• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පණ දෙන්න පුළුවන් තරම් හැඟීම්බර ඒ හඬ දැන් නෑ! Sri Lanka Latest News

January 21, 2025
in Heart
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

2024 කියන්නේ ප්‍රවීණ කලාකරුවන්, ඒ වගේම අපි හැමදෙනාම වාගේ තදින් ඇලුම් කළ කලාකරුවන් කිහිප දෙනෙක්ම ජීවන ගමනට ගුඩ් බායි කියලා නොඑන ගමන් ගිය අවුරුද්දක්. Sri Lanka Latest News

මන මෝහනීය ගී නදින් සුවහසක් සිත්සතන් සැනසූ ප්‍රවීණ ගායක සේනක බටගොඩ කියන්නෙත් එහෙම යන්න ගිය සුවිශේෂ කෙනෙක්. ඔහු ගියේ හරි හදිසියෙමයි. කවුරුත් හිතපු නැති වෙලාවකයි.
‘අයියෝ අපරාදේ…’

ඔහුගේ මරණය අහපු හැමෝම වාගේ එහෙම කිව්වා. අසීමිතව ඔහුට ඒ ගාම්භීර හඬට ප්‍රිය කළ දහස් ගණන් රසිකයන් අතර ජනකාන්ත ප්‍රවීණ නිළි තාරකාවක වූ ‘නාඩගම්කාරයෝ’ ටෙලියේ සුදු චූටි හෙවත් සෙනාලි ෆොන්සේකාත් හිටියා. සෙනාලි ඇගේ මුහුණු පොතේ වාගෙම ඉන්ස්ටග්‍රෑම් එකෙත් සේනක බටගොඩ ගැන හරිම සංවේදී සටහන් පවා කිහිප වතාවක්ම මුදාහැර තිබුණා. ‘හාට්’ එකේ මෙහෙම සටහනක් තියන්න හිතුණෙත් ඈ කතාබහකට ‘මව්රට’ හාට් එකට ආව වෙලාවකත් සේනක බටගොඩගේ සිත්කලු හඬ ගැන වාගෙම සුමධුර ගී පෙළහර ගැනත් හිතට දැනෙන තාලෙට කතා කළ නිසයි.
‘සේනක බටගොඩ කියන්නේ මියගිය කෙනකුට වුණත් පණ දෙන්න පුළුවන් තරමේ හැඟීම්බර හඬකින් සින්දු කියන්න පුළුවන් ගායකයෙක්. මම ඔහුගේ ගායන ශෛලියට තදින් ප්‍රිය කරන විශේෂ රසිකාවක්. විශේෂයෙන්ම ඒ රසිකත්වය තව තවත් අලුත් වුණේ නාඩගම්කාරයෝ ෂූටින්වලට ගියාම. නිවාඩු පාඩු විරාමයක සජිත අයියලා නිතරම වාගේ ගායනා කළේ සේනක බටගොඩගේ සින්දුමයි. ඒ වෙලාවට මම පුදුමාකාර ආසාවකින් ඒවා රසවින්දා. ඔහු කරන අලුත් නිර්මාණ ගැන පවා මම උනන්දු වුණේ ආකර්ෂණීය උමතුවකින් වාගෙයි. නිහඬ රෑක ඔහුගේ ගාම්භීර හඬ ස්වරයට සවන් දෙනකොට හිතට දැනෙන සුවය වචනවලින් කියන්න බැරි තරමයි. සත්තකින්ම ඒ තරම් මනරම් ප්‍රවීණ ගායන ශිල්පියකුගේ වියෝව කියන්නේ අතිවිශාල පාඩුවක්. ලොකු දුකක්. ඔහුගේ රිද්මය, හඬ, වචන හරිම හැඟීම්බරයි. ඒ වගේම ඒ හඬ කාටවත් අනුකරණය කරන්න බැහැ. කාටවත් හොරකම් කරන්නත් බැහැ. සේනක බටගොඩ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්.

සෙනාලි බොහොම සන්සුන්ව සේනක බටගොඩගේ වටිනාකම හා දුක්බර වියෝව ගැන කතා කෙරුවේ එහෙමයි.
සෙනාලි කියන්නේ ඇත්ත. අදටත් සේනක බටගොඩගේ සින්දුවක් වාදනය වෙනවා ඇහුණාම අපි හැමෝම වාගේ වොලියුම් එක ටිකක් වැඩි කරනවා. කරන වැඩේ ටිකකට හෝ නතර කරලා එයට වුවමනාවෙන් කන් දෙනවා.

‘අයියෝ… පොර නෑනේ ඉතින්…’
කියලත් හිතට අලුතෙන් මතක් කරලා දෙනවා. සෙනාලි කියන්නා වාගෙම ‘යං යං යං අපි සැනලසිල්ලේ…’ වාගේ නම්බර්ස් අහන කොට අනිවාර්යයෙන්ම සේනක බටගොඩ බ්‍රෑන්ඩ් එකක්ම තමයි කියලා හිතෙනවා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

VIP ලයිට් ගහගෙන ආපු වාහනය නවත්තලා ලයිසන් ඉල්ලුවා කියලා මන්ත්‍රී අර්චුනා පොලිසිය එක්ක මහපාරේ අලි වලියක් දාගෙන! ‘මම මන්ත්‍රී කෙනෙක්! මාව නවත්වන්න බෑ කාටවත් මෝඩයා.. යකෝ.. මුන්..! නීතිය අතට අරන් පිස්සු කෙළින මන්ත්‍රී අර්චුනාව මට්ටු කරන්න කවුරුත් නැද්ද? I Sri Lanka Latest News

Next Post

මාලිමාව පරද්දා සජබය ප්‍රමුඛ විපක්ෂය තවත් සමූපාකාර ඡන්දයක් දිනයි! මේ පාර මාදම්පාගම! ගම ආපහු කැරකෙන්න පටන් අරන්ද?I Sri Lanka Latest News

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.