රඳවාගෙන ප්‍රශ්න කෙරෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවලට භාජනය වී තිබේ දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇත.Sri Lanka Latest News
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇති අතර, එම වෛද්‍ය පරීක්‍ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙසත් එහිදී නියෝග කර තිබේ.
ඒ අනුව එම වෛද්‍ය වාර්තාව මීළඟ නඩු දිනයේ අධිකරණය ඉදිරිපත් කළ ලෙසත් මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයේ සඳහන්ය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් පැවැත් වූ සත්‍යග්‍රහය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර තිබේ.
පසුගිය (08) වනදා කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී මෙම සත්‍යග්‍රහය සංවිධානය කළේ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විසිනි.










