සෙලාන් බැංකුව මෙරට ප්‍රථම වරට ස්වයංක්‍රීය චෙක් තැන්පත් කිරීමේ යන්ත්‍ර (Automated Cheque Deposit Kiosks) 26ක ජාලයක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව දැන් දිවයින පුරා වෙසෙන ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් පැය 24 පුරා චෙක්පත් තැන්පත් කිරීමේ අවස්ථාව ලැබී ඇත. මෙය ගනුදෙනුකරුවන්ට සිය කාර්යබහුල ජීවන රටාවන් මැද උපරිම පහසුවක් සැලසීම සඳහා සෙලාන් බැංකුව ගන්නා නිරන්තර උත්සාහයේ තවත් ප්‍රතිඵලයකි.
මේ පිළිබඳ අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ ප්‍රධානී චමින්ද සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය. “සෙලාන් බැංකුව කවදත් ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙනවා. මේ ආකාරයට දීපව්‍යාප්තව ස්වයංක්‍රීය චෙක් තැන්පත් කිරීමේ යන්ත්‍ර හඳුන්වාදීම මගින් ගනුදෙනුකරුවන්ට කවුන්ටරවල කාලය මිඩංගු කිරීමෙන් තොරව, දවසේ ඕනෑම වේලාවක, සෙලාන් බැංකුව මගින් මෙන්ම වෙනත් බැංකු මගින් නිකුත් කරන ලද චෙක්පත් තැන්පත් කිරීමට පුළුවන්. ඉදිරියේදී මෙම චෙක් තැන්පත් කිරීමේ යන්ත්‍ර දිවයින පුරාම ස්ථාපිත කිරීමට මෙන්ම, අපගේ ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සලසන තවත් අතිනවීන ඩිජිටල් සේවාවන් රාශියක් හඳුන්වා දීමට අප බලාපොරොත්තු වනවා.”
මෙම ස්වයංක්‍රීය චෙක් තැන්පත් කිරීමේ යන්ත්‍ර ප්‍රධාන භාෂා තුනෙන්ම සේවාවන් සලසන අතර, ගනුදෙනුවේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා මුද්‍රිත රිසිට් පතක්ද ලබාදේ.
සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුවේ මූලික අරමුණ වන්නේ නවීනතම තාක්ෂණය, නිර්මාණශීලී විසඳුම් හා විශිෂ්ට සේවාවන් සමගින් බැංකු ක්ෂේත්‍රයට ආදර්ශයන් සපයමින්, ගනුදෙනුකරුවන්ට විශිෂ්ට මට්ටමේ සේවාවක් සැලසීමය. මේ වන විට එහි ශාඛා 172ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති අතර ඉන් ශාඛා 10 ක් වසරේ දින 365 පුරා බැංකු සේවාවන් ලබාදෙයි.