• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සක්කාරං නාට්‍යයේ පුංචි ජයවතී මම තමයි…

August 4, 2021
in Heart
Reading Time: 4 mins read
A A
සක්කාරං නාට්‍යයේ පුංචි ජයවතී මම තමයි…
Share on WhatsAppShare on Facebook

මම ගොඩක් කැමැති ගැමි චරිතවලට…
මම ලබන අවුරුද්දෙ ශිෂ්‍යත්වෙ ලියනවා…

කවුද මේ පුංචි ජයවති? ඒ සිඟිති දියණියගේ රුව දුටු සැණින් ඔබ සොයන්නට ඇති. ඒ පුංචි දුවගේ සුරතල් හඬ වගේම ඇයගේ නර්තනයන්ද දැක මොහොතකට හරි සතුටු වෙන්නට ඇති. මේ පුංචි ජයවති අපිට හමුවුණේ ‘සක්කාරං’ ටෙලිනාට්‍යයෙන්. ඉතින් ඒ සිඟිති දියණියගේද දක්‍ෂතා ඔබ වරින්වර දැක තිබුණත් ඒ ගැන රටටම කියන්නට කිසිම මාධ්‍යයක් ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් ‘මව්රට’ ජාතික පුවත්පත මේ පුංචි දියණියගේ දක්‍ෂතාව ගැන රටටම කියන්නට අපි සෂායා දෙව්නාවි අප්සරා පුංචි දුවට කතා කළා.

සෂායා දුව මේ දවස්වල මොකද කරන්නේ?
අලුත් ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා.

අපිත් කැමැතියි ඒ මොනවද කියලා දැනගන්න?
‘ආරිවංශික’ සහ ‘ඉන්ටර්නැෂනල්’ දෙවැනි අදියර ටෙලිනාට්‍ය දෙකේ තමයි වැඩ කරන්නේ.

ඔබව ගොඩදෙනෙක් දැනහඳුනගත්තේ ‘ජයවති’ ලෙසට නේද?
‘සක්කාරං’ ටෙලිනාට්‍යයේ පුංචි ජයවති මම තමයි. ඒ ටෙලිනාට්‍යයේ මම කරපු චරිතය අදටත් ගොඩදෙනෙක්ට මතකයි.

ඔය පුංචි වයසට රෙද්ද, හැට්ටය ඇඳගෙන රඟපාන්න පුළුවන් වුණාද?
මුලදි නම් පොඩි අපහසුවක් දැනුණා. පස්සේ ඉතින් මම එයට හුරු වුණා. මම පෙර පාසල් යන කාලෙත් රෙද්ද, හැට්ට ඇඳගෙන වැඩිහිටි චරිත රඟපාලා තියෙනවා.

‘ජයවති’ චරිතයෙන් පස්සේ දුවට ආපසු රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන රඟපාන්න අවස්ථාව ලැබුණේ නැද්ද?
‘ආරිවංශික’ ටෙලිනාට්‍යයේ මම ‘යසවත්’ කියලා ගැමි චරිතයක් රඟපාන්නේ. එකෙත් රෙද්දයි, හැට්ටෙයි ඇඳගෙන තමයි රඟපාන්නේ. ඉදිරියේදී බලාගන්න පුළුවන් හැමෝටම.

දුව ගැමි චරිත රඟපාන්න ගොඩක් කැමතියි වගේ නේද?
ඇත්තටම ඔව්… මම ඒ වගේ දුප්පත්, අහිංසක ගැමි චරිත රඟපාන්න ගොඩාක් කැමැතියි. මට රඟපාන්න ආරාධනාවක් ලැබුණොත් මම ඉස්සෙල්ලාම බලන්නේ ගැමි චරිතයක්ද කියලා. ඊට පස්සේ පිටපත අපේ අම්මත් බලලා හොඳයි නම් මට රඟපාන්න කියනවා.

ඔයාට ටෙලිනාට්‍යවල මෙහෙම රඟපාන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මම ඉස්සෙල්ලාම ‘දිදුල’ රූපවාහිනී නාළිකාවේ ළමා නිවේදකාවක් ලෙසට හිටියා. ඊට පස්සේ මාව දැකලා ‘සුභා තෙරණියෝ’ චිත්‍රපටයට රඟපෑමට අවස්ථාවක් ලැබුණා. ගොඩාක් මට රඟපාන්න අවස්ථාව ලැබුණේ ‘සක්කාරං’ ටෙලිනාට්‍යයේ ‘ජයවති’ චරිතය දැකලා තමයි. මම එයට කලින් ටෙලිනාට්‍යවල පොඩි චරිත රඟපෑවා.

ඉතින් දැන් දුව ඉගෙනගන්න පාසල කොහෙද?
දියගම කනිෂ්ඨ විද්‍යාලය, හෝමාගම.

දුව දැන් කීවැනි පන්තියේද?
මම හතර වසරේ.

දුවගේ පාසලෙන් අවසර දෙනවද රඟපාන්න?
ඔව්… මගේ පාසලේ මම විතරයි රඟපාන්න සම්බන්ධ වෙලා ඉන්නේ. පාසලේ විදුහල්පතිනි දමයන්ති සේදරාරච්චි ඇතුළු පාසලේ සියලුම ගුරුවරුන්ගෙන් මට ලොකු සහායක් ලැබෙනවා.

දැන් ඔන්ලයින් අධ්‍යාපනකරණයත් නතර කරලා. දුවට පහසුවක් වුණාද ඔන්ලයින් හරහා ඉගෙන ගැනීමට?
අනේ නැහැ මාමේ… ලබන අවුරුද්දේ මම ශිෂ්‍යත්වය විභාගය ලියනවා. පාසලට ගිහින් ඉගෙන ගන්න තරම් ලොකු දැනුමක් ඔන්ලයින් හරහා ඉගෙනගන්න අමාරුයි. පාසලේ ගුරුවරුන් ඔන්ලයින් හරහා දුන්න පැවරුම් වැඩ මම ඉතින් කොහොම හරි කළා. ඒත් මම කැමැති ඉක්මනින් අපට පාසලට ගිහින් ඉගෙනගන්න අවස්ථාව ලැබෙනවාට තමයි.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලංකාවේ කොරෝනා මරණ චීනයත් පන්නයි!

Next Post

ණය වුණු රට බේරගන්න දෙමළ ඩයස්පෝරාව ලෑස්තියි! ඇල්ලේ හාමුදුරුවොත් සූදානම්! (VIDEO)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.