එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැලිය පැවැත්වෙන ගාලු මුවදොර පිටියට අද (10) සවස්වරුව වනවිට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණ සිටියහ.
මෙම රැලියට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලුම එජාප නායකයන් සහභාගී වී සිටීම විශේෂ සිදුවීමක් විය.
මෙහිදී අප කලින්ම කී පරිදි සජිත් ප්‍රේමදාස මහතා තම ආණ්ඩුවක් යටතේ ෆොන්සේකා මහතාට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය ලබා දෙන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියේය.
එමෙන්ම තමන් අතින් කියවුණු ‘ශ්‍රී මුඛ’ කතාවට ප්‍රසිද්ධියේම මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා සිටින බවද ප්‍රේමදාස මහතා සදහන් කර සිටියේය.
අප වාර්තාකරුවන් සදහන් කර සිටින්නේ ඉතිහාසයේ ගෝල්ෆේස් පිටියට පැමිණි වැඩිම ජනතාව මෙහිදී දැකගන්නට ලැබුණු බවකි.










