විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් සංවිධානය කළ ශිල්ප සේනා තාක්ෂණ ප්‍රදර්ශනයේදී ජනතාව සාමාන්‍ය රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමට පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. සැප්තැම්බර් 25 වැනිදා සිට 29 දක්වා ශිල්ප සේනා තාක්ෂණ ප්‍රදර්ශනය පොළොන්නරුව, කදුරුවෙල ජාතික ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. මෙවර එහි තේමාව වූයේ “සවිමත් දෑතින්- පොහොසත් රටක්” යන්නයි.
මෙම ප්‍රදර්ශනයේදී සාමාන්‍ය රක්ෂණයේ වැදගත්කම පිළිබඳ සහ පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය ලබාදෙන රක්ෂණ සේවා සහ පහසුකම් පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබා දීම සඳහා ආයතනයේ නියෝජිතයන් ප්‍රදර්ශනය පැවති දිනයන් මුළුල්ලේ කටයුතූ කරන ලදී.
මෝටර් රථ, දේපොළ, සංචාරක සහ මුහුදු රක්ෂණ ඇතුළුව පුද්ගලයන්ට සහ සමාගම්වලට පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී පුළුල් පරාසයක සාමාන්‍ය රක්ෂණ සේවාවන් ලබාදෙයි. අද වන විට සමාගමට විශාල ගනුදෙනුකාර පදනමක් ඇති අතර එහි වාර්ෂික වාරික ආදායම රු. බිලියන 5.5 ඉක්මවයි.
පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී දිවයින පුරා සිය ප්‍රාදේශීය කාර්යාල ජාලයක් පවත්වා ගෙන යන අතර පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී ශාඛා ජාලය ඔස්සේ කවුළු කාර්යාල 100 කට අධික සංඛ්‍යාවක් ද පවත්වා ගෙන යයි. මහජන බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලවලද එහි කටයුතු පවත්වාගෙන යනු ලබයි.
පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මණ්ඩලය යටතේ ලැයිස්තුගත කර ඇත. ශක්තිමත් ජාත්‍යන්තර ප්‍රති රක්ෂණ වැඩපිළිවෙළක් මෙන්ම පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සහ මහජන බැංකුව යන රටේ විශාලතම මූල්‍ය ආයතන දෙකෙහි පුළුල් වෙළෙඳපොළ ව්‍යාප්තිය ඔස්සේ ලැබී ඇති විශිෂ්ට මූල්‍ය උරුමය මඟින් පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී ශක්තිමත් වී තිබේ.