• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

කොළඹ රටේ වනන්තරේ…

October 17, 2019
in Holiday
Reading Time: 1 min read
A A
කොළඹ රටේ වනන්තරේ…
Share on WhatsAppShare on Facebook

කාර්යබහුල ජීවිතයක සිරවී සිටින ඔබට මානසික සතුට වෙනුවෙන් සති අන්තයේ ඔබේ ආදරණීයයන් එක්ක නීල හරිත සුවදායි පරිසරයක ඉතාමත් සැහැල්ලුවෙන් නිදහසේ ඉන්න කැමැති නම් මෙන්න කදිම තැන. කොළඹ දුහුවිලි පිරුණු නගරයට ඉතාමත් සමීපව මෙවැනි තැන් තිබෙන බව දුටුවහොත් ඔබ පුදුම වනු ඇත. මෙම උද්‍යානය තෙත් බිමක් සංරක්ෂණය කර එහි ජිවීන්ට හා ගහ කොළට හිතකර ලෙස මිනිසා විසින් නිර්මාණය කරන ලද්දකි. මෙවර ‘ඇවිදිමු ලංකා’ අපද එහි සංචාරය කළෙමු.

බත්තරමුල්ල නගරය සහ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය පෙනෙන මානයේ පිහිටා ඇති බැද්දගාන තෙත් බිම් උද්‍යානය ඕනෑම කෙනකුට ඉතා පහසුවෙන් සොයාගැනීමට හැකිය.
නාවල පාර, කොටා පාර හෝ කොල්ලුපිටිය – ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ සිට හෝ රාජගිරිය දෙසට පැමිණෙන ඔබ, මඳ දුරක් දියත උයන දෙසට ගමන් කරන විට ඇතුල්කෝට්ටේ බස් නැවතුමට මඳක් ඉදිරියෙන් ඔබේ දකුණු පසින් හමුවන පැරකුම්බා මාවතෙන් කෝට්ටේ පාරට සම්බන්ධ විය හැකිය. කෝට්ටේ පාරේ කිලෝමීටරයක් පමණ පිටකෝට්ටේ දෙසට පැමිණෙන ඔබට, වම් පසින් හමුවන කොටු බැම්ම මාර්ගයේ නැවතත් කිලෝමීටර භාගයක් පමණ ගිය තැන බැද්දගාන තෙත් බිම් උද්‍යානය හමුවේ. ඔබ ගමන ආරම්භ කරන ස්ථානයේ සිට යන මඟ ගූගල් සිතියම හරහා බලාගැනීමට හැකියාව තිබෙන්නේ මෙම උද්‍යානය ඇති ස්ථානය එහි පැහැදිලිව සටහන් කොට ඇති නිසාවෙනි.

ඔබ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් වාහන නවතා තැබීම ගැන වද වියයුතු නැත. විශාල රථ ගාලක් සේම පොදු වැසිකිළි හා ආහාර ලබා ගැනීමට ගැමි ආරට සැකසූ හෝටලයකින්ද සමන්විත මෙම උද්‍යානයේ මෝටර් රථයක් නවතා තැබීමට අයකරන්නේ ඉතා සුළු මුදලකි. රථ ගාලේ සිට මීටර පනහක් පමණ ඉදිරියට ගිය විට ඔබට උද්‍යානයේ පිවිසුම් දොරටුව දැකගත හැකිය. කිසිදු අයකුට ජාතික හැදුනුම්පත, හා අවසර පත්‍රයක් නොමැතිව ඊට ඇතුළු විය නොහැකිය. ඇතුළු වන විට සහ පිටවන විටද ඔබව ආරක්ෂක අංශ මගින් සෝදිසි කරනු ලැබේ. එය ඔබගේත්, ශාක හා සත්වයන්ගේත් ආරක්ෂාව උදෙසාය. තවද මත්ද්‍රව්‍ය හෝ ආහාර වාර්ග රැගෙන ඇතුළු විය නොහැකිය.

හෙක්ටයාර 18ක් පුරා විහිදුණු මේ අසිරිමත් උද්‍යානය, සුන්දර දියවන්නා ඔයේ ජල තීරය හැඩකරන එක් හරිත මායිමක් වේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුලු අභයභූමිය ලෙස නම්කර ඇති ප්‍රදේශය තුළම පිහිටා ඇති, ඒකදේශික පක්ෂීන්ගේ සහ කුඩා සත්ව විශේෂයන්ගේ නිවහනක් ලෙස හැඳින්වෙන මේ බැද්දගාන තෙත් බිම් උද්‍යානය එවන් කාර්යබහුල නගරයක් තුළ සැඟවුණු ක්ෂේම භූමියකි.

ඉතා අලංකාර, එහෙත් සරල ලෙස තනා ඇති උද්‍යානය එහි ගමන් කරන්නකුගේ සිත සන්සුන් කරන ඉතා නිහඬ පරිසරයකින් යුතුය. වගුරු බිම් මතින් ලීවලින් තනා ඇති මාර්ග පථයේ ශාඛා විවිධ දිශාවන්ට යොමුකර සකස්කොට ඇති අතර, ඒ එක් එක් මාර්ගයේ ගමන්ගත් විට දැකිය හැකි දෑ පුවරු මඟින් ප්‍රදර්ශනය කොට ඇත. තවත් තැනක ඒ අවට දැකිය හැකි පක්ෂීන්, සමනල් විශේෂයන්ගේ නම් සහ ඡායාරූප ඇතුළත් පුවරු දැකිය හැකිය. ශාක හා සත්වයන් ගැන විශේෂයෙන් සමනලුන් ගැන අධ්‍යයනයේ යෙදෙන අයකුට මෙම ස්ථානය මහත් පිටිවහලකි.

උදෑසන හෝ සැන්දෑ යාමයේ උද්‍යානයට යන ඔබට ඉර නැඟෙනා හැටි වගේම ඉර බැසයන සැන්දෑ අහසේ සුන්දරත්වය විඳගැනීමට නැරඹුම් මැදිරි සහ නැරඹුම් තට්ටු කිහිපයක්ම උද්‍යානය තුළ තනා ඇත. උද්‍යානය මධ්‍යයේ තාරා පොකුණ මැද ඇති නැරඹුම් මැදිරියේ සිට ඈතින් දිස්වන නගරයත්, එයට මායිම්ව ඇති උද්‍යානයත් ඉතා අලංකාර ලෙස දැකගත හැකිය.

ඊට අමතරව දැකගත හැකි කුරුල්ලන් සහ අනෙකුත් ශාක සහ සතුන් වර්ග බොහෝය. උදෑසන සේම හවස් යාමේ ගං ඉවුරේ සිල්පර කොටන් බැම්මේ වාඩිවී සිටින විට එහි හැඟීම ඉතාමත් සුන්දරය. එය නම් වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. උද්‍යානය පුරා ඇති තුරු ගොමු තුළ සිටින විට සැබැවින්ම අපගේ ජීවිත මෙතරම් සුන්දර දැයි සිතේ.

ඉතින් ඔබත් යන්න ඒ සුන්දර හැඟීම විඳ මොහොතකට හෝ මානසික සතුටක් ලැබ අත්දැකීමක් ලබා ගන්න අප මවුබිමේ සොඳුරු තැන් සොයා.
මතක ඇතිව ඔබ රැගෙන යන පොලිතින් ඇතුළු සියලු දේ නැවත රැගෙන ඒමට කාරුණික වන්න.

ඉදුන් සම්පත් දැරණියගල

SendShareShare
Previous Post

සිවුහෙලේ අන්තිම රජ්ජුරුවෝ

Next Post

සෙලාන් බැංකුව ස්වයංක්‍රීය චෙක්පත් තැන්පත් කිරීමේ යන්ත්‍ර හඳුන්වාදෙයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.