• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

වැරැදිකරුවන්ට සමාවක් නොදෙන ජගන් මාතා

February 3, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
වැරැදිකරුවන්ට සමාවක් නොදෙන ජගන් මාතා
Share on WhatsAppShare on Facebook

හින්දු භක්තිකයන් මහත් වූ භක්ත්‍යාදරයෙන් පුද පූජා පවත්වන මහා තෙදැති බලැති චණ්ඩ රෞද්‍ර යක්‍ෂණියන් පිරිවරාගෙන නීල වර්ණ ශරීරයෙන් යුතුව නපුරු, ගොරැති චණ්ඩ නාගයන් ආභරණ සේ පලඳමින් දෙනෙතින් ගිනි රශ්මිය විහිදුවාලමින් ගිනි පළිහක්ද, නර හිසක්ද අත දරා අසුර කඳක් මත පා තබාගෙන බියකරු, සහාසික දේව ස්වරූපයෙන් අට දිශාවටම බැල්ම හෙළා සිටින කාලි මෑණියෝ ජාති භේදයකින් තොරව දැන දැන වැරැදි කරන විශේෂයෙන්ම අසරණයන්, අහිංසකයන් තළා පෙළන දුර්ජන අධම පාපතරයන්ට කල්යල් බලා නිසි දැඩි දඬුවම් ලබාදෙයි.

කාලි මෑණියන් යනු මේ මහා භද්‍ර කල්පයට අධිපති දෙවඟනය. මේ මහා භද්‍ර කල්පයේ බුදු වූ කකුසඳ, කෝනාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුන් වහන්සේලා දවස ඉපිද අසීමිත ලෙස පුණ්‍යකර්ම සිදුකර එම බුදුන් වහන්සේලා වෙතින් බුදු වීමට විවරණ ලැබූ උත්තමාවියකි. එසේම කාලි මෑණියන් තමන් බුදු බව ලබන ආත්මයේ තමාට පුරුෂ ආත්මයක් ලැබෙන ලෙසද ප්‍රාර්ථනා කළ බව කියැවෙයි. කාලි මෑණියන් අතීතයේ සිදු කළ අනන්ත වූ කුසල මහිමයෙන් මවු කුස පිළිසිඳ නොගෙන ඕපපාතිකව උපත ලද බවද සඳහන්ය. විශේෂයෙන් කාලි මෑණියන් සැබෑ අහිංසකයන්, සත්‍යවාදී, ගුණ-ගරුක, යහපත් පුද්ගලයන් හට නිකරුණේ නිරපරාදේ යම් අයුක්තියක්, අසාධාරණයක්, හිංසාවක්, පීඩාවක්, ලැජ්ජාවක්, රැවටීමක්, මුළා කිරීමක්, වංචාවක්, චරිත ඝාතනයක්, බොරු චෝදනාවන් වැනි යමක් සිදුවූ කළ එවැනි පහත්, අධම දෑ සිදු කරන දුර්ජන, අධම, එලොවත්, මෙලොවත් නොඅදහන පාපතරයන්ට නිසි දැඩි දඬුවම් කල්යල් බලා ලබාදී යුක්තිය, සාධාරණය, පසිඳුවාලන දේවතාවියකි. තවද ලෝක විනාශ වළකා සොබාදහම රැකි උත්තමාවියක් නිසාවෙන් ජගන් මාතාව ලෙසද කාලි මෑණියන් හඳුන්වනු ලබයි.

නීල වර්ණ වූ ශරීරයකින් භයංකර පෙනුමකින් යුතුව නරයන් පුදනා බලි හා බිලි පුදගෙන වැඩසිටින කාලි මෑණියන්ට පිරිවර සේනා කිහිපයකි. ඒ අතර කාලි හත් කට්ටුව විශේෂය. එම කාලි හත් කට්ටුව මෙසේය. මහා කාලී, ප්‍රේත කාලී, වදුරුකාලී, රීරි කාලී, ගිනි කාලී, ලේ කාලී, සොහොන් කාලී මෙම කාලි හත් කට්ටුව භද්‍ර කාලි මෑණියන් වෙතින් පිහිට ලබාගත් යක්‍ෂ සේනාධිපතිනියන් වෙයි. මෙකී කාලි හත්කට්ටුවට පරිබාහිරව දූත පිරිස් ලෙස කටයුතු කරන යක්‍ෂණියන්ද වෙයි. එම යක්‍ෂණියන් විවිධ වූ නම්වලින් පත්‍ර කාලී ලෙස හඳුන්වයි. මේ සියල්ලටත් පරිබාහිරව විවිධ වූ නම්වලින් සාමාන්‍ය යක්‍ෂණියෝ සේවිකාවන් ලෙස කාලි මෑණියන්ට සේවය කරයි. මේ අයුරින් භද්‍ර කාලි මෑණියන් යක්‍ෂ සේනාධිපතිනියන් මෙන්ම විවිධ නිල තල දරන යක්‍ෂණියන් පිරිවරා වැඩ සිටී. විශේෂයෙන් කාලි හත්කට්ටුවේ සොහොන් කාලිය ඉතා දරුණුය. එතුමිය අමු සොහොන තම නිවහන කරගෙන වැඩසිටී. මෙම සොහොන් කාලිය භද්‍ර කාලි මෑණියන්ගේ ප්‍රධාන යක්‍ෂ සේනාධිපතිනිය ලෙසද බහුතරයක් පිළිගනී. සාමාන්‍යයෙන් මෘත දේහයක් නිවෙසින් සොහොනට ගෙන ගිය පසු එම නිවෙසේ මෘත දේහය තැන්පත් කර තිබූ ස්ථානයේ ළිපක් බැඳ පොල් කිරි ඉතිරවීම සිදුකරයි. මෙසේ සිදුකරන්නේ සොහොන් කාලිය හෙවත් මංගර යක්‍ෂණිය පිදීමටය. මෙම ක්‍රියාව තුළින් යක්‍ෂ ප්‍රේත ආදී දෝෂවලින් නිවෙසත්, නිවැසියනුත් ආරක්‍ෂා වේය යන්න සම්මත පිළිගැනීමයි.

කාලි මෑණියන් කෝප වුවහොත් එම කෝප ගින්න නිවීමට සමතෙක් තුන් ලොවෙහිම නොමැත. එනිසා භද්‍රකාලි මෑණියන් වෙතින් පිහිට සරණ උපරිම වශයෙන් ලැබීමට නම් ධාර්මිකව, සිල්වත්ව, පස්පවින් වැළකී අවම වශයෙන් දින 3කට කලින්වත් නිර්මාංශව පේවී දිය නා පිරිසුදුව බුදුන් වැඳ තිසරණ සරණ ගොස් දෙවියන්ට පින් දී භද්‍රකාලි මෑණියන්ටද පින් අනුමෝදන් කර එතුමිය පතනා පුරුෂ ආත්ම භාවයන් ලොව්තුරු බුදු බවත් ලැබේවායි පතා අව පාර්ශ්වයේ පූජාවක් තබා රතු මල්මාලා ආදිය පලඳවා දණින් වැටී තමන්ගේ සත්‍ය සර්ව සාධාරණ වූ දුක්ගැනවිල්ල නොසඟවා පැවසීමේදී භද්‍රකාලි මෑණියන්ගේ සරණ, පිහිට ලැබ දුකින් මිදී සාධාරණය ඉෂ්ට සිද්ධ කරගත හැකිය. කාලි මෑණියන්ට පුදපූජා පැවැත්වීමේදී ඊශ්වර දෙවිඳුන්ද පත්තිනි දේව මෑණියන්ද අත්‍යවශ්‍යයෙන්ම සිහිකළ යුතුය. ඒ ඊශ්වර දෙවිඳුන්ගෙන් වරම් ගත් පත්තිනි මෑණියන් වෙතින් කාලි මෑණියන් වරම්ගත් නිසාවෙනි.

භද්‍රකාලි මෑණියන් උදෙසා පුදනු ලබන පූජා වට්ටිය පිළියෙල කිරීමේදී එහි අන්තර්ගත කළයුතු දෑ බොහෝය. හොඳින් සුවඳ විහිදෙන සේ ඉදුණු පලතුරු වර්ග 8ක්, ඉදුණු රත් කෙහෙල් හෝ ආනමාලු ගෙඩි 7ක්, කැවිලි වර්ග 7ක්, තෝසේ 7ක්, උළුඳු වඬේ 7ක්, මුරුක්කු, ටේස් කඩල වැනි දෑ, ඇස්ස කපා සිදුරු කළ තැඹිලි ගෙඩියක්, පෙරන් ගෑ පොල් ගෙඩියක්, තම්බා තෙම්පරාදු කරගත් කඩල, කල්කිරි බෝතලයක්, දෙහි ගැට 7ක්, රතු මල් ටිකක්, රතු මල්මාලයක්, රතු පාට තිර රෙදි මීටර් 1/2ක්, රතු සේලයක් හෝ රතු මනිපුරි වැනි සාරියක්, නිසි ප්‍රමිතියෙන් යුතු බුලත් කොළ 21ක්, කාසි 7ක්, කපුරු පෙති, හඳුන්කූරු ආදිය මූලිකය. මෙකී ද්‍රව්‍යවලින් පොහොසත්ව ඉතා පිරිසුදුව සාදා ගන්නා පූජා වට්ටිය සතියේ අඟහරුවාදා හෝ සිකුරාදා දිනක කාලි කෝවිලකට ගොස් පූජාව පේ කිරීම සඳහා කාලි දැහැන් 7ක් යොදාගෙන කාලි මෑණියන් උදෙසා පූජාව පිදිය යුතුය. විශේෂයෙන් කාලි මෑණියන් උදෙසා සකසන පූජා වට්ටියේ මස්, මාළු, බිත්තර වැනි පිළී සහිත ආහාර කිසිවක් නොතැබිය යුතුය. තවද කාලි මෑණියන්ට පොල් ගැසීමේදී පසු පසට ගොස් මුඞ්ඩ කඩා පොල් ගැසිය යුතුය. මෙය මෙසේ සිදුකරන්නේ දැඩි දඬුවම් ලබාදීම බලාපොරොත්තුවෙනි.

මේ සියල්ලට අතිරේක කාලි මෑණියන් උදෙසා සිදුකරන විශේෂ පූජාවක් ලෙස දෙහි ගෙඩි මාල පූජාව, රත්තරන් මාල පූජාව, රත්තරන් හෝ රිදී ඔටුනු පූජාව සිදුකරනු දැකිය හැකිය. කෙසේ නමුත් භද්‍රකාලි මෑණියන් අන-වින, කොඩි-වින, වළකනවා සේම ඇස්වහ, කටවහ දෝෂ පවා දුරු කරයි. හළං 8කට හිමිකම් කියන කාලි මෑණියන් උදෙසා පහන් තැබීමේදී පහනට දමන තෙල් ලෙස අබ තෙල් යොදාගත යුතු අතර, දිනපතා කාලි මෑණියන් උදෙසා පහන් තැබීමට රාත්‍රි 08.07ත්, 08.24ත් අතර කාලය සුබ වන අතර, කිලි, කුණුවලින් තොරව පිරිසුදුව, භක්තියෙන් පහන් තැබිය යුතුය. ඔබත් ඉහත සඳහන් ලෙසට වත්පිළිවෙත් නිවැරැදිව සිදු කර ඔබ සිදුකරන පින් කාලි මෑණියන්ට අනුමෝදන් කර සකලාන්තරයන්ගෙන් මිදී කාලි මෑණියන්ගේ පිහිට, සරණ ලබාගන්න.
ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

සුද්ද විදපු පළමුවැනි ගල

Next Post

යෝෂිත අලුත් පිම්මක් පනින්න සූදානම් ‌වෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.