කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ඒකාබද්ධව නව කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසන ලීසිං ප්‍රවර්ධන වැඩසටහන නැවතත් දියත් කර තිබේ.
මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ මෙම සමාගම් දෙක විසින් කොමර්ෂල් බැංකුවේ ලීසිං පහසුකම් යටතේ හේලීස් සමාගමෙන් මිලදී ගන්නා ට්‍රැක්ටර් සහ කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍රවලට රුපියල් 50,000ක් දක්වා වට්ටම් ලබාදෙන අතරම තරගකාරී වාරික ගෙවීම් සහ විශේෂ පොලී අනුපාත පිරිනමයි.
මෙම ප්‍රවර්ධන වැඩසටහන 2020 මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක වන අතර කුබෝටා 4×4 ට්‍රැක්ටර් (L4508 සහ L3408), ෆාර්ම්ට්‍රැක් ට්‍රැක්ටර් (FT6050 හෙරිටේජ් මාලාව), කුබෝටා කම්බයින් හාවෙස්ටර්ස් (DC-70G), ඇග්‍රොටෙක් හාවෙස්ටර්ස් (ඇග්‍රොටෙක් ඉකෝ, ඇග්‍රොටෙක් KOOL සහ ඇග්‍රොටෙක් බ්‍රෝ) සහ කුබෝටා ට්‍රාන්ස්ප්ලාන්ටර්ස් මිලදීගැනීමේදී මෙම ප්‍රවර්ධන වැඩසටහන අදාළ වේ.