇති සියුම් රේඛාවක සිටම බුද්ධ ප්‍රතිමාවෙන් බුද්ධ ප්‍රතිමාවට ඒ ප්‍රතිමා බොහෝ වෙනස්ය. ඉහතින් අප සඳහන් කළ ඒ ආසනයද ඇත්තේ එතැනය.
එනම් බුද්ධ ප්‍රතිමා එකින් එකට වෙනස් වීමට එම ආසනයද බලපානු ලබයි. අප අද පාඨක ඔබේ දැනගැනීම පිණිස බුද්ධ ප්‍රතිමා ආසන ගැන කතාබහ කළේ එම නිසාය.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

මරුට අත වැනූ වේදාන්තර

Next Post

පාස්කු ප්‍රහාරයට ‌මෛත්‍රී අත්අඩංගුවට?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.