• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඇත්තටම වුණේ මොකද්ද?

October 14, 2021
in Heart
Reading Time: 7 mins read
A A
ඇත්තටම වුණේ මොකද්ද?
Share on WhatsAppShare on Facebook

‘ආර්යන් ඛාන්ට ඇපත් නැති වෙයි…’
පසුගිය සඳුදාවේ මාධ්‍ය අතර ඉන්දියාව කලඹාලු ආරංචිය එය විය.
ආර්යන් ඛාන් කවුද?
එය නොදන්න කිසිවකු සිටින්නට බැරිය..,
ආර්යන් ඛාන්.., බොලිවුඩයේ කිරුළ හිමි ෂාරුක් ඛාන්ගේ පුත්‍ර රත්නයයි. තවත් සරලව කියනවා නම් ‘කිං ඛාන්ගේ පුතාය..,
ආර්යන්ට ඇපත් අහිමි වූ නඩුව තදබල මත්ද්‍රව්‍ය ආරවුලකි. ආරංචියේ හැටියට ආර්යන් තම සමීපතම මිතුරා වූ අර්බාස් සෙත් මර්චන්ට් සහ ඔහුගේ පෙම්වතිය වන ප්‍රසිද්ධ මොස්තර නිරූපිකාවක වූ මුන්මුන්ධ මේඛා සමග එක්ව ප්‍රසිද්ධ සාදයකදී මත්ද්‍රව්‍ය අලෙවි කොට ඇත.

සාදය පැවැත්වුණේ මුම්බායි සිට ගෝවා බලා යාත්‍රා කරන්නට නියමිතව තිබූ කෝර්බේලියා නම් නෞකාවේය. එය සුපිරි සාදයකි. ටිකට් පතක මිල ඉන්දියානු රුපියල් ලක්‍ෂයකි. දූවිලි පොදක් පයට පාගා නැති ධනවත් පවුල්වල සුපිරි දූපුතුන් ෆැන්ටසි තාලයට ඇඳ හැඩට පැමිණ තිබූ මේ සොඳුරු සාදයෙහි සාමාජිකයන් ගණන අටසියයකි.

ෂාරුක්ගේ පුතා එයට සහභාගී වී ඇත්තේ මිතුරාගේ ආරාධනයටද..?
නැහැ… ෂාරුක්ගේ පුතාට ඒ සඳහා සුවිශේෂී ආරාධනා පතක් එවා තිබෙන්නේ කෝර්බේලියා නෞකාවේ මෙම සුපිරි සාදය සංවිධානය කළ සංවිධායකයන් විසින්ය. අන්තර්ජාතික මුහුදේ නෞකාව නවතා සාදය ඒ වටපිටාව මැද ඉතා කලාත්මකව පැවැත්වීම ඔවුනගේ අරමුණ වී තිබිණි.

ආර්යන් ආරාධනාව එකපයින්ම පිළිගෙනද..?
කිසිවක්ම නොපවසා සිටි ඔහු පළමුව තම අතීසාර මිත්‍ර අර්බාස්ට දුරකතන ඇමැතුමක් දී සාදයට එනවා දැයි අසා ඇත… අර්බාස් සිය පෙම්වතියගේද අනුමැතිය මැද ඇයවද සහභාගි කරගෙන ඇත. තරුණ හවුල කෝර්බේලියාවට පය තබා ඇත්තේ එහෙමය.

සියල්ල එසේ සිදුවන විට ‘එන්.සී.බී.’ ආයතනයට ලැබුණු නිර්නාමික ආරංචියක සඳහන්ව තිබුණේ, කෝර්බේලියා මුහුදු සාදය මත්ද්‍රව්‍යවලින් ගහන අමුතුම පාහේ එකමුතුවක් බවය. පාට පාට හීන සමග පාවෙන්නට ප්‍රිය ධනවත් තරුණ කොල්ලන්, කෙල්ලන් එයට සහභාගි වීමට ඉන්දියානු රුපියල් ලක්‍ෂයකට වඩා හෝ පූජා කරන බවද එම පණිවුඩයෙහි සඳහන් විය.

ඇමැතුම ආ සැණින්ම ක්‍රියාකාරී වූ ‘එන්.සී.බී.’ නිලධාරීන් සාදයට සහභාගි වීම සඳහා ටිකට්පත් 22ක් වෙන්කර ගත්තේ කඩිනමිනි.

අමුත්තන් ලෙස සාදයට සහභාගි වූ ‘එන්.සී.බී.’ නිලධාරීන් වැටලීම කරන මොහොතේ ‘මුහුදු සාදය’ පාට පාට මත්බර ලොවක පාවෙමින් තිබුණද?

එවැන්නක් සඳහන්ව නැත.., නමුත් එම වැටලීමේදී කොකේන්, චරා සහ එම්.ඩී.එම්.ඒ. නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ග්‍රෑම් ගණනින් සොයාගත් බව ආරංචිය.

බොලිවුඩයේ අප්‍රතිහත ප්‍රතිරූපය වූ කිං ඛාන් තම පුත්‍රයා ගැන පවසන කතාව කුමක්ද?

‘මගේ පුතා ආර්යන් නිර්දෝෂයි. මේක මගේ ප්‍රතිරූපයට එල්ල කළ අශෝභන මඩපහරක්,
අනිවාර්යෙන් ෂාරුක් මාධ්‍යයට එහෙම කියන්නට ඇති.., ෂාරුක් නිහඬය. ඔහුගේ ජංගම දුරකතනයත් ඛාන් මැඳුරේ දුරකතනය වාගේම ගෞරි ඛාන්ගේ දුරකතනයද ප්‍රතිචාරයක් නොමැත යන පණිවුඩය පමණක් නිකුත් කරවයි. එලෙසම කිසිවෙකු යාම් ඊම් කරන්නට නොහැකි වන ආකාරයට ඛාන් මැඳුරෙහි විශාල ගේට්ටුවට අගුළු ලා ඇති බවද සැලවී ඇත.

ඇත්තෙන්ම, ආර්යන්ව සැලැසුම් කර මුහුදු සාදයට ගෙනැවිත් මෙය සිතාමතාම ෂාරුක්ට විරුද්ධව කළ පහත් මෙහෙයුමක් වන්නට බැරිද..?

එහෙමම හිතන්නටත් අපහසුය. එයට හේතුව ආර්යන්ගේ මිතුරා අර්බාස් සහ පෙම්වතිය මුන්මුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව පරීක්‍ෂණවලදී සනාථව ඇත.

එතකොට ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය ගෙන තිබුණේ නැද්ද?
ආර්යන්ගේ රුධිර සාම්පවලින් ඔහු මත්ද්‍රව්‍ය ගෙන ඇති බව ඔප්පු වී නැත. ඒ විතරක් නෙවේය.., වැටලීම් කෙරෙන අතරතුර දී අර්බාස් සහ ඔහුගේ පෙම්වතිය මුන්මුන්ගේ යට ඇඳුම් සහ පසුම්බිවල තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ආර්යන්ගේ යට ඇඳුම්වල හෝ පසුම්බිවල තිබුණේ නැත..,

එහෙනම් ආර්යන්ට ඇප නොලැබුණේ ඇයි..?
ගැටලුව ඇත්තේ එතැනය.

ආර්යන්ට ඇප නොලැබීම ගැන ෂාරුක් කියන්නේ මොනවද?
ෂාරුක් ඉතාම පුදුමාකාර ලෙස මුනිවත රකිමින් සිටින්නේය. අඩු ගණනේ ෂාරුක් තම පුතුගේ නඩු දිනයේ තබා ඔහු සිරභාරයට පත්වූ මොහොතේවත්..,
‘බය වෙන්න එපා… ඔයා එක්ක මම ඉන්නවා…’
කියා ආර්යන්ට හයියක් වෙන්නටවත් පැමිණියේ නැත.

ඒ කියන්නේ ෂාරුක් මාධ්‍යයට බය ඇති..,
සමහරවිට ඒක එහෙම වන්නට ඇත. හේතුව තමා වටකරගෙන දහසකුත් එකක් ප්‍රශ්න අසන විට තම මුවින් පිටවන වචනවල දුර්වල තැනක් අල්ලාගෙන මාධ්‍යකාරයන් ඊළඟට නටන්නට සූදානම් වන කස්තිරම්වලට ෂාරුක් කිසියම් වූ බියක් දක්වන්නට ඇත. සමහර විට බයකට වඩා එතැන ඇත්තේ පරෙස්සමය.

ආර්යන් තම නිදොස්භාවය ගැන හඬ නඟන්නේ නැතිද?
ආර්යන් හරිම සන්සුන්ය…

ඇප නොලැබෙන බවත්, අත්අඩංගුව දීර්ඝ වන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කරන මොහොතේ අර්බාස් සහ මුන්මුන් දැඩි කම්පාවට පත්ව නොසන්සුන්තාවය ප්‍රකට කරන විට ආර්යන් ශාන්තුවරයකු සේ සන්සුන්ව සිටියා විතරක් නොවේය.., තම මිතුරන්ව සනසවන්නටද වෙහෙසී තිබිණි.

මත්ද්‍රව්‍ය නඩුවෙහි අවසානය කුමක් වේදැයි කියන්නට බැරිය…

ශුද්ධ වූ බයිබලයෙහි සඳහන් වන පරිදි ධනවතකුට ස්වර්ගයට පය තැබීම කොටළුවෙකුට ඉදිකටු සිදුරකින් රිංගනවාට වඩා අපහසුය කිව්වාට…
නීතියේ රැහැනින් නම් සුපිරි ධනවතුන් හරි පහසුවට බේරී රිංගා යන්නෙහිය. අර් බාස්ගේ පියා සූර මිනිසෙකු බැවින් කෙසේ හෝ තම පුතාව සහ පෙම්වතියව බේරා ගනු ඇත.

ආර්යන්ට කුමක් වේද..?
ෂාරුක් තම දරුවා වෙනුවෙන් දිගින් දිගටම මුනිවත රකීවිද..?

සිදුවිය හැක්කේ කුමක් දැයි කියන්නට බැරිය.
කෙසේ වුවද..
නැවැතිල්ලේ සිතා බලන කල එක් ගැටලුවක් වේ…

ඒ..,
මත්ද්‍රව්‍ය කිසිවක් ළඟ නොතිබුණද… මත්ද්‍රව්‍ය භාවිතයට ගෙන නොසිටියද… ආර්යන් ඛාන්ට නීතියෙන් ඇප නොලැබුණු හේතුව කුමක්දැයි යන්නය…
ඒ අතර ෂාරුක් දැඩි නිහඬතාවයකය…
නිර්දෝෂී බව දැන දැන ආර්යන්ද හරිම සන්සුන්ය,

ඇත්තෙන්ම සිදුවූයේ කුමක්ද..?
සිදුවන්නේ කුමක්ද..?

සියල්ල පටලැවිල්ලකි.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

නිව්ෆෝට්‍රස් සමාගමේ ලොක්කා මහ රෑ ප්‍රයිවට් ජෙට් එකකින් ලංකාවට ඇවිත්! මොනවද වෙන්නේ කියලා ඇමැතිවරු දන්නෙත් නෑ!

Next Post

ගෑස් නැග්ගා! තෙලුත් නගීවි! පොඩ්ඩක් ඉවසන්න! ජොන්ස්ටන් ජනතාවගෙන් ඉල්ලයි! (PHOTOS)

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.