ආර්ථිකය ගැන සාකච්ඡා වෙන අද දින සභාවේ ඉදිරිපත් වන අදහස් තුළ තහනම් වචන ගණනාවක් ඇති බවත් ජනතා පීඩනය, ජනතා අසහනය, ජනතා කළකිරිම, ජනතාවට ජිවත් වීමේ නොහැකියාව තහනම් වචනයක් වී ඇති බවත් මේ මොහොත වන විට අප රටේ දුප්පත්කම 30%ත් 40%ත් අතර ප්‍රමාණයකට වර්ධනය වී කර්මාන්ත කඩා වැටී ලක්ෂ ගණනින් රැකියා අහිමි වීම අපනයන දුර්වල වීම හා ගොවි ධීවර කම්කරු සාමාන්‍ය ජනතාව ව්‍යවසායකයන්ගේ ආර්ථික ක්‍රියාදාම පවා අඩපණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ප්‍රාථමික ගිණුමේ සාර්ථකත්වය ගැන රාජ්‍ය ආදායමේ සාර්ථකත්වය ගැන රජය කිව්වත් මේ සාර්ථකත්වය අත්කර ගත්තේ බදු ගැනීමෙන් බවත් බදු වැඩි කිරීමෙන් රාජ්‍ය ආදායම වැඩි කිරීමත් ප්‍රාථමික ශේෂය වර්ධනය කර ගැනීමත් ඔ්නෑම අයකුට කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදි පැවැති ආර්ථිකය සම්බන්ධ විවාදයේදී අදහස් පළ කරමිනි.
අප රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ව්‍යවසායකයන් මහා පරිමාණ කර්මාන්තකරුවන් එදා දශලක්ෂ ගණනින් රැකියා උත්පාදනය කළ ව්‍යාපාරිකයන්ගේ ආර්ථික ක්‍රියාදාමය පවා අඩපණ වී ඇති බවත් එදා ඇගලුම් කම්හල් 200 වැඩසටහන ආරම්භ කළා සේ රජයට අද දින ද කර්මාන්තශාලා ආරම්භ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකි වුවත් එවැනි දෙයක් සිදු නොකර පුද්ගලයන් මත ඇති බදු වැඩි කර ආයතන මත ඇති බදු වැඩි කර වැට් බදු 8% සිට 18% දක්වා වැඩි කර 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් එකතු කර ඇති බවත් 2024 ජනවාරි සිට අද වන විට අලුතින්ම නිදහස් කළ භාණ්ඩ හා සේවා 97ක අලුත් බදු බර වැඩි කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
74%ක්ව තිබූ සිගරට් බද්ද 66.8%ට අඩු කළා
නමුත් රජය සිගරට් බදු පමණක් වැඩි කර නොමැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සිගරට් මත ඇති බදු 75% විය යුතු බව පවසන බවත් 2028 දී 74%ක් ව තිබූ සිගරට් බද්ද අද 66.8% දක්වා අඩු කර ඇති බවත් වැට් බදු ආදී සියල්ල වැඩි කළත් රජය ජනතාව කර පිට විශාල බදු පැනවුවත් සිගරට් මත ඇති බදු පමණක් අඩු කර ඇති බවත් එදා රු. 9ක් ලෙස ගැසූ බද්ද අද රු. 8 දක්වා අඩු කර ඇති බවත් බදු රුපියලකින් අඩු කිරිම නිසා රටට රු. බි. 17.3ක රාජ්‍ය ආදායම අහිමි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එක පෑන් පාරින් සිගරට් මත ඇති බදු අඩු කිරීම නිසා රජයට රු. බි. 17.3ක් පාඩුයි
ආපදා ක්ෂේත්‍රයේ අයවැය රු. බි. 14.8ක් වුවත් ඊටත් වඩා රු. බි. 1.2කින් ලබා ගත හැකි ආදායම සිගරට් බදු අඩු කිරිම නිසා අඩු වී ඇති බවත් පෝෂණ හා සුරක්ෂිතභාවය වෙනුවෙන් රු. බි. 12.9ක් වෙන් කර ඇති මුත් ඊටත් වඩා රාජ්‍ය ආදායම සිගරට් බදු අඩු කිරිම නිසා අහිමි වී ඇති බවත් මාතෘත්වයට නිවාඩු ප්‍රතිලාභය ලබා දීමට රු.බි. 7.2ක් බවත් ඊටත් වඩා විශාල ලෙස බදු ආදායම රටට අහිමි වී ඇති බවත් දැන්වත් එක පෑන් පාරින් රාජ්‍ය ආදායම රු. බි. 17.3කින් වැඩි කර අහිංසක ජනතාවට සහන දී අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්න යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජනතාව අතරට ගොස් සැබෑ බඩු මිල ගැන අහන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය කෙසේ වෙතත් සයිබර් අපරාධකරුවන්ගේ මූලස්ථානයක් වෙලා
සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට අප රට පත් කරනවා කිව්වත් විවිධ නීතිය ලිහිල් කිරීම් තුළ සයිබර් වංචාවල මූලස්ථානයක් බවට අප රට පත්ව ඇති බවත් අද වන විට කාම්බෝජයේ පිලිපීනයේ සිටින සයිබර් වංචාකරුවන් අප රටට පැමිණ සයිබර් වංචාවල මූලස්ථානය බවට පත් කර ඇති බවත් මේ ගැන සොයා බලන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විශ්‍රමිකයන්ගේ 15% පොළි සහනය ලබා දෙන්න
අප රටේ වැඩිහිටි විශ්‍රාමික ජනතාවගේ අරමුදල්වලට 15%ක පොලියක් ලබා දුන්නත් මේ රජය ඒ පොළිය පවා කප්පාදු කිරීම නිසා ලක්ෂ ගණන් වැඩිහිටි විශ්‍රාමික ජනතාව මේ නිසා අසහනයට පත්ව ඇති බවත් දැන්වත් මේ පොලි ආදායම ඔවුන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










