• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බොලිවුඩ් සිනමාවේ රෝසපාට බෝනික්කි…

August 17, 2021
in Heart
Reading Time: 5 mins read
A A
බොලිවුඩ් සිනමාවේ රෝසපාට බෝනික්කි…
Share on WhatsAppShare on Facebook

වසර 27ක් වෙලත් දිව්‍යාගේ මරණය තවමත් අභිරහසක්…
උතුරු ඉන්දියානු පිරිමින්ගේ සදාතනික සිහින කුමරිය…

කපුර් පෙළපතින් පැමිණි හැඩකාර පිරිමියෙකු වූ රිෂි කපුර්ට වයස අවුරුදු පනහේදීද ලැබුණේ පෙම්වතුන්ගේ චරිතයන්ය. එයට හේතු වූයේ ඔහුගේ කාන්දමක් වැනි නෙත් කැල්ම සහ ගැහැනුන් වශී කළ මනමාලකමින් පිරුණු සොඳුරු සිනහවය. 1991 සහ 92 වසර තුළ වයස අවුරුදු 40 පසු කරමින් සිටියද රිෂිට වැඩිපුර ලැබුණේ වයස අවුරුදු 20 – 25 කොල්ලන්ගේ පෙනුමට තැනූ පෙම්වතුන්ගේ චරිතයන්ය. ඒවා කිසිදුම ගේමක් නැතිව බොක්ස් ඔෆිස් වාර්තාවන්ද පිහිටු වූයේය.

ළා කෙල්ලන් සමග රිෂි රඟන රොමැන්ටික් ෆිල්ම් වාර්තා පිට වාර්තා තබන විට බොහෝ අධ්‍යක්‍ෂවරු බෝනික්කියන් වැනි ළපටි කෙල්ලන් යොදා රිෂි සමග එක්ව උතුරු ඉන්දීය චිත්‍රපට නිර්මාණය කරන්නට උමතුවෙන් මෙන් දැඟලූහ. රාජ් කන්වර්ද ඉන් එක් අයකු විය. රිෂි කපුර් සමග අලුත් තාලේ ළපටි පන්නයේ කෙල්ලක හඳුන්වා දෙමින් පෙම් රස වෑහෙන රොමැන්ටික් චිත්‍රපටයක් කරන්නට රාජ් අලංකාර තිර පිටපතක්ද සැකැසුවේය. චිත්‍රපටය ‘Dewanaa’ විය.

රිෂි කපුර් සමග එවකට කෝඩුකාර නළුවකු වූ ෂාරුක් ඛාන්ද එහි ප්‍රධාන චරිතයකට මැදිව සිටියේය. තුන්කොන් පෙම් පලහිලව්වක කෙල්ල ලෙස රඟන්නට තෝරාගෙන තිබුණේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෝනික්කියක සේ සුන්දර වූ ‘දිව්‍යා භාරතීව’ය. ඇගේ මීන දෙනෙත, රෝස පෙතිවන් දෙකොපුල්, නා දලු දෙතොල්, මිටින් ගතහැකි ඉඟසුඟ… කවියන් වර්ණනා කළ නාරිලතා රූපයකට වැඩිය හැඩකාර විය. ඒ සියල්ලටම වැඩිය රිෂි සහ ෂාරුක් සමග දිව්‍යා රඟපෑ පෙම් ජවනිකා… අති සුමධුර විය. එක රැයින් ඈ උතුරු ඉන්දියානු පිරිමින්ගේ සදාතනික සිහින කුමරිය වූයේ, රාජ් කන්වර් සිතූසේම ‘Dewanaa’ චිත්‍රපටය සියලුම ආදායම් වාර්තාවන් බිඳ හෙළද්දීය.

දිව්‍යාගේ රූ සපුව තම නවතම චිත්‍රපට වෙනුවෙන් අලෙවි කරන්නට ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරුන් එක පොරයට වලිකන විට දිව්‍යා ඒ සියල්ල දෙස බලා සිටියේ කිසිදු ඉන්දීය නිළියක සමග තමාට තරගයක් අවැසි නැතැයි සිතමිනි… ඇත්තෙන්ම දිව්‍යා භාරතී යනු පාඩුවේ තම ගමන ගිය අහිංසකාවියක විය.

නිතරගයෙන්ම වාගේ ‘Dewanaa’ චිත්‍රපයටත් සමගම දිව්‍යාගේ දිනපොත අසුරු සැණින් පිරී ගියේ ඇයටවත් අදහන්න බැරි ලෙසිනි. දින නියම කර ගත් දිව්‍යා රඟන චිත්‍රපට සඳහා ඇඳුම් – පැලඳුම්ද නිර්මාණය විය. සත්තකින්ම බොළඳ බවින් අනූන ළා බාල සුන්දරියක වූ දිව්‍යා හීන දහසකුත් එකක් මැද සිය අනාගතය සැලසුම් කරන්නට විය. ජීවිතය කෙතරම් නම් නොසිතූ විරූ අභාග්‍යසම්පන්න දෑ අප වෙත ගෙන එන්නේ දැයි යන අකාරුණික කියමන මොනවට පසක් කරමින් දිව්‍යා භාරතී තම නිවෙසේම බැල්කනියෙන් ඇදවැටී මියගියාය.

ඇගේ මරණය අබිරහසක්ද..?

ඔව්… තවමත් එය එහෙමමය.., වසර 27ක් ගෙවී ගියද දිව්‍යා භාරතීගේ මරණය තවමත් නොවිසඳුණු අබිරහසකි. මියයන විට වයස අවුරුදු දහනවයක තරුණ කෙල්ලක වූ දිව්‍යාගේ මරණය ගැන බොහොමයක් වූ කුමන්ත්‍රණ සහ කටකතා පැතිර ගියේය. අදටත් මාධ්‍ය පැපරාසින් පවසන්නේ ඇගේ මරණය ඉතාම සැලසුම්සහගතව සිදුවූ වගකි. ඒ කියන්නේ සජීබ් නදියවාලා මීට සම්බන්ධව කොහේ හෝ කොනක සිටින්නේද? ඇතැමුන් කියන්නේ එහෙමය.

නමුත්..,

දිව්‍යා භාරතීගේ මරණය වෛද්‍යවරුන් සජීබ් නදියවාලා හමුවේ ප්‍රකාශ කරන විට ඔහු මානසික ආතතියකට පත්ව සිටි බව ආරංචි මාර්ග පවසා තිබිණි. තද වෙව්ලීමක් සමග දැඩි කම්පාවකට මැදිව සිටි හෙතෙම සදාකාලික ‘කෝමා’ තත්ත්වයකට බඳුන් වීමට ආසන්නව සිටි වග වෛද්‍ය මඬුල්ල විසින් පොලිසියටද පවසා තිබූ බව කියැවේ.

යම්… ආරවුලක් මත සජීබ් දිව්‍යාව සඳැල්ලෙන් පහළට තල්ලු කළා වන්නට බැරිද..?

දිව්‍යාගේ මරණය මොහොතේ ඈ සමග කාලය ගෙවා ඇත්තේ ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පිනී නීතා ලුල්ලා සහ ඇගේ සැමියාය. ඔවුන් දිව්‍යාගේ නවතම චිත්‍රපටය සඳහා කොස්ටියුම් සකසමින් සිටි අතර, ඔවුන් අතර හීනියට මත්පැන් සාදයක්ද පැවැත්විණි. යම් මොහොතක තමා දිව්‍යා කෙහේදැයි බලන විට ඈ සඳැල්ලෙහි දාරය මත සිටගෙන උන් බව දැක තමාට මහා කම්පනයක් දැනුණු වග නීතා ලුල්ලා පවසා තිබූ අතර, හදිසියේම දිව්‍යා අඩි ශබ්දය දෙස හැරී බලන කල ඇගේ සමබරතාවය නැතිව ගිය බවද නීතා තව වැඩිදුරටත් කීවාය.

එහි සත්‍යතාවයක් වේද..?

දන්නේ කවුදැයි එය, සියල්ල දන්නේ මියගිය දිව්‍යා සහ උඩ ඉන්න දෙවියන් පමණය. සජීබ් නදියවාලා සිය තරුණ බිරියගේ මත්පැන් වීදුරුව ඕනෑ කමින් පුරවා ඇයගේ පියවි සිහිය තුරන් කොට දිවි නසා ගැනීමට සැලැස්ස වූ බවටද එවකට රාවයක් තිබුණා මතකය.

එහෙම වූවා නම් සජීබ් වැනි හොඳ ප්‍රතිරූපයක් හෙබි තරුණ සැමියකු බිරියගේ මරණය අසා ආතතියට බඳුන් විය හැකිද?
හදිසි කෝපයට යම් දරුණු ක්‍රියාවක් කොට මනස්ථාප වන මිනිසුන් කොයිතරම් ඉන්නවාද..?

අනෙක… සජීබ්ගේ රෝගී තත්ත්වය ගැන තවත් කිසිවකු කීයේ…දිව්‍යාගේ දෙණට ගිනි දැල්වීමේ දසුනට මුහුණ දීමට බැරි නිසා ඔහු වහං වී සිටි බවය… එලෙසම දිව්‍යා සජීබ් නදියමාලාගේ බිරිය වුවද සජීබ් හෝ ඔහුගේ පවුලේ වෙනත් කිසිවකු ඇගේ අවමංගල්‍ය සඳහා සහභාගි වී නොසිටීම කදිම විහිළුවක් බවය.

කෙසේ වුවද, සියල්ල සිදුවී අවසානය..,

දිව්‍යාගේ කම්පිත මරණය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කඳුළු සලා හැඬූ ෂාරුක් කියා සිටියේ,
සිහින බොහොමයක් සමග ජීවත් වන්නට බලා සිටි සිහින කුමරියකව ඉතා අඩු වයසෙන් හොරු අරගෙන ගිය බවකි… කූපර් රෝහල තුළ දිව්‍යා වෙනුවෙන් ෂාරුක් නිදිමරමින් සිට ඇත්තේ අන්තිම මොහොතේ හෝ සුබ ආරංචියක් තමා වෙත ලැබේය යන සැකය සමග යැයි ඔහු පුවත්පතකට පවසා තිබිණි. දිව්‍යා භාරතී සිනමාවට පැමිණි විට ඇතැම් විචාරකයන් ඇයව ‘මීනා කුමාරිට’ සමකොට තිබිණි.

1993 අප්‍රේල් 05 වැනි දින දිව්‍යා භාරතී මියගියාය. අප්‍රේල් 7 වැනිදා ඇගේ දෙණ හින්දු චාරිත්‍රයන්ට අනුව ගින්නෙන් ආලෝකමත් විය. අදට දිව්‍යා මියගොස් වසර 27කි. ඇයගේ මරණය තවමත් අබිරහසකි…

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

එදා මට අපහාස කළා! ඒ අපහාස මරණයේ වේශයෙන් රටට ඇතුළු වෙලා! (VIDEO)

Next Post

වෘත්තීය සමිති ආණ්ඩුවට අවසන් දින දෙයි! සිකුරාදා රට ලොක්ඩවුන් නොකළොත් සඳුදා සිට අපි ලොක්ඩවුන්! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.