• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අභයභූමියක් වුණු එදා සුද්දගෙ දඩයම් බිම

September 25, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ දැනට පවතින ජාතික වනෝද්‍යාන අතරින් යාල ජාතික වනෝද්‍යානය යනු ශ්‍රී ලංකාවේ පිහිටි දෙවැනි විශාලතම ජාතික වනෝද්‍යානය බව පැවසෙයි. රටේ ප්‍රධානම නගරය හෙවත් අගනගරය වන කොළඹ සිට කිලෝමීටර් තුන්සීයයක පමණ දුරින් එය පිහිටා ඇත. ඌව සහ දකුණු පළාත් දෙකට අයත් යාල වනෝද්‍යානය කලාප පහකට බෙදා ඇති අතර එයින් පළමු සහ දෙවැනි කලාප පමණක් දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘතව පවතියි. එසේ වුවද අතීතයේ මෙම වනෝද්‍යානය පැවැතියේ බි්‍රතාන්‍ය සුදු ජාතිකයන්ගේ දඩයම් බිමක් ලෙසිනි. පසුව එය දඩයම් රක්ෂිතයක් ලෙස නම් කරනු ලැබීය. නමුත් අද එය රටේ ජාතික වනෝද්‍යානයක් දක්වා අපූරු ගමනක් පැමිණ තිබේ.

යාල ජාතික වනෝද්‍යානය ලංකාවේ නිරිත දිගට වෙන්නට විශාල භූමි ප්‍රමාණයක පැතිර ඇති ප්‍රධානම ජාතික වනෝද්‍යානයකි. ඌව හා දකුණු පළාත් දෙකටම අයත් වන මෙම රක්ෂිතය වර්ග ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 979ක් වුවද මහජනයා වෙත විවෘතව ඇත්තේ එයින් වර්ග කිලෝමීටර 141ක් පමණ වූ භූමි භාගයක් පමණි. යාල යනු විවිධ අන්දමේ පරිසර තත්ත්වයන්ගෙන් ගහන වූ වනෝද්‍යානයක් බවද කිව යුතුය. මෙහි පිහිටීම විමසා බැලීමේදී වනෝද්‍යානයේ උතුරු, වයඹ, බටහිර මෙන්ම ඊසාන දිග ප්‍රදේශ අයත් වන්නේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර දකුණ, ගිනිකොන, නැඟෙනහිර සහ නිරිතදිග ප්‍රදේශ අයත් වන්නේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයටය. තවද දකුණේ සිට නැඟෙනහිර මායිම් දක්වා වූ ප්‍රදේශ ඉන්දියානු සාගරයට මුහුණලා පැතිර පවතියි.

යාල ජාතික වනෝද්‍යානය විශාල සත්ව විශේෂ ප්‍රමාණයකට ඉඳුම් හිටුම් සපයන වාස භූමියකි. එම නිසාම ලෝකයේ විශාලතම දිවි ගහනය ඇත්තේ යාලේ බවද පැවසෙයි. යාල වනෝද්‍යානයේ වෙසෙන ප්‍රසිද්ධම සත්වයන් වන්නේ අලි ඇතුන්ය. එමෙන්ම දිවියන් කිඹුලන් වල් ඌරන් කුළු හරකුන් මෙන්ම වලසුන්ද යාලේ පදිංචිකරුවන්ය. ඊට රිළවුන් සහ වඳුරන්ද අයත්ය. පක්ෂීන් අතරින් ගත් කල මෙහි වැඩි වශයෙන්ම සිටින්නේ මොනරුන් සහ වළි කුකුළන්ය. තවද ගිජුලිහිණියන් සහ මුහුදු ලිහිණියන් මෙන්ම අලිමානාවන් කොකුන් සහ ලතුවැකියන්ද යාල වනෝද්‍යානයේ තෙත් බිම් තුළ නිතර නිතර දැකිය හැකි පක්ෂීන්ය.

ශ්‍රී ලංකාවේ දැනට පැරණිතම ජාතික වනෝද්‍යාන දෙක අතරින් එකක් ලෙස සැලකෙන යාල ජාතික වනෝද්‍යානය එසේ ප්‍රකාශයට පත්කරනු ලැබුණේ වර්ෂ 1983 පෙබරවාරි මස 25 වෙනිදාය. එදා සිට ශ්‍රී ලංකාවේ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය වැඩිම වනෝද්‍යානය වන්නේද යාලයි. යාල වනෝද්‍යානය 1900 වර්ෂයේ පමණ සිටම භාවිතා වූයේ බි්‍රතාන්‍ය ජාතිකයන්ගේ දඩයම් බිමක් ලෙසය. තවදුරටත් එය එම වර්ෂයේදීම දඩයම් රක්ෂිතයක් ලෙසද නම්කර තිබේ. කෙසේ හෝ වර්ෂ 1908 දී මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබූ බව සඳහන් වෙයි. පසුව යාල කලාප හෙවත් කොටස් පහකට බෙදා එහි කලාප අංක එක කොටස වර්ෂ 1938 පෙබරවාරි මස 25 වෙනි දින ජාතික වනෝද්‍යානයක් බවට ප්‍රකාශ කරනු ලැබීය. පසු කලෙක ඉතිරි කලාප හතරද යාල වනෝද්‍යානයටම අනුබද්ධව එසේ ප්‍රකාශයට පත්කළ බව පැවසෙයි.
යාල වනෝද්‍යානයේ කලාප අංක එක තුළ වැව් රැසක් දැකිය හැකිය. බුතව වැව, හින් වැව, ගෝනගල වැව, කොමා වැව, පටනංගල වැව, දර්ශන වැව, බන්දු වැව සහ පළටුපාන වැව ඒ අතරින් කිහිපයකි. තවද විලපලා වැව සහ මෙනටි වැව ලෙසින්ද එහි කුඩා වැව් දෙකක් දැකිය හැකි අතර වනෝද්‍යානය පුරාම විශාල දියවළවල්ද රැසකි. බුතවල, ගෝන ලැහැබ සහ කුඩා සිලව ලෙස කළපු තුනක්ද එහි ඇත. කලාප අංක දෙක තුළ අතුරු මිතුරු වැව හා මහවැව දැකිය හැකි අතර ප්‍රචලිත වලස්කෙම ලෙස ප්‍රකට වූ දිය වළක්ද තිබේ. කළපු ලෙස පිළිනන්නාව, ඉහළ පොත්තන, පහළ පොත්තන, මහිරාව සහ ගජබාව යන කළපු දැකගත හැකිය. එමෙන්ම මැණික් ගඟ මෝය, කටුපිළ ආර යන කඩොලාන පරිසර පද්ධති මෙහි වැදගත් ස්ථානයන් ලෙස පැවසිය හැකි අතර මැණික් ගඟත් කුඹුක්කන් ඔයත් යාල වනෝද්‍යානය තුළින් ගලා යන ප්‍රධානතම ජලධාර දෙකකි.

යාල වනෝද්‍යානය සියවස් ගණනාවක සිටම වන සතුන් සඳහා ප්‍රචලිත වනෝද්‍යානයකි. කලාප අංක එක තුළ පමණක් අලි ඇතුන් රැසක් මෙන්ම දිවියන් කොටියන් වලසුන් වැනි සතුන් දැකගත හැකිය. මෙහි නිතරම දැකිය හැකි සතුන් වන්නේ මුවා, ගෝනා සහ ඌරාය. තවද නරියා, හාවා වැනි සතුන්ද ඊට අයත් බව පැවසීමේ වරදක් නැත. පක්ෂීන් අතරින් ගත්කල නේවාසිකයන් 130ක් පමණද සංක්‍රමණිකයන් 30ක් පමණද දැකගත හැකිය. සර්පයන් ගහනය අතින්ද යාලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. 2004 වර්ෂයේ අප රටට බලපෑ සුනාමි උවදුර යාල වනෝද්‍යානයටද බලපෑම් එල්ල කළ අතර එයින් මහත් හානියක් යාලට සිදුවිය. එහෙත් බොහෝමයක් සතුන් ඊට ගොදුරු නොවුණි. ඊට හේතුව සුනාමි උවදුර ඔවුන් කල් ඇතුව දැන සිටීමයි. ඒ අනුව ඔවුන් යාල වනෝද්‍යානයේ උස් භූමි ප්‍රදේශ වෙත පලා ගිය බවද පැවැසෙයි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි සම්මානයෙන් පිදුම් ලබයි

Next Post

මගුල් පෝරුව අලුතෙන්ම හදනවද

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.