• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

කවුරුන් යන්නැති දවසක, තනියම සමනල් සිරසට

October 10, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
කවුරුන් යන්නැති දවසක, තනියම සමනල් සිරසට
Share on WhatsAppShare on Facebook

සැරිසරන්නෙක්, නැත්තම් පරිසරයට ඇලුම් කරන ආදරය කරන, ඉදිරියක් නොපෙනෙන මීදුම් වලා මැදින් කිටි කිටියේ ගැහෙන සීතලේ යන්න ඇලුම් කරන සංචාරකයකුගේ තවත් එක් හීනයක් තමයි අවාරයේ මුනි සිරිපා කරුණාකිරීම. වාරයේදි ලක්ෂ ගානක වැඳුම් පිදුම් ලබන ශ්‍රී පාදස්ථානය වෙසක් පෝයේ සිට දෙසැම්බර් වන තෙක් අවාරය ලෙස හඳුන්වනවා.
වාරයේදි අධික ජනයාගෙන් පිරීගොස් හෙම්බත් වන ශ්‍රී පාදස්ථානය මේ කාලයේදි නැවත හුදකලා වන්නෙ කඳුකරයට ආවේණික කාලගුණික විපර්යාසවලට මුහුණ දෙමින්. වර්ෂාව අධික ඒ කාලයේදී පරිසරයේ සුන්දරත්වය විඳිය හැක්කෙ පරිසරයට ඇලුම් කරන කෙනකුටම පමණයි.
ඇවිදින්න පටන් ගත්දා පටන් තිබූ හීනයක් වගේම තනිව සිරිපා කරුණා කරන්න සිතේ තිබූ ආශාවත් ඉෂ්ට කරගන්න අවාරයේදි හැටන් පාරෙන් සිරිපා කරුණා කරන්න තීරණය කළේ අවාරය නිසා ගමනාගමන පහසුකම්ද අඩු බැවින් ඒ පිළිබඳවත් සොයාබලමින්. කෙසේ හෝ කොළඹ කොටුවෙන් රාත්‍රී 11ට පිටත් වන මස්කෙළිය ලංගම බස් රථයේ ආසනයක් කලින්ම වෙන්කර තබමින් සතියක් පමණ නිර්මාංශ වුණේ සිතේ තිබූ විශ්වාසයත්, භක්තියත් නිසා.
වැස්සට මුහුණ දෙන්න ඕනෙ කරන ආම්පන්නත් රැගෙන කන බොන දේවල් ටිකකුත් දාගනම කොටුවට පැමිණියේ සිතේ තිබෙන තවත් එක් ආශාවක් ඉෂ්ට කරගැනීමේ අරමුණෙන්. රාත්‍රී 11ට ගමන ආරම්භ කරපු ලංගම බස් රථයේ රියැදුරු මහතා කඳු වංගු, මැදින් ගමනාන්තයට පාන්දර 3.30 වෙනකොට ළං වෙලා. එතැනින් බැස්ස ගමන් සීතලත් යම්තාක් දුරට දැනුණු නිසා ජර්සියත් ඇඳන් ත්‍රිරෝද රථයකට ගොඩවුණේ නල්ලතන්නිය බලා යෑමට.

බඩගින්නක් තිබූ නිසාම කඩයක් ඇර තිබුණොත් හොඳ යැයි සිතමින් පහළට බැස්සෙ කළුවරේමයි. ආරම්භ කරන තැනම සමන් දෙවියන්ට පඬුරක් වෙන් කරමින් ඉල්ලා සිටියෙ කරදරයක් නොවී ගමන ගොස් ඒමට මඟ සලසා දෙන මෙන්. සමන් දේව අඩවිය පිළිබඳ සිතේ තිබූ දැඩි විශ්වාසය එයට ප්‍රධාන හේතුවක් වුණා. සිතූ ලෙසම ද්‍රවිඩ කාන්තාවක් කරන කඩයක් තිබූ නිසා එයට ගොඩවී උණු උණුවේම රොටි කිහිපයක් බඩට දමාගෙන තේ කෝප්පයකින් බඩ පුරවාගෙන ලකලෑස්ති වුණේ පාන්දරින්ම ගමන ආරම්භ කිරීමට. අවාරයේදි කිසිම පහන් එළියක් නොමැති නිසා හිසේ රඳවන විදුලි පන්දමද රඳවා ගනිමින් ගමන ආරම්භ කළේ මහත් ආශාවකින් සේම භක්තියකින්. අනෙක් සෑම තැනකදීම වඩා ශ්‍රී පාදස්ථානයේදි සිතට ඇතිවන සැනසීම නිසාම එය කොතරම් ගියත් ඇති නොවන ගමනක්. ඉදිරිය නොපෙනන අඳුරේ වුවත් කලින් වතාවන්වල කරුණාකර තිබූ නිසා පාරවල්වල එළිය නැතිව හෝ යෑමට ඇස් හුරු වුණා. වර්ෂාවට ලෑස්ති වී ගියත් වැහි මන්දාරමක් සමඟ හීනි පොදයක් ගියත් වැස්සක් පේන මානෙක තිබුණෙත් නෑ. කලින් වර්ෂාව නිසා සාම වෙහෙරට ඉහළින් වැටෙන යකා හැඬූ ඇල්ල යම්තාක් දුරට සක්‍රීය වී තිබුණේ පරිසරයට තවත් සුන්දරත්වයක් එකතු කරමින්.

ඇසට දකින ඒ සුන්දරත්වය ජංගම දුරකතනයේ කැමරාවෙහි සටහන් කරගත්තේ ඒ තරම් ලස්සනක් එහි තිබෙන නිසා. සාම චේතිය වසාගත් මීදුම් වලා කෙමෙන් කෙමෙන් ඉහළට නැඟෙන විට ඒ අවට සුන්දරත්වය වචනයෙන් කිව නොහැකි තරම්. ක්‍රමයෙන් ඉර සේවයද මඟ සිටම බලාගැනීමට දෑස් පින්කර තිබුණා. නැඟෙනහිර අහස ගිනිගන්නා ආකාරයට අලංකාර අහස් කුසක් දර්ශනය වුණේ කාලගුණය යහපත් වූ නිසා. තනිපංගලමේ නිසාත් හදිසියක් නොමැති නිසාත් ඇති තරම් නවතිමින් ඒ සුන්දරත්වය විඳිමින් ඉහළට නැග්ගෙ වෙහෙසක් ඒ තරම් නොදැනීමයි. මීදුමෙන් පිරි වලාකුළුවලටත් උඩින් තිබුණු උතුම් ශ්‍රී පතුලට උදෑසන 7.45 පමණ වන විට ළඟා වුණා.

ඒ වන විටත් තවත් කිහිප දෙනෙක් එහි සිටියත් මළුවේ තිබෙන නිස්කලංකභාවය සිත අතරමං කිරීමට ගතවන්නේ සුළු මොහොතක්. පෝය දිනය නිසාම මළුව විවෘත කර තිබූ නිසා ශ්‍රී පාද පද්මය නොපෙනුණත් එහි හිස තබමින් වන්දනා කළේ කාගෙවත් බලකිරීමකින් තොරවයි. ඒ සමඟම වාගේ මළුවට පිවිසියේ කොණ්ඩා රැවුල් වවා, පච්ච කොටාගත් තරුණයන් පිරිසක්. පිරිසිදු වී සුදුවතින් සැරසී ඔවුන් පූජාවක් සූදානම් කළේ බලා සිටි සැවොම පුදුමයට පත්කරමින්. රූපයෙන් මිනිසකු මැනීමට බැරි බව ඔවුන් සනාථ කළේ තරුණයෙක් වශයෙන් මටද ආඩම්බර වීමට කරුණු ඉතිරි කරමින්.

මා, සවස් කාලය වන විට කොළඹට පැමිණීම අවශ්‍ය වූ නිසා 9.30ට පමණ පහළට කරුණාකිරීමට සූදානම් වුණේ හිතවත් වූ පිරිසගෙන්ද සමුගනිමින්. ගහට ගහක් මොරටුවේදී මුණගැසෙන කතාව සනාථ කරමින් තවත් හිතවත් සැරිසරන්නන් දෙදෙනකු වූ චාමර වීරතිස්ස හා ශමින්ද රන්ශාන් යන සොහොයුරන් හමුවීමත් හේතුවෙන් ගමන තවත් රසවත් එකක් වුණා. ඔවුන්ගෙන් සමුගෙන පහළට කරුණා කළේ කකුලේ වේදනාවත් දරාගනිමින්. සීත ගඟුලට ළඟාවන විටත් තවත් කුඩා කණ්ඩායම් ඉහළට ගමන් කළේ වචනයක් දෙකක් හෝ හුවමාරු කරගනිමින්. ඔවුන්ට පුදුමයක් වී තිබුණේ මා තනිවම පැමිණ සිටීමයි. කෙසේ හෝ ගමනේ අවසන් භාගයේ සීත ගඟුලට බැස වෙවුළන තරම් සීතලේ නාගෙන නල්ලතන්නිය බලා ආවේ සිතෙහි තිබූ එක් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගත් සතුටද සමඟින්. නල්ලතන්නියෙන් බස් නොමැති නිසා රෝද තුනකින්ම මුල්ගම හන්දියට ගිය විට කරුණාවන්ත තරුණ පොලිස් නිලධාරියකුගේ උදවුවෙන් බස් රථයක් නවාතාගෙන සවස 1.30ට මස්කෙළියේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වන බසය බලාපොරොත්තුවෙන් මස්කෙළියෙන් බැස එම බස් රථයට ගොඩවුණේ නැවත ගමරට බලා යෑමේ අරමුණෙන්.

කෙතරම් පූජනීය ස්ථානයක් වුවත් එතැනත් අපවිත්‍ර කරන්නෙ අපේම මිනිසුන්. සිරිපා වාරයේදි බැහැර කරන කුණුවලින් පළාත වැසීයන්නේ අපේ මිනිසුන්ගේ නොසැලකිලිමත්භාවය නිසාමයි. ඉල්ලන්න තියෙන්නෙ එකම දෙයයි. වාරේ හෝ ආවාරයේ ඒ උතුම් ස්ථානය අපවිත්‍ර නොකර ඒ සුන්දරත්වය පූජනීයත්වය සැමදා රැකගනිමින් සැදැහැ සිතින් භක්තියෙන් වන්දනා කරන ලෙසයි. ඒ, බෞද්ධ අපේ සංකේතයක්. එය රැකගැනීම අප සතු වගකීමක්.

දිලන්ත ළහිරු

SendShareShare
Previous Post

පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් ජනතාවට රක්ෂණ සේවා රැසක්

Next Post

සජිත්ගේ ‌කොළඹ රැලියට ජන ගගක්: ආරක්ෂක ඇමැතිකම ‌ෆොන්සේකාට

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.