• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

සුද්ද විදපු පළමුවැනි ගල

February 3, 2020
in Holiday
Reading Time: 1 min read
A A
සුද්ද විදපු පළමුවැනි ගල
Share on WhatsAppShare on Facebook

ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ තියෙන ආකර්ෂණීයම දේ අතර ප්‍රධානම තැනක් බිංගෙවල් සඳහා හිමි වෙනවා. මේ බිංගෙවල් අතරින් වැඩි ප්‍රමාණයක් හමුවෙන්නේ උඩරට දුම්රිය මාර්ගයේදී. හැබැයි උඩරට දුම්රිය මාර්ගයේ හමුවෙන මුල්ම බිංගෙයට නම් කොළඹ ඉඳන් ඒ තරම් දුරක් යන්න ඕනෑ නැහැ. ප්‍රධාන දුම්රිය මාර්ගයේ පළමු බිංගෙය හමුවන්නේ මීරිගම හා අඹේපුස්ස අතරේ පිහිටි බෝතලේ දුම්රිය ස්ථානයට ආසන්නයෙන්.

දුම්රිය මාර්ගයේ දුර මිනුම් ක්‍රමය අනුව කොළඹ ඉඳන් මේ බිංගේට තියෙන දුර සැතපුම් 32යි දම්වැල් 44 කියලා සටහන් වෙනවා. මේ බිංගෙයි දිග අඩි 247ක් ලෙසත්, පළල අඩි 14ක් ලෙසත්, උස අඩි 18ක් ලෙසත් සඳහන් වෙනවා. ඒ වගේම ලංකාවේ ඇති උසින් වැඩිම බිංගෙවල් දෙකෙන් එකක් විදියටත් මේ බිංගෙය සැලකෙනවා.

අශ්ව ලාඩමක හැඩය පෙන්නුම් කෙරෙන මේ බිංගෙය ඉදිවෙලා තියෙන්නේ 1863 වසරේදී. ප්‍රධාන මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත් කිරීමේදී මේ බිංගෙයට සමාන්තරව තවත් බිංගෙයක් ඉදි වෙලා තියෙනවා. ලංකාවේ අංක 01 හිමි වෙලා තියෙන මේ බිංගෙයට ළඟින්ම පිහිටලා තියෙන බෝතලේ දුම්රිය ස්ථානය උප දුම්රිය ස්ථානයක් විදියටයි සැලකෙන්නේ. කොළඹ කොටුව සිට ගත් විට ප්‍රධාන මාර්ගයේ අංක 28 වැනි දුම්රිය ස්ථානය විදියට තමයි බෝතලේ සැලකෙන්නේ. බෝතලේ බිංගෙයි ඉතිහාසය ලංකාවේ දුම්රිය ඉතිහාසයේ උපත තෙක්ම දිව යන එකක් වුණත්, බෝතලේ දුම්රිය ස්ථානයට නම් ඒ තරම් පැරැණි ඉතිහාසයක් නැහැ. 1980 වර්ෂයේදී තමයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන මාර්ගයේ උප දුම්රිය ස්ථානයක් විදියට බෝතලේ උපත සිද්ධ වෙලා තියෙන්නේ. බෝතලේ දුම්රිය ස්ථානයේ සංකේතය BTL විදියටයි දැක්වෙන්නේ.

ඊළඟ වාරයේ බෝතලේ පහු කරගෙන ප්‍රධාන මාර්ගය දිගේ දුම්රියෙන් කොහේ හරි යද්දී මේ බිංගේ ගැන තොරතුරු ටිකත් මතක් කර ගන්න.
මලිදු කවිෂ්ක

SendShareShare
Previous Post

දැන් ඉන්න ගොඩදෙනෙක් මාව අඳුනන්නේ නැහැ

Next Post

වැරැදිකරුවන්ට සමාවක් නොදෙන ජගන් මාතා

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.